ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවී කණිෂ්ඨ විදුහලේ පුංචි දරුවෝ එක්ව එම ප්‍රදේශයේ වෙනත් පාසැලක ස්නායු ගත රෝගී තත්වයකින් දෙකකුල් අප්‍රානික වු එස්.එම්.ජී ටෙෂානි චමල්කා දැරියට රෝද පුටුවක් ඇතුළු වැසිකිලි කැසිකිලි ආධාර උපකරණ තොගයක් පරිත්‍යාග කළහ.
ටෙෂානි චමල්කා ගලහිටියාව ගනේමුල්ල හේමමාලී මහ විදුහලේ විශේෂ අධ්‍යාපන ඒකකයේ ඉගෙනුම ලබන දැරියකිි. ඇගේ ඉනෙන් පහළ කොටස ක්‍රියාත්මක නොවීම නිසා ඇය දැඩි ස්නායු රෝගී තත්වයෙන් පසුවෙයි.
දැඩි දරිද්‍රතාවයෙන් පෙලූන ඇගේ දෙමව්පින්ට පුංචි ටෙෂානිව පාසල් රැගෙන ඒම මහත් අසීරු කාර්යක් විය. රෝද පුටුවක අවශ්‍යතාවය ඔවුන්ට තදින්ම දැනී තිබු මොහොතත කුඩා දරුවෝ කළ මෙම ක්‍රියාව ඔවුනට මහ මෙරක් විය.
ටෙෂානි සිය මවත් පියාත් සමග ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවී කනිටු විදුහලට පැමිණියේ ඇගේ මවගේ දෑතේ සවියෙනි. ඇගේ මව මහත් ආයාසයකින් ඇය වඩාගෙන පැමිණි අයුරු ඉතා සංවේදී විය.
එම අවස්ථාවේදී සුනේත්‍රාදේවී කනිටු විදුුහලේ දිමදි විමංශා සහ අකිත දේශාන් යන දරුවෝ පුංචි ටෙෂානිට රෝද පුටුව පරිත්‍යාග කළහ. සියලූ දරුවෝ අත්පොලොසන් දුන්හ. ටෙෂානි ප්‍රීතියෙන් ඉපිළ ගියාය. ඇගේ මව සාරි පොටෙන් කඳුළු පිස ගත්තද යළි සිය දියණියගේ සිනහව දැක ඇයද සිනහසුනාය.
ටෙෂානි ඉගෙනුම ලබන පාසල වන ගනේමුල්ල හේමමාලි මහා විදුහලේ කණිෂ්ඨ අංශයේ විදුහල්පතිනිය තමරා දයානි මහත්මියද මෙම අවස්ථාවට පැමිණි සිටි අතර අන් අයට පිහිටවීමේ ගුණ මෙම දරුවන් පාසලින් හුරු වී තිබීම අගය කළාය.
ඇයද එම අවස්ථාවේ මෙයට කෘත ගුණ සැලකීම වෙනුවෙන් ඇගේ පාසල් වෙනුවෙන් සුනේත්‍රාදේවී විදුහලේ පුස්තකාලයට පොත් පත් ලබා ගැනීම සඳහා මුදල් ආදාරයක් ලබා දුන් අතර එහිදී සුනේත්‍රා දේවී විදුහල්පතිවරයා විසින් එම මුදලද ටෙෂානිගේ දෙම්විපියන්ට පරිත්‍යාග කළේය.
මෙම පාසලේ ඉගෙනුම ලබන අකිත දේශාන් දරුවාගේ පියා පුංචි ටෙෂානි පාසල් පැමිණීමට දරන දුෂ්කරතාවය දැක ඒ බව විදුහල්පති එම්.ජී රන්බංඩා මහතා ඇතුළු ආචාර්යය ණ්ඩලයට දන්වා ඇත.
නොවැම්බර් 6 වෙනි දිනට යෙදුණු ඉල් පෝය වැඩසටහන නිමිත්තෙන් කුඩා දරුවෝ විදුහල්පතිවරයාගේ උපදෙස් මත සියළු ගුරු භවතුන්ගේ උපකාරයෙන් දෙමව්පියන්ගේ ආධාර ඇතිව මෙම කටයුත්තට එක් වුහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමා මනුස්ස ලෝකය (දිල්)
මේ දරුවන්ට වැඩි වැඩියෙන් ලැබේවා (දිල්)
අපේ දරු දැරියන්ගේ එකමුතු කම දකින කොට හරිම ආදරයක් ඇති වෙනවා.දුවේ පුතේ ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න අපෙන් ආසිරි !(දිල්)
පුංචි දරුවන්ගේ වැදගත් අදහසක්.(හේ)
හදවතින්ම ආචාරය.(හේ)
සතුටු දායක ප්‍රවෘත්තියක්.(හේ)
තවමත් ලංකාවේ මිනිසුන්ගේ සංස්කෘතික වටිනාකම් වඳ වෙලා නැහැ. පුංචි පුංචි තාරක ඉතිරි වෙලා තියනවා දැක්කම ඇස වලට කදුළු පිරෙනවා. සුබපැතුම්. (දිල්)
බුදුසරණයි දෙවි පිහිටයි. දුවලා පුතාලා ඔක්කොටම රටේ අනාගතය බාරගන්න ඉන්න මේ දරුවෝ ඔක්කොම රටට ලොකු ආදර්ශයක් විදුහල්පති තුමා මුලිකත්වය අරගෙන කරන මේ කුසල කර්මයන් ලංකා වාසි හැම දෙනාටම ලොකු දර්ශයක් අපේ සංස්කෘතික වටිනාකම් ඉදිරියට ගෙනියන්න ලොකු පිටුවහලක්.සැමට ජය සහ සතුට පිරි ජීවිතයක් ලැබේවා !!!(හේ)
ගම්පහ පාසලක හොඳ පවතින වැඩක් කරානම් පළවෙනියට ඒ අපේ සුනේත්‍රා දේවි පුංචි ඉස්කෝලේ ඒ වගේ හොඳ අදහස් පහළ වෙන්න ආදර්ශවත් විදුහල්පති තුමෙක් ඉන්න එක අපේ දරුවන්ගේ සහ දෙමවුපියන්ගේ ලැබීම ඉදිරියටත් මෙවන් දෙයක් කිරීමට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා! (බ)
රත්තරන් දරුවන්ට බුදුසරණයි!! දැයේ වාසනාවට බිහි වූ උසස් මනසක් ඇති විදුහල්පති තුමෙක්.(හේ)
මගේ රට ගැන මට සතුටයි අපේ හෙට දිනය මේ දරුවන්ගේ සිනහවෙන් බැබලේවි සියලු දෙනාට බුදු සරණයි !!.(හේ)
යහපත් සත් ක්‍රියාවක්.(හේ)
ගම්පහ,ඉඹුල්ගොඩ,ගනේමුල්ල ගම්වල හොද දානපතියෝ වගේම ඉහළ තනතුරු දරන වැදගත් නිලධාරින් බහුලව ඉන්න ප්‍රදේශයන්. මෙවැනි අයට පිහිටවීම මහත් ඵල ආනිසංශ දෙන උතුම් සත් ක්‍රියාවක්.(හේ)
බොහොම හොඳ වැඩක්. ඔය වගේ ආධාර අපිටත් දන්වන්න. අපිත් උදවු කරන්න ලැහැස්තියි. (ස)
හරි මග පෙන්වන මෙවැනි ගුරු බවතුන් සදා වාසනාවන්. කුඩා කලම මෙවන් උතුම් ක්‍රියාවන්ට යොමු කිරීමෙන් මුළු දිවියම අන් අයගේ දුක හදුනන ,දුකට පිහිටවන උතුම් මිනිසුන් බිහිකරවන ,එකමුතුකම අගය කරන වාසනාවන්තයින් බිහිකරන ඔබ සියලු දෙනාට ගොඩක් පින්.(හේ)
වටිනා ආදර්ශයක්. ඒ වගේම මේ දියණියගේ රෝගී තත්වය සුවපත් කිරීමට මෙම පුවත දකින යම්කිසිවෙක් ඉදිරිපත් වන්නේ නම් ලොකු පිනක් . අපි සැමටත් දායක වන්න පුළුවනි. (බ)
මෙම දරුවන් කරපු සත්ක්‍රියව මම අගයකරමි. නමුත් වෙන දරුවන් දුවල පැනල සෙල්ලම් කරනවිට මේ දරුවට මොනතරම් දුකක් ඇතිවෙනවා ඇද්ද. (බ)
අගය කලයුතු දෙයක් මෙය. ගුරු මණ්ඩලයට හා දරුවන්ට අපගේ ආශීර්වාදය. (ර)
මේවැනි සත්කාරයන්ට මුල්තැන දෙන අපේ ජනාධිපතිතුමාට ජය වේවා.! (ර)
වැඩෙත් හරිම ලස්සනයි. මේ පාසල් ගීය නිතර දෙවේලේ ඇසෙන "සින්දු" කියලා හඳුන්වන ඒවාට වඩා කොච්චර සුන්දරද? තව තවත් ගුරු මහත්ම මහත්මීන්ට මෙවැනි දේ කිරීමට ධෛර්ය හා ශක්තිය ලැබේවා! (නි)