IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තවත් ජාවාරමක අයකු රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොළඹ රාජකීය විද්‍යාලයේ දරුවකු හදිසියෙ රෝහල් ගත කර ඇති බව දන්වමින් දරුවාගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී ශල්‍යකර්මයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් බැංකු ගත කරන ලෙසට සාපරාධී බිය ගැන්වීමක් සිදුකලැයි කුරුඳුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසිංහ මහතා පෙරේදා (11) නියෝග කළේය.

මෙම සැකකරු, අදාල දරුවාගේ පන්තිභාර ගුරුවරයා ලෙස පෙනී සිටිමින් මෙම ඇමතුම ලබාගෙන ඇතැයිද කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ රන්දෝලියාගල, 20 කනුව, මාපාකඩවැව මහියංගණය පදිංචි ගම්හේවාලාගේ ආනන්ද අමරසිංහ රාජපක්ෂ නමැත්තාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ කඳානේ පදිංචි නිලන්ත සංජීව අඹගහවත්තගේ නමැති ප්‍රවර්ධන කළමනාකරුවකු විසිනි.

ඉකුත් 27 වැනි දා උදෑසන 8.40ට පමණ තම බිරිඳගෙ ජංගම දුරකථනයට පුද්ගලයකු ඇමතුමක් ලබා ගනිමින් තමන්ගේ වැඩිමහලු පුත්‍රයා අසනීපව රෝහල් ගතකල බවත් හදිසි ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය බැවින් රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පනස් දාහක මුදලක් ඉක්මනින් බැංකු ගත කරන ලෙසට දැනුම් දී ඇති බවත් පැමිණිලිකරු සඳහන් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

 



අදහස් (5)

තවත් ජාවාරමක අයකු රිමාන්ඩ්

Perera Sunday, 12 November 2023 10:41 PM

මෙත් රාජපක්ෂ කෙනෙක්...!

:       0       4

Rajun de Silva Monday, 13 November 2023 07:59 AM

මේකට අල්ලපු එකා රාජපක්ෂ කෙනෙක්. හොරකමයි කපටිකමයි මොවුන්ගේ ජානවලම තියෙන්නේ...

:       0       9

විජේ Monday, 13 November 2023 02:02 PM

රාජපක්ෂ කියන්නේ හොරුන්ට කියන නමක්ද?

:       0       2

Bamunuarachchi Tuesday, 14 November 2023 05:47 AM

විජේ රාජපක්ෂ හොරු නොසිටින්න ඔබලා කාණුවට බහින්නේ ප්‍රබාකරන් නඩේ එනකොට. අවුරුදු 30 කාලේ අවුරුදු දෙක තුනෙන් අමතක උනා නේද? ඒක ඔබේ වරද නොවෙයි සිංහල ජාතියේ වැරැද්ද. සිංහලයාගේ ඒ පාහර ගතිය ප්‍රබාකරන් දැනගෙන හිටිය.

:       1       0

Bamunuarachchi Monday, 13 November 2023 05:59 PM

ඔවැනි සිද්ධියක් කොරෝනා කාලේ කැනඩාවේ අපිට සිද්ද වුණා.. මගේ පුතා call එක දීපු එකාට කිව්වේ වෙන රස්සාවක් හොයා ගනින් මිනිහෝ කියලා. ඔවැනි සිද්ධි කැනඩාවේ සිද්දවෙනවා.. ඒවාට අහුවෙන අය මෙහෙ නැහැ. Homeless කියලා බෝඩ් අල්ලාගෙන ඉන්නවා.. ඊට පස්සේ කාර් එකේ නැගලා යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site