කොළඹ සිට සිට වෙලම්බඩ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවාහනය කරමින් තිබු ලොරියක් අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පවසයි.
කසල තේ කිලෝ ග්‍රැම් 3250 ක් මලු 129 ක පුරවා තිබූ බවද කියති.
එම තේ පරික්ෂා කිරිම සඳහා සාම්පල් ගම්පොළ සහකාර තේ කොමසාරිස් වරයා ට යැවු බවත් ලොරි රියදුරා අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇති බවත් පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීලට කෝටි ගණන් වටිනා වාහන ගන්න මිනිසුන්ට බදු ගහන්න ඕනෑ. ඉහළ යන බදු ගෙවන්න සමහරු හොර වැඩ කරන්නත් පෙලඹිලා. මේක චක්‍රයක්. (නි)
කාවින්ද හරි. දැන් හුඟ කාලයක් මහනුවර ගම්පොල, වෙලම්බොඩ, දවුලගල ප්‍රදේශ වල එළිපිට පොලිසියේ, දේශපාලකයන්ගේ අනුග්‍රහයත් ඇතුව කෙරෙන ලොකු ජාවාරමක් මේක. ඕවා ගෙනිහිල්ලා හුණු දාලා තව එක එක ජාති දාලා හදලා හොඳ මිලක් යටතේ විකුණනවා (නි)
මේ රටේ වැඩි හරියක් වෙන්නේ වැරදි වැඩ නේද.? (ර)
මත්ද්‍රව්‍ය වගේම මේ ප්‍රශ්නයත් වැදගත් කියල මට හිතෙනවා. සම්පුර්ණයෙන් මුලිනුපුටා දැමිය යුතු දෙයක්. (ර)
මොනවද මේ කසල තේ කොළ? මොනවද කරන්නෙ මේ කොළවලින්. මේවා පරණ තේ කොලද නැත්නම් මත්ද්‍රව්‍ය වර්ගයක්ද?(හේ)
පුදුම හොරු ඉන්න රටක්. මේ වගේ වැඩ හින්දා ලෝකේ හැමෝම දනනවා දැන් ලංකවේ හැටි (නි)
ලංකාවේ තේ වල මිල පහළ වැටෙන්ට ප්‍රධාන හේතුවක් මේ කසල තේ අපනයනය. මහනුවර ගම්පොල, වෙලම්බොඩ, දව්ලගල, ප්‍රදේශ වල එළිපිට පොලිසියේ, දේශපාලකයන්ගේ අනුග්‍රහයත් ඇතුව කෙරෙන ලොකු ජාවාරමක් මේක. මේක නතර නොකළොත් ලංකාවේ තේ කර්මාන්තයට දෙවියන්ගේම පිහිටයි. (නි)