ඇමති මණ්ඩලය සඳහා ඇමතිවරු තිස්දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් පත් කිරීම මඟින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති හෙයින් දැනට පත් කර ඇති ඇමති මණ්ඩලයේ ඇමතිවරුන්ගේ සංඛ්‍යාවට වඩා තවත් ඇමතිවරුන් පත් නොකරන ලෙස ජනාධිපතිවරයාට නියෝග කරන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
හඳපාන්ගොඩ පදිංචි නීතීඥ අරුණ ලක්සිරි විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
එම පෙත්සමේ වැඩිදුරටත් සඳහන් වූයේ ඉකුත් අගෝස්තු 17 වැනිදා පැවති මහමැතිවරණයේදී ඡන්ද දායකයෙක් ලෙස තමා ඡන්දය භාවිතා කළ බවත්, මැතිවරණයේ ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මේ වන තෙක් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම හෝ එම ජාතික ආණ්ඩුවේ ප‍්‍රධානියා වීමට ජනාධිපති ක‍්‍රියා නොකළ බවය. එසේම ජනාධිපතිවරයා නව ආණ්ඩුවේ ප‍්‍රධානියා වුවද ජාතික ආණ්ඩුවේ ප‍්‍රධානියා වීමට හිමිකම් නැති බවද පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සිටී.එබැවින් සිය පෙත්සම විභාගයට ගන්න ලෙසත් ,නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වන බව ප‍්‍රකාශයට පත් කරන්නැයිද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් , අකිල මහත්වරුනි, මේවා එච්චර ගණන් ගන්න එපා. මේවා බොහොම සුළු දේවල්. අපි රට වෙනුවෙන් පටි තද කරගන්න පුරුදුවෙමු (නි)
ඔහුට නිසි සාධාරණයක් ඉටුවේවා! (බ)
හතු පිපෙනවා වගේ ඇමතිවරු දානවා. මේක හරි විහිළුවක්නේ. ඉතිරි ටිකටත් දීලා දැම්මා නම් ඉවරයි. අන්තිමේදී මුළු පාර්ලිමේන්තුවම ඇමතිවරු (නි)
මෙතන ජාතික ආණ්ඩුවක් පෙනෙන්නේ නැහැ මට නම්. ජාතික ආණ්ඩුවක නම් අඩු වැඩියෙන් සියලුම පක්ෂ සහභාගි වියයුතු වන අතර විපක්ෂයක් තිබිය නොහැක. මෛත්‍රී මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ තිබුනා ඇමති මඩුල්ල 30 ට 35 සීමාකරන බව. අපිත් කිව්වා වේදිකා වල. කෝ වුණාද? කළාද? නැහැ. ඇමතිකම් දුන්නා ඔක්කොමට. මහින්දත් කළේ ඕකම තමා එදා. (නි)
මේකද යහපාලනය? ජනවාරි 8 කිවුවේ මේවද? මතකද ඔබට? (නි)
ඇයි ඇමතිකම් එපා කියන්නේ? එයාලා වේදිකා ගානේ උගුරට ලේ රහ වෙනතුරු කෑගැහුවේ මොකටද? (නි)
ඡන්දය කාලෙ මමත් හිටියේ ජනාධිපතිතුමාගේ පැත්තේ. හොඳ අදහස් වේදිකාවේදී ප්‍රකාශ කළා.දැන් ටික ටික ඒවා අමතකවෙලා වගේ (නි)
දැන් අපිට වැටහෙනවා (නදී)
ඔහුට නිසි සාධාරණයක් ඉටුවේවා! (නි)
ජනමතයට සිදුව ඇති දේ ගැන ඇත්තෙන්ම කණගාටුයි (නි)
අපරාදේ අපේ ඡන්දය! (නි)
මනෝජ්, අපි කරන දේ පිළිගන්න බැරිද ඔයාට? (නි)
මේ රටේ ජනතාව හැමදාම රැවටෙනවා. ඕවා ඔය විදියට වෙන බව අපි දන්නවා. අපේ ජනතාව හිතුවේ මේ වතාවේ ඇත්තටම වෙනසක් වෙයි කියලා (නි)
ජාතික ආණ්ඩුවක් කිව්වට එහෙම එකක් දැන් අපිට පෙනෙන්නේ නම් නැහැ (නි)
රාජපක්ෂලා එක්කෙනෙක්වත් ඇමතිලා නොකර මුළු පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ඇමතිලා කළත් මට නම් කමක් නැහැ (නි)
වෙනසකට මුලපිරුවා පමණයි... (නි)
අපේ සෝභිත හාමුදුරුවනේ , අපි දැන් කුමක් කරමුද? (නි)
ඒ කාලේ ඒ වාගේ කිව්වට දැන් අපි පටි තද කරගන්න පුරුදු වෙලයි ඉන්නේ මහත්තයෝ (නි)
අපි හිතපු දේවල් නෙමෙයි දැන් දැන් වෙන්නේ (නි)
ඔහොම යමු! තව දෙතුන් දෙනෙක් ඕනෑ සියය පනින්න. (නි)
මේ ඇමතිලා උප ඇමතිලා ඔක්කොම අපේ සේවකයෝ. සාමාන්‍ය මිනිසුන්ට ගරුකරලා කතා කරන්න මේගොල්ලන්ට බලකරන්න ඕනෑ. පාරේ යනකොටත් මේගොල්ලන්ට පඩිගෙවන දුප්පත් ජනතාවට කරදරයක් නොවෙන විදියට යන්න හිතට ගන්න ඕනෑ. (නි)
තිබුණ පාලනය විවේචනය කර යහපාලනය හඳුන්වා දුන්නා.මෙතුවක් කාලයක් නොතේරුණ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල කෙසේද යන්න දැනුයි අපිට තේරෙන්නේ. (නි)
මිනිස්සු තමුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළේ නැත්නම් පාලකයෝ හැමදාමත් පිස්සු නටනවා. ඇමති මණ්ඩලය 20 ට වැඩි වෙනකොටම රටම එකා වගේ ඒකට විරෝධය දැක්විය යුතුව තිබුනා. (නි)
ඔබේ මේ ඉදිරිපත්වීම හදවතින්ම අගය කරමි. ජනතාව වෙනුවෙන් කළ ඉදිරිපත්වීම අගය කළයුතුයි. මෛත්‍රී පාලනයක් පොරොන්දු වලට අනුව හා ඒ තුළින් ලද බලයක් හෙයින් ඇමති මණ්ඩලය 20 ඉක්මවායාමට ජනවරමක් ලැබී නොමැත. (නි)
මෙලෙස නැඟීසිටින්නවුන් දැකීමත් සතුටක්. ඔබට ජයවේවා! (නි)
මහානාම මැතිතුමනි,කුණු හෝදන කාර්යය අත්හැර නැහැ නේද? ඔබ කියන විදිහට තව සැරයක් දිනුවා නම් අපට පටි නොව බෙල්ල මිරිකාගන්න වෙනවා. ඔබට අද නොපෙනෙන දේ හෙට දැනේවි (නි)
නිමල් රාජපක්ෂ මහත්මා, ඔබ මගේ ප්‍රතිචාරය නොකියවාම කෙළින්ම පාට කණ්ණාඩිය දාගෙන. කරුණාකර නැවත කියවා බලා තේරුම් අරගෙන විවේචනය කරන්න. බොහොම ළගදී පටි තද කරන්න නොවේ මුහුදට පනින්න වෙන්නේ මේ යන විදිහට. ඔබතුමා ලංකාවේ නොවේද ඉන්නේ?දැන්වත් ඔය කණ්ණාඩි දෙක ගළවා යථාර්ථය දෙස සත්‍යවාදී ලෙස බලන්න (නි)
නිමල් රාජපක්ෂ මැතිතුමනි , රට වෙනුවෙන් පෙනීසිටීම හා කතාකිරීම මැරෙනතුරු අත්හරින්නේ නැත. මොකද නිදහස් අධ්‍යාපනයේ දරුවෝ හැටියට මේ රටේ නීතිගරුක , රටට ආදරේ කරන පුරවැසියෝ හිටියට අපේ ජාතික වගකීමක් තිබෙනවා. ඒක නිසා පක්ෂ පාට බේද අතහැර අපි රට වෙනුවෙන් කතා කළයුතුයි නේද? බලන්න අද රට යන දිශාව.මොන පැත්තද සාධාරණීකරනය කරන්න පුළුවන්? (නි)
නියමයි මහත්තයෝ. ජයවේවා! (නි)
ඇත්ත තමයි. මේ වෙලාවේ අපිත් මෙතුමාට උදවු කරන්න ඕනෑ (නි)
ඔබට ජය! වැඩිම අදහස් ඔබටයි (නි)
ජනමතය දැනගන්න මේ ටිකම ප්‍රමාණවත් නැහැ පාලිත. (නි)
මෙගා ඇමති මණ්ඩලය නවත්වා ජනතාව මත පැටවෙන බදු බර වැළැක්වීමට ක්‍රියාකරන ඔබ ජාතික වීරයෙකි (නි)
සොයුර, මෙගා කැබිනට්ටුව නවතාලිය හැකි නම් සැබෑවටම ඔබ ලංකා මාතාවට නිල් මිණි කැටයකි. (නි)