ඇමැති මණ්ඩලයට වැඩි සංඛ්‍යාවක් පත් කිරිමෙන් ජනාධිපති සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති හෙයින් තවත් ඇමැතිවරුන් පත් නොකරන ලෙස ජනාධිපතිට නියෝග කරන අතරු තහනමක් ඉල්ලා නිතිඥයකු ගොනු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරිම මැයි 03 වැනි දාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) තීන්දු කළේය.
අනිල් ගුණරත්න සහ බුවනෙක අළුවිහාරේ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම විභාග කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සේරම රැවටුනා. අප්පච්චි, නැවත එන්න (නි)
ඇමතිවරු වැඩිය පත්කරන්නේ නැහැ කියලා බලයට ඇවිල්ලා ජනතාවට බොරු කරපු එක තමයි වැරැද්ද (නි)
අනේ එහෙම කරන්න එපා. (ර)
මේවගේ පාප කර්ම රටක ඉපදීම දුකක් (බ)
අපි වගේ පුංචි රටකට මන්ත්‍රීවරු 225 ක් මොකටද? කටාර්වල මන්ත්‍රීවරු 50 යි . දෝහා වල 35 යි. අපි කොහොමද මෙච්චර ගානක් නඩත්තු කරන්නේ.? ඒ මදිවට පළාත් සභා මන්ත්‍රීවරු? මිනිස්සු තැලෙන්නේ මේගොල්ලෝ නඩත්තු කරන්න ගිහිල්ල. (බ)
ජනගහනයට සාපේක්ෂව මැති ඇමතිවරු වැඩි අතර එය රටට දැරිය නොහැකි බරකි.මෙය අඩු කිරීමට නොහැකි දෙයක් නොවන නමුත් එවැනි පියවරක් ගැනීමට හිටපු හා පවතින නායකත්වයන්ට ධෛර්යක් නොමැති බව විද්‍යාමාන නමුත් ඉදිරි නායකත්වයකට හෝ ඒ සදහා ජාතියේ නාමයෙන් ධෛර්යක් , සිතක් පහල වේවා!! (බ)
සාගරයක් මැද පුදුම රටක් ඇත. මමත් ඉතින් ඒ රටේම සාමාජිකයෙකි (නි)
අපි සේරම රැවටුනා. අප්පච්චි, නැවත එන්න (බ)
මහින්ද රාජපක්ෂයි , ජේ ආර් ජයවර්දනයි , රණසිංහ ප්‍රමදාසයි තුන්දෙනාම ජනපති වෙන්න කලින් සහ ජනපති වෙලා රටට ලොකු සේවයක් කළා. වෙන වෙන වැරදි ඔවුන් අතින් සිදු උනත් හොඳ වැඩ ගොඩක් කළා. ඇමතිලා ගත්තම ලලිත් ඇතුලත්මුදලි , ගාමිණි දිසානායක ගේ නම ඇරුනම රටට පැහැදිලි සේවයක් වෙන වැඩක් කරපු ඇමති කෙනෙක්ගේ නමක් 1977 න් මගේ මතකයට එන්නේ නෑ . (ර)
මෙන්න නියම නීතීඥවරැ. තම බඩ ගැන නෙමෙයි රට ගැනයි මුලින්ම හිතන්න ඕනැ. (ර)
රටේ බහුතරයන් ඌන පෝෂණයෙන් පෙළෙන රටක කන්න බොන්න තිබෙනදේට බදු ගහලා මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද වැඩි කරගැනීමත් මුළු රටේ ජනතාවගේම මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි. (නි)
තවත්නම් එපා ඇමතිකම්. (ර)
රැකියා දශලක්ෂයට බාදා නොකරනු.! (ර)
මන්ත්‍රීතුමාලා පාර්ලිමේන්තුවට යන්න ඡන්දෙ කරන්නේ ගේ දොර උගස් තියලා. ඇමති කෙනෙක් වෙලා කීයක්හරි හොයාගන්න තිබෙන චාන්ස් එක නැතිවුණාම කොහොමද ඡන්ද ව්‍යාපාරේ කරගෙන යන්නේ? ජනතා මුදල් පරිහරණය කරන්නේ ජනතා නියෝජිතයෝ නැතුව වෙන කවුද? (නි)
තාම පටන් ගත්ත විතරනේ, අනිත් එක යන්තම් 100 පැන්න විතරනේ තාම. අපි වගේ අති විශාල ආර්ථිකයක් තියන රටකට ඇමතියෝ 100-150 ඉන්න ඕන. ඇමෙරිකාව, චීනය, රුසියාව, වගේ පුංචි රටවලට තමයි ඇමතිවරු 10-15 ඉන්නේ. ඊයේ වුනා වගේ ඔබට විරුද්ධතා පෙළපාලි යාවි 'යෝධ සංවර්ධනයට ඉඩ දෙන්න ඇමතිවරු වැඩි කරන්න ඉඩ දෙන්න' කියල ළඟදීම... (කෞ)
මොන අැමැතිකම්ද ? ලැජ්ජාවක් තියේ නම් එක්කෙනෙක්වත් ඇමතිකම් ගන්නේ නැ. (බ)
පිස්සුව ඩබල් වෙනවා ආණ්ඩුවේ (බ)
ඇමතිකම් ගන්න අයටත් ලැජ්ජා නැහැ. දෙන අයටත් ලැජ්ජා නැහැ. ඡන්දේ දෙන අපිටත් ලැජ්ජා නැහැ. (ර)