IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


තවත් අද්භූත කුලුනක් රුමේනියාවෙන්

 
ඇමරිකාවේ යුටා කාන්තාරයේ තිබී පසුගිය සතියේ අරුම පුදුම ලෝහ කණුවක් සොයාගැනීමෙන් පසු ඊට සමාන ව්‍යුහයක් රුමේනියාවෙන් හමුවී ඇතැයි වාර්තා වේ.

මෙම දිළිසෙන ත්‍රිකෝණාකාර කුළුණ රුමේනියාවේ පියෙට්‍රා නියම්ට් නගරයේ බැටිකා ඩොම්නි කන්දෙන් හමුවී තිබේ.
මෙම කඳුමුදුණේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පෙට්‍රොඩාවා ඩේසියන් බලකොටුවට මීටර් කිහිපයක් ඈතින් මෙම කුළුණ දක්නට ලැබී ඇත.

ත්‍රිකෝණාකාර ව්‍යුහයේ උස අඩි 13ක් පමණ වන අතර ඒහි ඒක් පැත්තක් පූජනීය සීහ්ලාවු කන්දට මුහුණලා ඇත.
සීහ්ලාවූ, රුමේනියාවේ වඩාත් ප්‍රසිද්ධ කඳු අතරින් ඒකක් වන අතර ඒය ඒරට ස්වාභාවික පුදුම හතෙන් ඒකක් ලෙස ලැයිස්තු ගතකර තිබේ.
මෙම අද්භූත කුළුණ ඉදිකර ඇත්තේ කවුරුන්දැයි යන්න නොදන්නා බව රුමේනියානු බලධාරීහු පවසති.

“ඒය පිහිටා තිබෙන්නේ පුරාවිද්‍යා ආරක්ෂිත ප්‍රදේශයක, ඒම ස්ථානයේ යමක් ස්ථාපනය කිරීමට පෙර සංස්කෘතික අමාත්‍යාංශය විසින් අනුමත කළ යුතුයි. මෙම කුළුණේ අයිතිකරු කවුදැයි අපි නොදනිමු.” යැයි මේ සම්බන්දව අදහස් දක්වමින් සංස්කෘතික උරුමයන් පිළිබඳ ආයතනයේ නිලධාරී රොක්සානා ජොසානු පවසයි.

යුටා කාන්තාරයෙන් හමුවූ හඳුනානොගත් කුළුණ යම් කිසිවකු විසින් ඒම ස්ථානයෙන් ඉවත් කර ඇති බව ද දින දෙකකට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඒම කුළුණ කුමක් විය හැකිද යන්න සම්බන්දව ද බොහෝ මත පලවුණු අතර ඇතමෙක් අනුමාන කළේ ඒය පිටසක්වල ජීවීන්ගේ නිර්මාණයක් වියහැකි බවයි.

ආතර් සී. ක්ලාර්ක් මහතාගේ විද්‍යා ප්‍රබන්දයක් වන 2001: A Space Odyssey කෘතියේ සඳහන් කර ඇති, මීට වසර මිලියන තුනකට පමණ පෙර පෘථිවියේ දක්නට ලැබුණු ස්ථම්භයක් හා සමාන දෙයක් යැයි බොහෝ දෙනා මත පලකර තිබිණි. ඒකළ සිටි වානරයින්ට මෙවලම් සකස් කරගැනීම සඳහා අවශ්‍ය දැනුම මෙම ස්ථම්භයෙන් ලැබුණු බව ක්ලාක්ගේ කෘතියේ සඳහන් වෙයි.

මෙවන් හඳුනානොගත් වස්තූන් පිටසක්වල ජීවීන් හා සම්බන්ද කිරීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වන බව ද නිරීක්ෂකයෝ පවසති.

යුටා කාන්තාරයෙන් හමුවූ ව්‍යුහය සොයාගනු ලැබුවේ මෙම මාසයේ වුවද ගූගල් අර්ත් සෙවුම මගින් පිරික්සීමේදී පෙනීගොස් ඇත්තේ ඒය 2016 වසරේ පමණ සිට ඒම ස්ථානයේ තිබී ඇති බවයි.
 
(ඩේලි මේල් ඇසුරිණි - 085)



අදහස් (0)

තවත් අද්භූත කුලුනක් රුමේනියාවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 884 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2515 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site