(සුජිත් හේවාජුලිගේ )
මාස 6ක වලංගු කාලයක් සඳහා නිකුත් කර ඇති රියැදුරු බලපත්‍ර වසරක කාලයක් සඳහා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
තමන් පදංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලයට හෝ කොළඹ වේරහැර කාර්යාලයට පැමිණ ඒ කටයුතු කර ගත හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දැනුවත් කිරීම පමණක් මදිද?. රථවාහන පොලිසිය දැනුවත් නම් අලුත් කිරීමේදී නිකුත් කළ තාවකාලික බලපත්‍ර පාවිච්චි කළ හැකියි නේද? එය නැවත අලුත් කිරීමට නැවත වතාවක් ඔය තැන්වල රස්තියාදු වී කාලය මිඩංගු කළ යුතුද?
මුද්‍රිත කාඩ්පත් හිඟය හා ඒවා ලබාගැනීමට ප්‍ර්‍රමාණවත් ඩොලර් සංචිත නොමැති නිසා මෙවැනි ආකාරයට දැනට නිකුත්කර තාවකාලික රියදුරු බලපත්‍ර කාලසීමාව දිර්ඝ කරනු ලබන බව අපි කවුරුත් දන්නා කරුණකි. එහෙත් කිහිප වතාවක් A4 කඩදාසියක මුද්‍රිත එම තාවකාලික බලපත්‍රය පරීක්ෂණ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් වෙත පෙන්වා ආපසු නවා දමා ගැනීමේදි ඉරි වැදි අපැහැදිලි තත්වයට පත්වේ. යතුරුපැදි භාවිතා කරන අයහට මෙම ගැටළුව සඳහා නිතර මුහුණදීමට සිදුවේ. දැනට රියදුරු බලපත්‍රවලට අදාල සියළු තොරතුරු මොටර් රථ වාහන දත්ත ගබඩාවල ඇති බැවින් විධිමත් කාඩ්පතක් නිකුත් කරනතුරු QR ආකාරයට බලපත්‍රයක් තාවකාලිකව නිකුත් කිරිමට පියවර ගන්නේ නම් මැනැවි...!
කාඩ් නොමැතිනම් දැනට ඇති බලපත්‍ර ඉදිරි අවුරුද්ද සඳහා වලංගු බවට ගැසට් එකට ගහන්න. ඉස්සර තිබුණු ජීවිතාන්තය දක්වා වලංගු බලපත්‍ර ක්‍රමය නැවත ගෙන එන්න. ජනතාවට සහනයක් දෙන්න. රජයේ කාර්යාලවල රස්තියාදු වෙලා අපට ඇතිවෙලා...
ලංකාවේ මුද්‍රණය කළ හැකි අලුත් කාඩ් එකක් හඳුන්වලා දෙන්න. ප්‍රශ්නෙ නිකන්ම විසඳෙනවා. ඩොලර් ටිකත් ඉතුරු වෙනවා. දැනට ලංකාව තුළ මෙවැනි කාඩ්වර්ග විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මේක රටින්ම ගෙන්වන්නේ කොමිස් ගහන්න...
80-90 දශකවල තිබුණ රියදුරු බලපත්‍රවල ප්‍රමිතිය ඉතා හොඳයි. පහසුව හඳුන්වා දුන් නව බලපත්‍රවල ප්‍රමිතිය ඉතා අඩු අතර ඒවා ඉතා පහසුවෙන් කැඩී යන බව පෙනෙනවා.