(රංජන් කස්තුරි)
තාවකාලික ඡන්දහිමි නාමලේඛන මේ වන විට ප්‍රදර්ශනයට තබා ඇති අතර තමන්ගේ හෝ පවුල් සාමාජිකයින්ගේ නම් එහි ඇතුළත්ව ඇද්දැයි පරීක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එම තාවකාලික ඡන්දහිමි නාම ලේඛන දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල ප්‍රදේශීය ලේකම් කාර්යාල පළාත් පාලන ආයතන සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කර තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk යන වෙබ් අඩවියට පිවිසි නම , ලියාපදිංචි දිස්ත්‍රික්කය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඡන්ද හිමි නාම ලේඛනයේ නම තිබේදැයි පරීක්ෂා කළහැකි බවද එම සභාව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd