(ඩයනා උදයංගනී)
ආර්ථිකය ශක්තිමත් නොකර තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකි බව නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
පසුගිය දිනවල රුපියල ශක්තිමත් වූ බව පෙනුණත් දැන් යළිත් එහි අගය පහළ යමින් ඇතැයි කී මන්ත්‍රීවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරනවිට රුපියලේ අගය වර්තමානයේ තරමටවත් පාලනය කිරීමට නොහැකි වනු ඇතැයි සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය පවැත්වීමට නොහැකි නම් පාර්ලිමේන්තු මැතිවරණය හෝ පැවැත්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි කී නාලක ගොඩහේවා මහතා ජනාධිපතිවරයාට මෙම මාසයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හැකියාව තිබෙන බව ද කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ පිහිටි නිදහස් ජනතා සන්ධාන කාර්යාලයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ජනතාවට තමන්ගේ මහජන නියෝජිතයන් තෝරාගැනීමට අවස්ථාව දිය යුතු බවත්, ජනාධිපතිවරයාට 2025 පමණ වන තුරු එම ධුරයේ කටයුතු කළ හැකි නිසා අවශ්‍ය නම් නව පාර්ලිමේන්තුවකින් සර්වපාක්‍ෂික ආණ්ඩුවකට ද ආරාධනා කළ හැක බව ගොඩහේවා මහතා කීවේය.
දිගින් දිගටම වැඩවර්ජන පැවතුණොත් එය රටේ ආර්ථිකයට දැඩිව බලපානු ඇතැයි කී ගොඩහේවා මහතා රජය ආදායම් වැඩිකරගැනීම සම්බන්ධයෙන් මෙන්ම ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් ද සංවේදී විය යුතු බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල දුර්වල විම සතුටට කාරනයක් නොවෙ, නමුත් රුපියල කෘතිමව ඉහල තබාගැනිම නිසා බරපතල ප්‍රතිවිපාක විදින්න සිදු වෙන්න පුලුවන් , රුපියල ශක්තිමත් කරගන්න ඔනෙ නම් දීර්ගකලින් සැලසුම් සකස් කරගන්න ඔනෙ , ලංකාවෙ භාන්ඩ නිශ්පාදනය සහ සේවා අංශ පුලු කරගන්න වෙනව , මෙව කරන සුලු සහ මද්‍යම ව්‍යාපාරිකයන්ට අවශ්ය අමුද්‍රව්‍යය පිටරටින් ගෙන එන්න සහ ඔවුන්ගෙ එදිනෙදා ප්‍රශ්න විසදීම අනිවාර්ය වෙනව , විදේශ ශ්‍රමිකය ගනත් සොයා බලන්න ඔනෙ , කොටසකට ඉලෙක්ට්‍රික් කාර් ගෙන්වන්න දුන්න කියල ඔවුන්ගෙ ප්‍රශ්න සියල්ල විසදෙන්නෙ නැහැ , යුරෝ සන්චාරකයන්ට විසා දෙනකොට කලාපෙ තාඉලන්තය සහ මාලදිවඉන කරන ආකාරයට සහන දීම අත්‍යවශ්‍යය වෙනව, රුපියල යම්කිසි විදිහකින් ලබන මස 2-3 තුල 400 පැන්නොත් , අපි විශාල ආර්තික අගාදයක වැටෙනව.
ඔබ අතුලු පරන පොහොට්ටු පිලට පර්ලිමෙන්තුවෙ විශල බහුතරයක් තිබෙන නිස අර්තිකය ගොඩ ගන්න අවශ්ය ඔනෙම පනතක් පර්ලිමෙන්තුවෙ සම්මත කරගන්න පුලුවන් , එකට විපක්ශයක් අවශ්ය වෙන්නෙ නැැ , ඔබල සතුව විසඩුම් නොමතිනම් හො එව ක්‍රියත්මක කරන්න ශක්තියක් නොමති නම්, පර්ලිමෙන්තුව විසුරුව අලුත් මතිවරනෙකට යන්න ඔනෙ , සර්වපක්ශික අන්ඩු වලට ජනතවගෙ කමට්තක් නොමති අතර විශල ජනත විරොදයක් එල්ල වෙන්න පුලුවන්, පර්ලිමෙන්තුවෙ 225 න් 85% පමන විශල ජනත විරොදයක් අති අතර , බොහො දෙනෙකු උගත්කමක් නැති, දූශිත වයෝවෘද දේශපාලකයන් පර්ලිමෙන්තුවෙන් ඉවත් කර තරුන, අවංක උගත් දේශපාලකයන් පර්ලිමෙන්තු යවන්න බලපොරොට්තු වෙනව,
මොකෝ මේ මූකලං බස්සා වගේ හෙමීට එළිබැස්සේ….? ආයෙත් ස’ ප්‍රසංගය පවත්වන්නද..?
අනේ .උඹේ නායකත්වය ඇතුව හදපු කියත්මගේ නගින්න බැරිද ගොඩයො රටේ ඇතිවූ සියලු ප්‍රශ්න වලින් සියයට හැටක් තරමට නුඹ වගකිවයුතුය කියලා තමයි ජනතාව හිතන්නේ .ඉස්සර අපි කිව්වෙ බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට කියලා තමයි ඒ නිසා උඹට පුළුවන් වැඩක් පැත්තකට වෙලා කරපං රට කන්න එපා
ගෝටාභය ගෙනල්ලා රටම ඉවරකරපු මහාචාරිය