IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තව හොර අලියෙක් රත්නපුරෙන් අල්ලයි

රත්නපුර පලාවෙල වේරගම කන්දේ බටගාලක  ගොව්වකු සමඟ සිටි බව කියන ඇත් පැටවකු  උඩවලව ඇත් අතුරු සෙවනට බාර දෙන්නට නියෝග කළ මහේස්ත්‍රාත්  ඇත් ගොව්වාද පැටවා රැක බලා ගැනීමට එහි යවන ලෙස දැන්වීය.

අවුරුදු අටක් පමණ වයසැති මෙම ඇත් පැටවා  රත්නපුර  අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යද්දී  වේරගම පිරිසක්  ඇත් ගොව්වා බේරාගැනීම සඳහා පාරට කඩා පැන අලියා සිටි ලොරිය නවත්වා ඇතැයි ශ්‍රී පාද රක්ෂිත වනජීවී  කාර්යාලයයේ නිලධරයෝ අධිකරණය හමුවේ කියා සිටියහ.

සිකුරාදා (06) රාත්‍රී  9 ට පමණ  සිදු මේ සිද්ධියෙන් රත්නපුර නගරයේ කලබලයක්ද ඇති විය.පොලීසියද කැඳැවීමට සිදු විය.

වනජීවී නිලධාරී චමත් ලක්ෂාන් මහතා පැවසුයේ ඇත් පැටවාට නිසි බලපත්‍රයක් ඉදිරිපත් නොකළ බවයි.මෙම ඇත් පැටවාට ‘පණ්ඩුල‘ යනුවෙන් නමක් දී ඇති බවත්  තිස්සමහාරාමයේ  විහාරස්ථානයක සිටි බවත් වනජීවී නිලධරයෝ කියති.

තිස්සමහාරාමයේ හිමි නමක්  ලිපි ගොනුවක් ඉදිරිපත් කළ නමුත් එහි නිත්‍යනුකූල බලපත්‍රයක් නැතැයිද ඔවුහු  කියති.

කඳු මුදුනක සඟවා සිටි බව කියන ඇත් පැටවා පහළට ගැනීමද අමාරු කාර්යයක් වු බවත් ගොව්වා මුදා ගැනීමට පැමිණි  බව කියන පිරිස  පැටවා සිටි ලොරිය යටට රිංගා එහි ඇන ගැලවීමට උත්සාහා කළ බවත් ඔවුහු අධිකරණයට දන්වා සිටියහ.

 

a6

2_Kandula P1000292 photo0461

 



අදහස් (0)

තව හොර අලියෙක් රත්නපුරෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site