IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තව හාදයෙකුගේ බඩෙත් දස ලක්ෂයක රන්

රුපියල් දස ලක්ෂ හතලිස්පන්දහසක් වටිනා රන් බිස්කට් 02 ක් තම ගුද මාර්ගයේ  සගවාගෙන  ඉන්දියාවේ චෙන්නායි නුවර බල යාමට පැමිනි ශ‍්‍රී ලංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි.

අත්අඩංගුවට ගනු ලැබූ රන් බිස්කට් දෙකෙහි බර ග‍්‍රැම් දෙසිය නවයකි.

සැකකරුගේ ගමන් විලාශය පිළිබඳව සහකාර රේගු අධිකාරී එච්.ඒ.ඞී.ඞී දේවන්ත මහතාට ඇතිවූ සැකයක් මත  පරීක්ෂා කිරීමේදී  මෙම රන්  බිස්කට් දෙක සොයාගෙන ඇත.

ඔහු ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 123 දරන ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.

මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදුකල නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතා විසින් සැකකරුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ අතර එම රන් බිස්කට් දෙක රාජ සන්තක කළේය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ  මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන  අසංක ප්‍රියදර්ශන, ජී.කේ.එන් පෙරේරා,  ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා,  එච්.ඒ.ඞී.ඞී දේවන්ත, ඞී.එම්.පී ප‍්‍රනාන්දු,  ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

 



අදහස් (0)

තව හාදයෙකුගේ බඩෙත් දස ලක්ෂයක රන්

ස්ටැන්ලි Monday, 09 September 2013 06:13 PM

ගුද මාර්ගයෙනුත් ආදායම් එහෙනම්? (නි)

:       0       0

දර්ශන Monday, 09 September 2013 06:25 PM

ගුද මාර්ගය හොද ආදායම් මාර්ගයක් බව පෙනෙනවා (නි)

:       0       0

වීර Monday, 09 September 2013 06:44 PM

නසාර්, අන්ධ භක්තික නුඹලානම් ගුද මාර්ගයෙන් ආහාර ගන්නා බව අපිට ආපහු කියන්න ඕනේ නැහැ. නුඹලා කොහෙහරි වාඩි වෙනකොට පරිස්සමෙන්. මොලේ තැලෙයි.(නදී)

:       0       0

පිටිගල Monday, 09 September 2013 06:59 PM

ලංකා, මෙච්චර ලොකු සේවයක් කරන මේ උගත් නිලධාරීන්ට ඒ වගේ කතා නොකියනවානම් හොඳයි.(නදී)

:       0       0

උපාලි Monday, 09 September 2013 01:16 PM

දැන් මෙතනට දීලා තියෙන වටිනාකමේ හැටියට අම්මෝ! කොහොම කියන්නද? මහා බැංකුව හෙට අනිද්දම ලොකු ගබඩා තියෙන අයගෙන් ටෙන්ඩර් කැඳවයි බැංකුවේ රන් සංචිත තැන්පත් කර තියන්න. (නි)

:       0       0

දම්මික පෙරේරා Monday, 09 September 2013 02:16 PM

ගුද මාර්ගය රත්රන් සේප්පුවක් කරගෙන දැන් ඉන්දියන් සහ පකිස්ථානුවෝ . සමහර ලාංකිකයන්ද ගුද මාර්ගය සේප්පුවක් වශයෙන් පාවිච්චි කරන අවස්ථා එමටයි . කෙසේ නමුත් ගුද මාර්ගයේ අමාරුවක් ඇති බව අපේ දක්ෂ රෙගු නිලධාරීන් දැන් ඔවුන් දැක්ක ගමන් හඳුනා ගනී. (ස)

:       0       0

ලංකා ශ්‍රී Monday, 09 September 2013 02:33 PM

දැන් ඉතින් 'රේගූ පරීක්ෂක' තනතුර 'ගුද ටෙස්ටෙර් ' කියලා වෙනස් කලොත් හොඳ නැද්ද. (ස)

:       0       0

ධම්ම Monday, 09 September 2013 10:21 AM

. ළඟදීම අපට මේ වගේ පන්ති ගැනත් අසන්නට ලැබේවි. (අ)

:       0       0

බුද්ධික Monday, 09 September 2013 10:46 AM

මේ රෙගු නිලධාරින් කොහොම මේවා අල්ලා ගන්නවාද මන්දා (දී)

:       0       0

ලුම්බිණි Monday, 09 September 2013 10:44 AM

ඇත්තටම මේක දැන් විශාල ජාවාරමක් වෙලා වගෙයි. හැම මිනිහම මෙහෙම කරන්නේ. සම්පුර්ණ ශරීර පරීක්ෂණ ස්කෑන් යන්ත්‍රයක් හැර මේකට වෙන විසඳුමක් නැත. (ස)

:       0       0

බණ්ඩාර Monday, 09 September 2013 11:16 AM

මේ විදිහට රත්තරන් මුතු මැණික් ගිලලා ඇවිල්ලා වමාරනකොට කොහොම ඇතිද පුර්ණ ආරක්ෂාව යටතේ වමාරන්නේ (දී)

:       0       0

නසාර් Monday, 09 September 2013 11:43 AM

කුස ගින්නට කාපුවා ගුදමේ හිරවෙලා කාපුවා තියාගන්නත් බැරිද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site