රුපියල් දස ලක්ෂ හතලිස්පන්දහසක් වටිනා රන් බිස්කට් 02 ක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බල යාමට පැමිනි ශ‍්‍රී ලංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව රේගුව කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ රන් බිස්කට් දෙකෙහි බර ග‍්‍රැම් දෙසිය නවයකි.
සැකකරුගේ ගමන් විලාශය පිළිබඳව සහකාර රේගු අධිකාරී එච්.ඒ.ඞී.ඞී දේවන්ත මහතාට ඇතිවූ සැකයක් මත පරීක්ෂා කිරීමේදී මෙම රන් බිස්කට් දෙක සොයාගෙන ඇත.
ඔහු ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 123 දරන ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ ඇත.
මේ පිළිබඳ රේගු පරීක්ෂනය සිදුකල නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතා විසින් සැකකරුට රුපියල් පනස් දහසක දඩයක් නියම කළ අතර එම රන් බිස්කට් දෙක රාජ සන්තක කළේය.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක මහින්ද කල්පගේ මහතාගේ අධීක්ෂනය යටතේ රේගු අදිකාරී රංජිත් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් සහකාර රේගු අධිකාරීවරුන් වන අසංක ප්‍රියදර්ශන, ජී.කේ.එන් පෙරේරා, ඩබ්ලිව්.එල්.ඞී.ආර් දි අල්විස්, ටී.ඒ.ඞී.පී පෙරේරා, එච්.ඒ.ඞී.ඞී දේවන්ත, ඞී.එම්.පී ප‍්‍රනාන්දු, ආර්.සී.ඞී ගම්ලත්, ඒ. ඥානමොහාන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුද මාර්ගයෙනුත් ආදායම් එහෙනම්? (නි)
ගුද මාර්ගය හොද ආදායම් මාර්ගයක් බව පෙනෙනවා (නි)
නසාර්, අන්ධ භක්තික නුඹලානම් ගුද මාර්ගයෙන් ආහාර ගන්නා බව අපිට ආපහු කියන්න ඕනේ නැහැ. නුඹලා කොහෙහරි වාඩි වෙනකොට පරිස්සමෙන්. මොලේ තැලෙයි.(නදී)
ලංකා, මෙච්චර ලොකු සේවයක් කරන මේ උගත් නිලධාරීන්ට ඒ වගේ කතා නොකියනවානම් හොඳයි.(නදී)
දැන් මෙතනට දීලා තියෙන වටිනාකමේ හැටියට අම්මෝ! කොහොම කියන්නද? මහා බැංකුව හෙට අනිද්දම ලොකු ගබඩා තියෙන අයගෙන් ටෙන්ඩර් කැඳවයි බැංකුවේ රන් සංචිත තැන්පත් කර තියන්න. (නි)
ගුද මාර්ගය රත්රන් සේප්පුවක් කරගෙන දැන් ඉන්දියන් සහ පකිස්ථානුවෝ . සමහර ලාංකිකයන්ද ගුද මාර්ගය සේප්පුවක් වශයෙන් පාවිච්චි කරන අවස්ථා එමටයි . කෙසේ නමුත් ගුද මාර්ගයේ අමාරුවක් ඇති බව අපේ දක්ෂ රෙගු නිලධාරීන් දැන් ඔවුන් දැක්ක ගමන් හඳුනා ගනී. (ස)
දැන් ඉතින් 'රේගූ පරීක්ෂක' තනතුර 'ගුද ටෙස්ටෙර් ' කියලා වෙනස් කලොත් හොඳ නැද්ද. (ස)
. ළඟදීම අපට මේ වගේ පන්ති ගැනත් අසන්නට ලැබේවි. (අ)
මේ රෙගු නිලධාරින් කොහොම මේවා අල්ලා ගන්නවාද මන්දා (දී)
ඇත්තටම මේක දැන් විශාල ජාවාරමක් වෙලා වගෙයි. හැම මිනිහම මෙහෙම කරන්නේ. සම්පුර්ණ ශරීර පරීක්ෂණ ස්කෑන් යන්ත්‍රයක් හැර මේකට වෙන විසඳුමක් නැත. (ස)
මේ විදිහට රත්තරන් මුතු මැණික් ගිලලා ඇවිල්ලා වමාරනකොට කොහොම ඇතිද පුර්ණ ආරක්ෂාව යටතේ වමාරන්නේ (දී)
කුස ගින්නට කාපුවා ගුදමේ හිරවෙලා කාපුවා තියාගන්නත් බැරිද? (නදී)