අද උදේ 9.00 ට සිදුවූ භූමිකම්පාවෙන් පසු සුළු පසුකම්පන දෙකක්ද ඇති විය. ඉතාලි භූමිකම්පාවෙන් එකළොස් දෙනෙකු මියගොස් ඇතැයිද තවත් සෑහෙන පිරිසක් තුවාල ලබා ඇතැයිද සහන සේවකයෝ කියති. දුම්රිය ගමන් කිහිපයක් නතර විය. ඇතැම් නගරවල පාසල් වසා දැමිණි. මිරන්දෝලා නගරයේ කඩා වැටුණු ගොඩනැගිල‍්ට සිව්දෙනෙකු යටවී ඇතැයිද වාර්තා වේ. මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි යැයි ඉතාලි සහන සේවකයෝ කියති. ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වූයේ නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනි කාටවත් කරදයක් වෙන්න එපා...
කාට කාටත් දෙවි පිහිටයි
මට වෘත්තීමය වශයෙන්ද මේ තොරතුරු හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි ලංකාදීම අන්තර්ජාල පුවත්පතේ එසැණින් පිටුවට
ලංකාදීප අනතර්ජාල පුවත්පතේ එසැනින් පුවත් හරිම ක්ෂණියකව මෙසේ ප්‍රවෘත්ති දැන ගැනීමට ලැබීම නිසා ශ්‍රී ලාංකිකයන්ට මෙබඳු විපත් පිළිබඳ කල්තියා අනුමාන කළහැකි මට්ටමක තිබෙනවා.ඒ හැමටම බොහොම ස්තූතියි..
ස්තූතියි ලංකාදීප , අපි අගය කරනවා ඔබගේ කාර්‍යක්ෂම සේවය,අපිට ඉක්මනට පුනත් සැපයීම ගැන . අපි සැමදා ඔබ සමඟයි.අපිට ඔබව විශ්වාසයි...:))
මොකද්ද මේ විනාශෙ
දැනට මෝදනා ප්‍රදේශයේ 08 දෙනෙක් මිය ගොස් ඇත.ඉදිරියේ තොරතුරු දෙන්නම්
ඉතාම විශිෂ්ඨ සේවාවක් ඔබ කරන්නේ...ඉතාලියේ අපිට දැනෙද්දිම පත්තරේ විස්තරේ.....
භූමිකම්පා නතරවේවා!!සියලු වැසියන්ට කරදරයක් නොවේවා!!
පරිසරය සමිබන්ධ පුශ්ණවලදීත් සදාචාර පරිහානිය බලපෑමිකරනවා. මනුෂ්‍යයා නීතිරීති කොන්දේසි මේවාගැන තැකීමක් කලේ නෑ. සීමාව ඉක්මවා ඒවා නොසලකා හරිමින් තමන්ගේ මතයට එක් එක් අය ක්‍රියාකළා. මෙවැනි හේතුන් නිසා තමයි මේ පුශ්ණවලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. අපි කවුරුත් මෙය හොදින් තේරුමි ගතයුතුයි. උදාහරණයක් ගත්තොත් ඔසෝන් ස්ථරයේ සිදුරුවීම, දැන් විද්‍යාඥයින් මොනවද කියන්නේ අනාගතේ මිනිස් සමාජයට විශාල විනාශයක් ඇතිවෙන් පුලුවන් කියල අනතුරු අගවනවා. මෙිවා වෙන්න ඉස්සෙල්ලා ඒවා ගැන හිතුවෙි නෑ. උනාට පසුව ඒවාට උත්තර හොයනවා. පලවෙනි හේතුව සීමාවකින් තොරව කරගෙන යන කාර්මීකකරණය. දෙක කෑදරකම. හරිවචනයෙන් කිවුවොත් ආත්මාර්ථකාමිත්වය. අනාගත පරපුරේ හයපත ගැන හිතුවෙ නෑ. ඒවාගැන හිතන්නැතිව ව්‍යපාරකරගෙන ගියා. ධනය රැස්කලා. හරියට කියනවානමි ප්‍රධාන හේතුව මිනිසාගේ ආධ්‍යාත්මික හිඩැස. ඒකියන්නේ ආධ්‍යාත්මයක් නැතිබව. මේ එවායින් ඇතිවු ප්‍රථිපල තමයි අපි අද අත්විදින්නේ.
ලෝකය මවපු දෙවියන් වහන්සේට විතරයි මේව නවත්තන්න පුළුවන් ..
ලෝකය මවපු දෙවියන් වහන්සේට විතරයි මේව නවත්තන්න පුළුවන්
දැන් මෙහෙ ඉන්න එක බයයි....
මේ වන විට මරණ ප්‍රමාණය 15 දක්‌වා ඉහල ගොස් ඇත.එන්න එන්න සැරෙන් සැරේ පොලව සෙලවීම් වෙයි.ඉතාලියට අවාසනා වන්ත කාලයක්.......
වෙරෝනා වලටත් දැනුනා, කිසිවෙකුටත් හනියක් නහැ...