අම්බලන්තොට බෝලාන මහා විද්‍යාලයයේ නිවාසාන්තර ක්‍රීඩා තරඟයේ මැරතන් තරඟයට එක් වූ 15 හැවිරිදි චමෝද් සත්සර ශිෂ්‍යයා මින් මද වේලාවකට පෙර මහ මග ඇද වැටී මිය ගියේය.
රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මිය ගොස් සිටි බව වෛද්‍යවරු කියති.
විදුහල්පති කේ වී ටී කරුණාරත්න මහතා පැවසුවේ මෙම ශිෂ්‍යයා වෛද්‍ය පරීක්ෂණයකට ද ඉදිරිපත් කළ බවත්, කිසිම ආබාධයක් නැති බව වෛද්‍යවරුන් සහතික කිරීමෙන් පසු තරඟයට ඉදිරිපත් කළ බවයි.
මියගිය චමෝද් සත්සර සිසුවා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය රජයට පින් සිද්ධ වෙන්න රටේ දරුවන්ට හොද පෝෂණ ආහාර වේලක් ලබා දුන්න නිසා මෙහෙම වෙන්න විදිහක් නැහැනේ.(හේ)
රටේ මුදල් ලක්ෂ ගණනින් ගස කාල අපිට ඉතිරි කරලා තියෙන්නේ මන්දපෝෂණයෙන් පිරුන අනාගත දරු පරම්පරාවක්.(හේ)
උදේට තේ කහට කෝප්පය බිලා ගෙදරින් යන අසරණ දරුවන්ට මොන ධාවන තරගද?(හේ)
ලබා උපන් හැටි වෙන්න ඇති කියලා හිතමුකෝ.(හේ)
කිව්වත් වගේ මේ ළමයාගේ කුමක් හෝ සැඟවුන අබාධයක් තිබුනාද දන්නේ නැහැ. මින් කලකට පෙර හන්තාන කන්ද නැගී තරුණ දරුවෙකුත් මියගියේ හෘදය වස්තුවේ ආබාධයක් උත්සන්න වීමෙන්. දරුවාට නිවන් සුව පතමි. (නදී)
අනේ මෙහෙම රටක මිනිස්සු. මේ වෙලාවේ දේශපාලන දෝෂාරෝපණ නෙමෙයි. අකාලයේ මියගිය මේ පුතනුවන්ගේ දෙමා පියන්ට, පවුලේ අයට, පාසැලේ විදුහල්පති ගුරුවරුන් සිසු දරුවන්ට ශෝකය පල කිරීම කරන්න ඕනා. පුතේ ඔයාගේ කර්ම ශක්තියට අනුව ආයුෂ අවසන් නිසා ඔයාට යන්න උනා. සසර සරනා තුරු මෙවන් අඩු වයසෙන් මිය නොගොස්, ආයුෂ විද අවසාන නිවනෙන් සැනසේවා. (නදී)
හැම දෙයක්ම දේශපාලන ඇහෙන් බලන එක අපේ මෝඩ මිනිස්සුන්ගේ හැටි. (නදී)
ළමයින් අවුරුදු 10 ඉදලවත් ක්‍රීඩාවට යොමුකළ යුතුයි . එක පාරටම මෙරතන් දුවන්න දෙන්න එපා.(හේ)
පුතේ, ඔයාට නිවන් සුව! අම්මා තාත්තා සහ ඔයාගේ ආදරණීයන්ට මගේ හදපත්ලෙන්ම නැඟෙන ශෝකය !!!! (නි)
මීට වඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන සැළකිලිමත්විය යුතුයි (දිල්)
පුහුණුවක් නැති කම.(දිල්)
සංජය, ඔබ ගේ අදහස ඉතා හොඳයි. ක්‍රීඩා තරංග පුහුණුවට පෙර තමන්ගේ සෞඛ්‍ය ගැන මීට වැඩිය කල්පනාකාරී වීම වැදගත්. ග්‍රාමීය පළාත්වලට නිසි පහසුකම් ලබාදීමට රජය පියවර ගත යුතුයි. දරුවාගේ දෙමාපියන් වෙත අපෙගේ බලවත් කණගාටුව පුද කරමු.(දිල්)
නිවන් සැප ලැබෙිවා(දිල්)
දැන් ඉතින් කට්ටිය කියාවි පාසල්වල ක්‍රීඩාව නතර කළ යුතුය කියා.හැම කෙනෙකුටම වෛද්‍ය වාර්තාවක් තිබිය යුතුය. හැම පාසලකම වෛද්‍ය උපදේශක ඒකකයක් තිබිය යුතුය.(මෙඩිකල් සෙන්ටර්) (හේ)
නුබට නිවනි සැප.(හේ)
ඒ කාලේත් පාසැල් වල සිසු දරු දැරියන් ක්‍රීඩා තරඟවල දිව්වා. මෙවැනි මරණ ගැන වැඩිය අහන්න ලැබුනේ නැහැ. අවුරුද 15 තරුණ දරුවෙක්. අපිටම වාව ගන්ට බැහැ. දෙමව්පියන්ට, පවුලේ සාමාජිකයින්ට, ගුරුවරුන්ට, යහළුවන්ට සහ යෙහෙළියන්ට කොහොම ඇත්ද. දෙමව්පියන්ට සහ පවුලේ සාමාජිකයින්ට මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. පුතනුවනි ඔබට නිවන් සුව පතමි. (නදී)
මමත් වයස 12 දි පාසැලේ 6 පන්තියේදි මැරතන් එකට දිව්වා සැතපුම් 9ක්. මාදම්පා මධ්‍ය මහා විද්‍යාලයේ මම 60 දෙනෙක්ගෙන් 15 වෙනියා උනා. මේක ඉතින් මෙයගේ වෙලාව. මනුසත් බවේ පින ඉවර දිනට යන්න වෙනවා. අද අප සැමගේත් වයසත් අනුව ඒ ඒ වයසින් මිනිසෙකු වීමේ පින ගෙවීයන බව මතක තියා ගමු. (නදී)
මලල ක්‍රීඩා පිලිබඳ මනා පුහුණුවක් ඇති පුහුණු කරුවන් හම පාසලකටම අවශ්‍යයි. එ්ක යුගයේ අවශ්‍යතාවයක්. තත්ත්ව පාලනයක් නොමැතිව කරන පුහුණු කටයුතු වලින් සහ මනා පුහුණුවක් නොමැතිව තරග වලට සහභාගී වීමෙන් අතුරු ආබාධ වගේම අකාල මරණ පවා සිදු වෙන්න පුළුවන්. (නදී)
දෙමවුපියන්ට මොන තරම් ලොකු වේදනාවක් ද මේ.(හේ)
දිගු දුර ධාවනය කියන්නේ බොහෝම ඉවසීමෙන්, තමන්ගේ හැකියාව තේරුම් අරගෙන ටිකෙන් ටික දියුණු වී ජය කරා යා යුතු ඉසව්වක්. එහෙම නැතුව යාලුවො පරද්දන්න කියලා වේගෙන් දිව්වා කියලා මැරතන් දුවන්න බෑ. ඒ දේවල් සමහරක් විට ගුරුවරු පවා කියලා දීලා නැතුව ඇති. ඉතාම කණගාටුදායක සිද්ධියක්. මේ දරුවා කවදා හෝ මුලු රටටම වටිනා කෙනෙක් වන්නට තිබුණා.(හේ)
දැන් මේකට කාටත් දොස් කියලා වැඩක් නෑ.(හේ)
මේ ළමයාගේ මොකක් හරි සංජානීය ආබාධයක් තියෙන්න ඇති කවුරුවත් නොදැන .නැත්නම් මේ වයසේ ළමයෙක් මෙහෙම මැරෙන්න තියන ඉඩකඩ හුඟක් අඩුයි.(හේ)
ඒක ඒ ළමයගේ වෙලාව.(හේ)