ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචිව සිටි වෙන්නප්පුවේ අරවින්ද ධනංජය පෙරේරා (27) මහතා ගාර්දා වැවේ ගිලි මියගිය බව ඉතාලි පොලිසිය පවසයි. තම පවුලේ උදවිය සමග ගාර්දා වැව අසල බාබකිව් සමඟ ආහාර ගෙන පසුව දිය නමට වතුරට බැස ටික වෙලාවකින් ඔහු අතුරුදන්ව ඇත. දිනකට පසු ඔහුගේ සිරුර සොයා ගෙන තිබේ.
මේ වසරේ ගිම්හානයේ දී ඉතාලිය පුරා දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික ජිවිත කිහිපයක් අහිමිවිය. සෑම වසරකම ගිම්හානයේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු බොහෝ පිරිස් දියේ ගිලීමෙන් මියයන බව ඉතාලි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාලි යන්නේ නාන්නද? (අ)
බිමත් කමේ ආදීනව (අ)
ගිය සති අන්තයේ අපිත් ගර්ද විලට ගියා. මේ අවාසනාවන්ත මරණයට ගොදුරු වූ අරවින්දට නිවන් සුව පතමු. මා සිතන විදියට, ගර්දා විල සිහි බුද්ධියෙන්, නාන අයට එතරම් බයානක තැනක් නෙමෙයි. නමුත් ලංකාවේ බොහොමයක් බසින්නේ කෙලින් එන්න බැරි තරමට බීලා (බ)
අවුරුදු පතා ඉතාලියේ තරුණයන් අකාලයේ දියේ ගිලී මිය යන්නේ බීමතින් වීරයන් වෙන්න දරන උත්සාහය නිසයි. මත භාවිතා නොකරන ඔබ ශ්‍රේෂ්ට යයි සලකා කටයුතු කරන්න.(ම)
නොදන්නා කෙනෙක් වෙතොත් ..මේ බව දැනගන්න කෑම ගැනීමෙන් පසු පැය දෙකක වත් කාලයක් අවම වශයෙන් දියෙහි බැසීමට පිහිනීමට යෝග්‍ය නොවේ..? අනිවාර්යෙන් පිහිනීමට නොදන්නා කිසිවෙකු එය අත් හදා බැලීමට දියට නොබසින්න..? ඔබ දියේ නෑමට ආසකරනවානම් එත් පිහිනීමට නොදන්නේනම් ..ඒ ගැන පුහුණුවක් වී දියට බසින්න එත් ඔබ හොද පිහිනුම් කරුවකු නොවේනම් කවදාවත් ඉනෙන් ඉහලට වඩා වැඩි වතුරකට නොබසින්න...?ඔබේ ජීවිත ආරක්ෂකයා ඔබම විය යුතුය..!! (බ)