ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරියගේ නම පාවිච්චි කරමින් කොළඹ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 75ක් වටිනා හිස් කාලතුවක්කු පතුරොම් කොපු 2000ක් සැපැයීමට තැත් කළැයි කියන සිද්ධිය ගැන උපදෙස් කඩිනමින් එවන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නීතිපතිට යළිත් සිහිපත් කෙළේය. විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයකු වන ගාමිණී මෙන්ඩිස්, එස්.එස්. ෂික් අමනුල්ලා හා කමලින් පෙරේරා මේ නඩුවේ සැකකරුවෝය. ඔවුහු ඇපමත සිටිති. ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ හා බිරියගේ නම පාවිච්චි කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් එම පතුරොම් හොරෙන් විකිණීම සඳහා හොර ලියැවිලි සකස් කළැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තව මගඩියක් ගැන නීතිපති උපදෙස් පතයි
අමිල Thursday, 07 June 2012 07:22 AM
දඩුවම් දීම හෝ නොදීම තීරණය කරන්නේ උසාවිය මිසක් පෙරකදෝරුවෝ නෙමෙයි
කම්මලේගෙදර Thursday, 07 June 2012 08:21 AM
ගින්නක් නැතුව දුමක් නොනගී
දුරා-චාර්ය Friday, 08 June 2012 12:45 PM
ආචාර්යතුමෝ කොපු දැකල තියෙනවද? ඒව පාවිච්චි කරල තියෙනවාද? මම කිවුව කාලතුවක්කු පතුරොම් කොපු. නොදන්න කොපු ගැන කථා නොකර ඉන්න.
රජිත් Wednesday, 06 June 2012 06:18 PM
හිස් උණ්ඩ මැද්දට දාලා මැටි පුරෝලා ආයි වෙඩි තියන්න ඕනි
ජිම් Wednesday, 06 June 2012 06:23 PM
අනිවාර්යයෙන්ම අහවලා 10%ක් අරන් ඇති
රම්සි Wednesday, 06 June 2012 07:08 PM
එක ගමකට එක වැඩක්
නුවන් Thursday, 07 June 2012 09:43 AM
කවුද අනේ මේ ආචාර්යතුමා??
බණ්ඩා Thursday, 07 June 2012 09:57 AM
ඕක මොකක්ද?එන්නකෝඅනුරාධපුරේ පැත්තේ තව හොද ඒවා පෙන්නන්න
බුසල් Thursday, 07 June 2012 09:41 AM
සුජිත් ආචාර්යතුමෝ, ඔයා ඉල්ලපු නිසා දඩුවම් දෙන්නම්.නැත්නම් නොදී ඉන්නයි මම හිතන් හිටියේ
හොරාචාර්ය Thursday, 07 June 2012 10:23 AM
මෙයා ආචාර්ය පට්ටමක් නැති බොරු ආචාර්ය කෙනෙක්
අමිල කටුනායක Thursday, 07 June 2012 10:18 AM
මාර කඩේ යාමක් නේ..........
කිරිමාටින් Thursday, 07 June 2012 11:01 AM
හිස් ඒවා විකුණන්නැතිව වෙන මොනවා කරන්නද...?
කිරිමාටින් Thursday, 07 June 2012 10:22 AM
බණ්ඩෝ, මේව හිස් කොපු කිව්වට කාලතුවක්කු උණ්ඩවල හිස් කොපු.. අනුරාධපුරේ තියෙන්නේ ඒවා නෙමෙයි...
ලසිත් Friday, 08 June 2012 09:20 AM
ගරු ඇමතිතුමනි, අනවශ්‍ය කටයුතු සිදු කළ C.I.D. නිලධාරින්ට විරුද්ධව පියවර ගත යුතුයි නේද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 06 June 2012 10:06 PM
ඇමතිතුමනි ඔබතුමාගේ නම ව්‍යාජව භාවිතා කරමින් මේ සිදුවීම කළ අයගේ තරාතිරම නොබලා උපරිම දඩුවම් ලබාදෛන මෙන් ඉල්ලා සිටිමි
කැප්පෙටිපොල Thursday, 07 June 2012 11:42 AM
ආචාර්යතුමා නේද අර වී මෝල් හිමියට කිව්වෙ, නඩව ඉවර වෙනකම් ඔහු වැරදිකරැවෙක් නෙවේ... සැක කරැවෙක් පමණයි. කියලා.. ඇයි දැන් මෙතනදි වෙනස් කතාවක් කියන්නෙ??
ප්‍රීනා Friday, 08 June 2012 09:09 AM
ඉන්දියාවේ ජාතික ක්‍රීඩාව කබඩි.අපේ ජාතික ක්‍රීඩාව මගඩි
බිස්රාජ් Wednesday, 06 June 2012 10:18 PM
දැනුම් දෙන්නම් ආචාර්‍ය තුමෝ කියනකම් තමයි හිට්යේ........
ප්‍රභා Thursday, 07 June 2012 04:46 AM
ආචාර්යතුමා කොහොමද දන්නේ නම ව්‍යාජ ලෙස භාවිතා කළා කියලා?