අංකය නැති ට්‍රැක්ටරයක් යොදා ගනිමින් උතුරු විල්පත්තුවේ අභයභූමියට අනවසරයෙන් ඇතුළු වු පිරිසක් අක්කර හතරක් පමණ එළිපෙහෙළි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව විල්පත්තු ජාතික වනෝද්‍යානයයේ හදිසි වැටලීම් ඒකකය කියයි.
අත්අඩංගුවට නොගත් එම ට්‍රැක්ටරය ප්‍රාදේශිය සභාවකට අයත් දැයි සැකයක් පවතින බව වන නිලධරයෝ පවසති.
නීතී විරෝධි ලෙස වනෝද්‍යානය එළි කරමින් සිටි පිරිසක් පැන ගිය බවද ඔවුහු කියති.
පසුගිය මාර්තු මාසයේදීද රජයේ ඇමැතිවරයකුගේ අනුබලය මත සියයකට ආසන්න පිරිසක් එහි පොල්අතු මඩු තනා උතුරු විල්පත්තුවේ පදිංචි වුහ.
ඔහුනට එරෙහිව මන්නාරම අධිකරණයේ නඩු පවරා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජින්ද, ඔබ හරි. සුද්දෝ මොනවා කළත් රටේ මනා කළමනාකාරිත්වයක් තියාගෙන වැඩ කළා. අදටත් තියෙන්නේ ඒ කර්මාන්ත ටික.මොනවද හිටපු අය කළේ? (නි)
මේගොල්ලන්ට බයද? (දී)
දහජරා දේශපාලනය මුළු රටම විනාශ කරනවා.. මේ රට උඩ ඉදන් යටටත් යට ඉදන් උඩටත් විකුණන් කනවා මදිවට දැන් උලාගෙනත් කනවා. සුද්දෝ මේ රට අවුරුදු 133ක් කෑවා. එතන ඉදන් මේ වෙනකන් අවුරුදු 66යි. ලංකාවේ දේශපාලනය කෑවා. (ස)
කැලයක් තියා රටක් වත් තියෙයිද මෙහෙම යනකොට. (ස)
මේව දකිනකොට තමයි අර හාමුදුරුවන්ගේ වැඩ හරි කියලා හිතෙන්නේ. (ස)
ඡන්දේ ලං වෙනකොට මීට වඩා දේවල් සිද්ධ වෙයි. (ර)
පතිරණ, මම තරහයි ඔයත් එක්ක. (ර)
මට මගේ නොවන මගේම උන රටක් තිබුණා. (ර)
මේ අය කවුද කියලා හැමෝම දන්නවා (දිල්)
හදිසි වැටලීම් ඒකකය සෙවිල්ලෙන් සිටීම ගැන සතුටුවෙමි.නීතිය තදින් ක්‍රියාත්මක කළයුතුයි. (නි)