ගිය තිස් වසරේදී උතුරු නැගෙනහිරින් තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ට දාව ළමයින් 24,000 ක් උපත ලබා ඇතත් ඉන් ඉන්දියාවේ පුරවැසි භාවය හිමිව ඇත්තේ දරුවන් 8000 කට පමණක් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියයි.
පවතින නීති රීති යටතේ ඉන්දීය සරණාගත කඳවුරුවල උපදින ලාංකික දරුවන් වසරක් ඉක්මයන්නට පෙර චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලයයේ ලියාපදිංචි විය යුතු බව දෙමළ සරණාගතයින් පුනරුත්ථාපන සංවිධානයේ කැඳවුම්කරු චන්ද්‍රා හසන් මහතා ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට පවසා ඇත.
දකුණු ඉන්දියාවේ අවතැන් කඳවුරුවල උපන් 16,000 කට ආසන්න තවත් ලාංකික දෙමළ දරුවන් තවමත් සරණාගත තත්ත්වයේ පසුවන බවද ඔහු කියයි.
දකුණු ඉන්දියාවේ සිටින ලාංකික සරණාගතයින් යළි ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ පළමුවෙන්ම මෙම දරුවන්ගේ උපත ලියාපදිංචි කළ යුතු බවත් ඉන්පසු ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගත යුතු බවත් ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා‘ වාර්තාවේ සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට දැන් ටික ටික තමුන්ගේ ඉත්තෝ වැඩි කරගන්න පුළුවන් උතුරේ. අවුලක් නෑ. බඩු මිල අඩු කලානේ. අපිට කොත්තමල්ලි බි බී ඉන්න පුළුවන්. (නදී)
අනේ මං නම් ඕවා ගැන හිතන්නෙ නෑ. අපිට පෙට්‍රල්, කොත්තමල්ලි අඩු කරලා දුන්නනේ. තව ටිකක් බඩු මිල අඩු කලා නම් ලංකාව ඉන්දියාවට දුන්නත් මට මොකෝ. (නදී)
සිංහලුන්ට තව කන්න ඩිංගක් දැම්ම නම් ඕක කර ගන්න එක කජ්ජක් ද? (නදී)
අරාබිය පැත්තෙත් බලන්න. එහෙත් ඉන්නවා නම් ගෙන්නා ගන්න. (නදී)
දහම් ඔයාගේ කටේ හාල් මැස්සෝ දමන්න වටිනවා කියන කතා වලට (නදී)
සිංහලයා මෝඩයා කැවුම් කන්ඩ යෝදයා (නදී)
අපිට අඩුවකට තිබ්බේ ඔච්චරයි .....ඉන්දියාවෙන් අායෙත් කල්ලතෝනි ටිකක් එවයි. (නදී)
ඉන්දියාවේ පිදුරු ලාබයි. බදු අඩු කර පිදුරු ගෙන්වමු. ජිවන වියදම සැලකිය හැකි ප්‍රමාණයකින් අඩු කර ගත හැකියි (නදී)
මව් පිය බාවය තහවුරු කර ගැනීමට ඩී.එන්.ඒ පරික්ෂාවද කල යුතුයි (නදී)
මුරලි,සාමා,ඉන්දික ඔබේ අදහස් වලට මමද එකඟයි. සිංහල අපි දේශපාලන වශයෙන් බෙදී මරා ගන්න සිංහල නායකයන්ට ඡන්දය දෙමු. (නදී)
ඔන්න නියම අාතල් එකක් ඊළඟට හෙට අනිද්දා ඔය 16000 අාවහම ඒ ගොල්ලෝ ලොකු මහත් වෙන්නේ ඉන්දියාවේ උපන් බව හිතේ තියාගෙන. සෙට් එක තව දරුවෝ හදපුවහම ඔක්කොම එකතු වෙලා කියයි ඒ ගොල්ලෝ ඉන්න පැත්ත ඉන්දියාවේ කෑල්ලක් කරන්න කියලා (නදී)