ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචි ශ්‍රි ලාංකිකයෙකු පසුගියදා හදිසියේ මව්බිමට ගියේය. දින කිහිපයකට පමනක් ගිය බැවින් ඔහු අත එතරම් මුදලක් නොවීය.
එබැවින් තම හොදම මිතුරාගේ යුරෝ 10500 ක රුපියල්(1921500 ) මුදල රැගෙන ගොස් ගුවන් තොටුපළේදී මිතුරාගේ ඥාතින්ට බාරදිමට පොරොන්දු විය. එත් සමග මිතුරා ඉල්ලා සිටියේ අසනිප තත්වයේ පසුවන තම පියාගේ ඇගට ගුණදායි කුඩා කව්මිල්ලා පෙට්ටියද (රණවරා මල් වැනි ශාක සාරයෙන් ඉතාලියේ නිෂ්පාදිත ඖෂධීය පානයකි) ඥාතින්ට ලබා දෙන ලෙසයි.
ගුවන් තොටුපලේදී යම් බර ප්‍රමාණයක් වැඩි වු නිසා බෑගයෙන් බෑගයට බඩු මාරු කිරිමට සිදු විමෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණි මිතුරාගේ ඥාතින්ට මුදල් හැර කව්මිල්ලා පෙට්ටිය දිමට ඔහුට නොහැකි විය.
එහෙත් ඔවුන් බලකර සිටියේ කෙසේ හෝ එය සොයා දෙන ලෙසයි. තමා පදිංචි නිවසට මිතුරාගේ නිවසේ සිට එතරම් දුරක් නැති බැවින් ගෙදර ගොස් නිදහසේ එය සොයා ගත හෑකි බෑවින් කව්මිල්ලා පෙට්ටිය රෑගෙන යෑමට පසුදින පෑමිණෙන ලෙස ඔහු මිතුරාගේ ඥාතින්ට පවසා තිබේ.
එහෙත් නිවසට ගිය මිතුරාගේ ඥාතින් කිහිප විටක් දුරකථන ඈමතුම් දෙමින් කව්මිල්ලා පෙට්ටිය සොයා ගත්තේද එසේ නම් එය රෑගෙන යෑමට එන්නදෑයි එදිනම අසා ඈත.
යුරෝ හතරක් වන කව්මිල්ලා පෙට්ටියකට මෙතරම් කෑදරකමක් ඇයි දැයි සිතු ඔහුට ඒ පිලිබදව සැකයක් ඇතිවිය. ඒ සැකය මත ඔහු පෙට්ටිය ඇර බැලීය. එත් සමග දුරකථන ඇමතුමක් දී තම හොදම මිතුරාගේ සහෝදරයාට කියා සිටියේ තාත්තාගේ ඇග නිවිම සදහා ඉතාලියෙන් එව් කව්මිල්ලා පෙට්ටිය ලැබුණු බවත් එය රෑගෙන යෑමට පැමිණෙන ලෙසත්ය.
සහොදරයා සමග මිතුරාගේ ඥාතින් පිරිසක්ද ඒත් සමග ඔහුගේ නිවසට පෑමිණෙයි. කව්මිල්ලා පෙට්ටිය අරින ඔහු ඒ තුල සගවා එවා තිබු යුරෝ නොට්ටු එකින් එක එලියට අදින්න විය. යුරෝ 22000 (රුපියල් 4026000 )ක මුදලක් ඉතාලියේ සිටින තම හොදම මිතුරා විසින් ලංකාවට පෑමිණි මිතුරා අත ඔහුටද නොදන්වා කව්මිල්ලා පෙට්ටියට දමා එවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යාලුවා කොච්චර හොදයිද කියලා කරපු දෙයින්ම පේනවා.හදිසියේ ඉතාලි සහ ලංකාවේ රේගුවට අහුවුණා නම් ... යාලුවා වෙනුවෙන්ම දඩයයකුත් කාලාම එන්න තිබුණා. මම නම් කොච්චර හොද යාලුවෙක් දුන්නත් ඒ යාළුවා ඉදිරියේම ඒක ඇරලා බලලා මිසක් කොහෙවත් දා ගන්නේ නැහැ.අරාබියේදී ඔය වගේ දෙයක් වුණා නම් කාට කියන්නද ? (නි)
ඕක තමයි කියන්නේ කිසිම කෙනෙකු දෙන දෙයක් හොඳින් පරික්ෂා නොකර ප්ලේන් එකෙන් ගෙනයන්න එපා කියලා. කුඩු එහෙම වෙලා අරාබි රටක ට්‍රාන්සිට් එකකදී අහු වුණා නම් දස වද දීලා අන්තිමේදී බෙල්ල කපලා මරනවා. (නි)
ඉතාලියේ ඉන්න ගොඩක් අයගේ මොළේ තරම පෙනෙනවා. (නි)
ඉතාලියේ අය කොහොමද ඔපමණ සල්ලි හොයන්නේ? මාසික වැටුප කීයද? එතකොට ගෙවල් කුලී සහ අනෙක් වියදම් කළාම ? මම හිතන්නේ සීට්ටු දාලා වෙන්න ඇති.පිටිගල, ඔබට තියෙනවාද උත්තරයක්? (නි)
පිටිගල මිලානෝ ඉන්න රටේ වෙන දේවල්. ඔහු වගේම මේ රටේ ඉන්න ලාංකියන්ගේ කටයුතු දිනපතා ලංකාදීපය මගින් අපි කියවා ඔවුන් ගැන වැටහීමක් ගන්නවා (නි)
පාප මිත්‍රයෙක් (නි)
පිටිගල මිලානෝ වැනි අය නිසා තමා අද අපිට ඉතාලියේ ඉන්නත් බැරි තත්වයක් තියෙන්නේ.පිටිගල මිලානෝ, ඔබ ප්‍රතිචාර දමා අපවත් එක්ක අපහසුතාවයට පත් කරනවා (නි)
පිටිගල මිලානෝ, ඔය ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකික පොහොසතුන්ට වැඩිය සල්ලි තියෙන ශ්‍රී ලාංකිකයෝ ලෝකයේ බොහෝ රටවල් වල ඉන්නවා.ඒ අයට ඕනෙ නම් පුද්ගලික ජෙට් එකක් හරි කුලියට අරගෙන ලංකාවට නිවාඩුවට ඇවිල්ලා යන්න පුළුවන්. ඒ මිනිස්සුන්ට ලංකාවේ හිටියත් සල්ලි තියෙනවා පිටරට හිටියත් සල්ලි තියෙනවා. ඉතින් ඔය බොරු සෝබන කැටයම් දාන්න ඒ මිනිස්සුන්ට ඕනේ නැහැ. අතේ සතේ නැතුව ලංකාවේ චාටර් වෙච්ච කට්ටියට [ වරදවා තේරුම් ගන්න එපා .මා මේ කියන්නේ ඉතාලියේ ඉන්නා සියලුම ශ්‍රී ලාංකිකයන් ගැන නොවේ ] යුරෝ ටිකක් අතට ආවහම වදුරට දැලි පිහිය හම්බුනා වගේ තමයි. ඔය කට්ටියට පුළුවන්නේ ඉතාලියේදී හෙලිකොප්ටරයක් කුලියට අරගෙන වට ගහන්න.කාට පේන්නද මේ සෝබන? (ස)
බැරි වෙලාවත් ගුවන්තොටුපොළේදි බැලුවානම් යාලුවට අවුරුදු ගානක් හිරේ තමයි ලගින්න වෙන්නේ. (නදී)
හොදම වැඩේ යාලුවන්ව ඕනවට වැඩිය විස්වාස කරනවට (නදී)
මෙච්චර සල්ලි කුඩු විකුනපුවද? හරිම බඩුවක්!!!(නදී)
කොහොමත් ඉතාලිය ලංකාවේ ප්‍රසිද්ධයි. අපේ හොරු ටික කුඩුකාරයෝ ටික පරණ චන්ඩි ටික බැහැලා ඉන්නේ එහෙ කියලා. මොකද විසා එකක් නොමැතිව හෝ ඉන්නට පුළුවන් එකම යුරෝපයේ රට නිසාත්, නිදා ගැනීමට කාර් පාර්ක් වල ඉඩ ලැබෙන නිසාත්. (නි)
ඉන්දු මිලාන්,ඔයත් ඒ ගොඩටම අයිතිද?පිටිගල මිලානෝ, අනේ මන්දා ඔයා ගැන නම් කියන්න දේවල් නැහැ. (නි)
ජයතිලක, ඊර්ශියාව ගැන අහල තිබුනට ඔබේ අදහසෙන් තමයි මම එය දැක්කේ. ඔබගේ සිත නිදුක් වෙත්වා! පහන් සිතුවිලි ගොඩ නැගේවා! ඉතාලියේ හෙලිකොප්ටරයක් කුලියට ගැනීම ලංකාවට වඩා ලාබයි. නමුත් එරටේ ප්‍රවාහන පහසුකම් ඉතා දියුණු නිසා එවැනි අවශ්‍යතාවක් පැන නගින්නේ නැහැ. හෙලිකොප්ටරයකින් ගමන් යන්නේ කොළඹ සිට ඉතා ඉක්මනින් ත්‍රිකුණාමලය, නුවරඑළිය,කුමණ වැනි ප්‍රදේශ වලට ඉක්නමනින් යාමටයි. පොළොවට ඉතා ඉහලින් පියාසර කරන නිසා ඔබ කියනවා මෙන් කාටවත් 'සෝබන ලෙස' පෙනෙන්නේ නම් නැහැ. (ස)
අපේ අය අපේම අය ගස් යවන්න හදන්නේ. පුළුවන් නම්, නම් ගම් පත්තරේ දාන්න (නි)
විශ්වාසවන්ත මිතුරෙකුට මේ දේ කරපු කට්ටියට හොඳ පාඩමක් ඉගෙන ගන්න තිබුන රේගුවේදී මේ බඩු මලු පරීක්ෂාවට ලක්වුනා නම්. මුදල් තොගයම රාජ සන්තක වෙන නිසා. මුදල් ගෙනාපු අසරණයටත් පොඩි දඩයක් ගෙවන්න නම් වෙනවා. (නදී)
චන්දි, මට ටිකක් පැහැදිලි මදි ඔයාගේ අදහස. මේ සිද්ධිය සිද්ධ වුනේ කටුනායක ගුවන් තොටුපලේදීද? එසේත් නැත්නම් ඔබගේ ගමන අවසාන රටේ ගුවන් තොටුපලේදීද? ඒ වගේම ඔබ මේ බඩු ගෙන ගියේ අතේ ගෙනයන ගමන් මල්ලේද? (නි)
ජයතිලකට මුදල් වලින් කැටයම් දාන්න, සෝබන දාන මානසිකත්වයක් තිබුනට උගත් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයා නම් ඒවා භාවිතා කරන්නේ ප්‍රයෝජනය පිණිසයි. ඔබ කෙතෙක් උත්සාහ කළත් පිට රටකට යාගන්න බැරිවී දැඩි මානසික සන්තාපයකින් පෙළෙන බවයි ඔබගේ අදහසින් පෙනෙන්නේ. මුහුද තරණය කර ඔබට අඩුම වශයෙන් සේරුවාවිලට හෝ නාගදීපයටවත් යන්න ලැබේවා! (නි)
පුදුම මනුස්සයෙක්නේ. තව ටිකෙන්? (නි)
ඕක තමා අපේ තාත්තා කියන්නේ, කිසිම කෙනෙකුගේ පාර්සලයක් ගන්න එපා කියලා. පේනවා නේද වැඩේ. (නදී)
ඉතාලියේ සිට ලංකාවට එන සල්ලි කාරයන් අපි හොඳට දැකලා තිබෙනවා. අනේ පිටිගල මිලානෝ තමන්ගේ ආත්ම වර්ණනාව. ඉතාලියේ කිහිප විටක් සංචාරය කර ඇති මම ඔබලාගේ ජීවිතය ගැන හොඳින් දනිමි . අද ඉතාලියේ ලාංකිකයන් කිව්වම ලංකාවේම මින්සුන්ගේ ආකල්පය එයටම නිදසුනක් . ගෙවල් වල රැකියා කර මුදල් සොරකම කර පනයන ලාංකිකයන්, යහළුවන්ගේ මුදල් සොර පන යන අය . අනික් කරුණ සල්ලි තිබේ නම් ඔපමණ මොකද ඒවා නීතිමය විදියට බැංකු මාර්ගයෙන් යවන්නේ නැත්තේ . මෙම මුදල් ලංකාවට මෙහෙම රැගෙන ගියාම වෙන ක්‍රමයකින් මුස්ලිම් හෝ දෙමල මිනිසුන්ට දීල පොඩි ගානක් වැඩියෙන් අරන් මාරු කරගෙන. එම මුදල් නැවත රටින් පිට වෙනවා. මෙම මුදල් වලින් අපේ රටට වන කිසිම සුගතියක් නැත . අඩුම ගණනේ මැද පෙරදිග ලාංකික සේවා දායකයන් අප රටට මුදල් එවන්නේ අඩු මුදලක් උවත් එය අපේ රටට ලොකු සේවයක්. මම කවදාවත් අහලා නැහැ . ඉතාලියේ අයගෙන් මුදල් එවල රටට සුගතියක් වෙලා කියලා. පිටිගල මිලානෝ අපි නොදන්නා ඉතාලිය ගැන අපට කියන්න එපා. අද යුරෝපේ තිබෙන ලොකුම ආර්ථික වැටීම තිබෙන රටක් ඔය ඉතාලිය. (ස)
මම හිතන්නේ මෙම මුදල් නීතිමය විදියට හම්බ කරගත් මුදලක් නොවේ. අනික් කරුණ මෙම මුදල් ගෙන යද්දී ඉතාලි රේගුවට අසුවුවා නම් ගෙන යන කෙනා අමාරුවේ. ලංකාවේදී අසුවුවා නම් එයත් එහෙමයි. මෙපමණ මුදලක් රටකින් මුදල් හැටියට ගෙනයාම තහනම්. අනික් කරුණ මොහුගේ යාලුවේ මෙම යාලුවට කර ඇත්තේ ලොකුම වංචාවක් . මෙම මුදල් නොකියා දීමත්. මෙන්ම අපට වටහා ගන්නට පුළුවන් ඉතාලියේ ලාංකිකයන් ගරන . කිසිම විටක කියන දෙයක් හෝ කරන දෙයක් විස්වාස නොකිරීමට. මෙය සමහරුන්ට රිදෙන්න පුළුවන්. (ස)
ඔහොම තමා සමහරු කුඩු එවන්නෙත් (නි)
මේ පිටිගල මිලානෝ නිසා ඔහුගේ බොරුත් ඔහුගේ වැඩත් නිසා ඉතාලියේ සිටින අප ඉතාමත් අපහසුවට සහ නිගාවට පත්වේ . පිටිගල මිලනොව පුද්ගලකව දන්නා නිසාත් වරක් ඔහුට තේරුම් කර දුන්න නිසාත් මම හිතුවේ ඔහු මෙම ක්‍රියාවන් නොකර සිටි කියා . එහෙත් ඔහුගේ මනස වැඩිමේ අඩු පාඩුවක් නිසා එය සිදු නොවේ. (ස)
මටත් ඔවැනි අත්දැකීමක් තියනවා වෙළද සදහා ප්‍රසිද්ධ ගුවන් තොටුපොලකදී. එක මහත්මයෙක් ලගට ඇවිත් කිවුවා "ඔයාගේ බැගේජ් අඩු නිසා මේක ඇතුලට ගිහින් දෙන්න පුලුවන්ද කියලා " මමත් හා කියලා ඇතුලට අරගෙන ගියා. එය ඉතාම බර නිසා අදාල කෙනාට එය බාර දෙන කොට මම කිවුවා මේක ටිකක් බරයි නේද කියලා. එතකොට අර මහත්මය කියනවා "ඔයා මොකටද උස්සවුවේ කියලා". පස්සේ තම දැනගත්තේ එහි තිබුනෙ නිත්‍යානුකුල නොවන දේවල් කියලා. දැනට දසක 1.5 පමණ පෙර සිදුවූවක් උවත් මතක් වෙන විට මම අදටත් බයයි. (ස)
ඔය කියන්නේ තවත් එක වැඩක් පමණි. (නි)
මුදල් ටික අයින් කරලා කවුමිල්ල පෙට්ටිය දුන්නනම් හරිනේ. යාලුවට අහන්නත් බැහැනේ මුදල් ගැන. කැත වැඩේට තවත් කැත වැඩකින් පිළිතුරු දුන්නට කමක් නැහැ. අහු වෙලා අමාරුවක වැටුනා නම් 22000 ට 50000 ක් දඩ ගැහුවා නම් නම් යාළුවා ඉදිරිපත් වේවිද? (ස)
ලංකාවේ ප්‍රධාන දේශපාලකයන් ටික හැරුණු විට අද මුදල් යහමින් තිබෙන්නේ ඉතාලියේ ඉන්න ලාංකිකයින්ටය. ජුලි අගෝස්තු සහ දෙසැම්බර් නිවාඩු මාස වල ලංකාවේ පුද්ගලික හෙලිකොප්ටර් යානා වැඩියම කුලියට ගන්නේ ඉතාලියේ සිට නිවාඩුවට යන ලාංකිකයින්ය.(නදී)
විශේෂයෙන් පිටරට හෝ මෙරට යහළුවන් දෙන පාර්සල් ඔවුන් ඉදිරිපිටම ගලවා ආපසු ආවරණය කරගත යුතුයි (නි)
අප තුල පවතින සැකය සහ අවිශ්වාසය....මොනව උනත් මුදල් රැගෙන ආ පුද්ගලයා හොඳ මිනිසෙක්...මුදල් එවනලද පුද්ගලයාට වඩා...(නදී)
මම ලංකාවට යන විට යාලුවන්ගේ බඩු ගෙනියන්නේ හොදට හොයල බලල තමයි. මම ලංකාවෙන් එනවිට මගේ යාලුවෙක්ගෙ ගෙදරින් බඩු පාර්සලයක් දුන්න හොදට ඔතල තිබුනේ බැගේජ් දාල මං ඇතුල්වෙලා අන්තිම කවුන්ටරේදී අර පාර්සලේ කැඩුවා, උම්බලකඩ සහ රතු ලුණු තිබුනේ මට ඒවා ගෙන්න නොදී සේරම ගත්තා (එයාර් පෝට් එක ඇතුලේ මහත් වරු ) (නදී)
පුදුම යාලුවෙක් තමයි , නැවත ගියත් පරිස්සමින් ආශ්‍රය කරන්න හොදේ !!(නදී)
අපරාදේ ඇත්තම කව්මිල්ලා පෙට්ටියක් තිබුනානම් ගොඩම තමා.(නදී)
අපෝ කතා කරන්න එපා ඉතාලියේ අය ගැන. අපි එහෙ සංචාරය කරන්න ගිය වෙලාවේ උදව් කරනවා කියලා අපිව සුද්ද කළෙත් ඉතාලි වල අපේම සිංහලයන් (නි)