‘මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් .විරුද්ධ මත ඉදිරිපත් කරන අය මහපාරේ මරා නොදැමු කෙනෙක් .අනික් මතවලට ඇහුන්කන් දෙන්න පුළුවන් ඉවසන්න පුළුවන් නායකයෙක්.අද මේ සටනට ප්‍රධාන පක්ෂ එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුට්ටියක්ම ඉන්නවා. තව කට්ටිය එන්නත් ඉන්නවා‘ යැයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමේ උත්සවයේදී කොළඹ විහාරමහාදේවි උද්‍යානයයේ එළිමහන් රංග පීඨයේදී කීවාය.
‘ජනතාවට වෙනසක් ඇති කරන ගමන අද ඇරැඹුවා. මේ ගමන කිසිම දවසක නැති විදියට සියලු පක්ෂ සහ සිවිල් සංවිධාන එකතු වෙලා. ශතවර්ෂ ගණනාවකට පසු වෙන්න ඇති මේ වගේ කෘර, වංචා දූෂණ වලින් පිරි රජයක් බිහිවුණේ. අපි අවුරුදු නවයක් ඉවසුවා. දැන් ඉවසුවා ඇති කියා ජනතාව තීන්දු කර තිබෙනවා.
මෛත්‍රීපාල සිරිසේන කියන්නේ දූෂණ කරන කෙනෙක් නෙමේ. විවේචන භාර ගන්න පුළුවන් කෙනෙක්. විවේචන කරන මිනිස්සු මහ පාරේ මහ දවල් ඝාතනය කරනේ නෑ. ප්‍රතිපත්ති ගරුක නායකයෙක්.
දැන් සමහරු කියනවා අපි කලින් මේ ව්‍යවස්ථාව වෙනස් කළේ නැහැ කියලා. මං ජනාධිපති වුණාට පස්සේ නිතරම උත්සාහ කළා මෙය වෙනස් කරන්න. ඒ වෙනුවෙන් තමයි අවුරුද්දක් කලින් තියාගෙන ජනාධිපතිවරණය කැඳෙව්වේ. අපට අවශ්‍ය තුනෙන් දෙක හදා ගන්න. මම අවුරුද්දක් කළින් ඡන්දය කැඳෙව්වේ නක්ශත්‍ර කාරයන් කිව්ව නිසා නොවෙයි. මේ ව්‍යවස්ථාව ස්ථාපිත කරන්නයි.
අද මේ කටයුත්තට ප්‍රධාන පෙළේ පක්ෂ ගණනාවක් සහාය දෙනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කුට්ටියක් එකතු වෙලා ඉන්නවා. ඉදිරියේ තව එකතු වෙන්නත් ඉන්නවා.
අද සංවර්ධන වැඩවලට ඇමෙරිකාවේ යන ගණනටත් වඩා පස් ගුණයක් පමණ වියදම් කරනවා. ලංකාවේ වියදම් විය යුතු ගණනට වඩා දස ගුණයක් පමණ වියදම් කරනවා. මේ මුදල් යන්නේ එක පවුලක සාක්කුවට. උද්ධමනය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් තමයි හොරකම.
දරුවෙක් පාසලකට දාන්න ලක්ෂ ගණනක් වියදම් කරනවා.
අපි සියලු දෙනා එකතු වෙලා මේ කෘර ආණ්ඩුව වෙනස් කරමු. මේක කාගෙවත් ආණ්ඩුවක් නොවෙයි. මේක එජාපය, ශ්‍රීලනිපය ඇතුළු සියලු පක්ෂවල ආණ්ඩුවක්. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද සිරිසේන?මෙයා මොනා කියනවද කියල (අ)
අර මහා පාරේ මරාදමපු විරුද්ධ මත ධාරීන් කියන්නේ 88/89 කාලේ ගැනද මැඩම්? (අ)
පරක්කු වෙයිද දන්නේ නෑ. (අ)
මෙන්නෝ තොත්ත බබෙක් බොරු කියනෝ අපෝ මෙයාගේ කෙරුවාව අපි නොදන්නවය මහින්ද කියන නමත් එක්ක තියෙන්නේ ආත්ම ගණනාවක ඉඳන් ආව වෛරයක් (අ)
අපි නම් දන්නවා කාගේත් මුළු පැටි කිරියම. සේරම බලය ගන්න කන් ඔහොම තමා. (නදී)
නිර්භීත නම් ආණ්ඩුවේ වැරදි ගැන කියන්නට තිබ්බේ මීට කලින්. රටක අනාගතය බාරකළ යුතු වන්නේ පිට කොන්දක් තියන නායකයෙකුටය. ආණ්ඩුවේ දුෂණ ඇත්නම්, ඒවා හෙළිකර, ආණ්ඩුව නිවැරදි මාර්ගයට ගැනීම, ආණ්ඩු කරවන කාගේත් යුතුකම සහ වගකීමයි. විධායක ක්‍රමයේ බලතල අඩුකරවා ගැනිමට, ආණ්ඩුව තල්ලු කල යුතුය. ඒ අතින් "එම්.එස්" සංක්‍රමණය වැදගත්ය. විපකෂය බළලුන් ලබා කොස් ඇට බාවනවා නොවේස? අන්තිමේට මෙම විකල්ප බලවේගය අපේ රට මඩ ගොහොරුවක දමා, දුර්වල ආණ්ඩුවක් බිහි කරනු ඇත. ආර්ථිකය, සමාජීය, මඩ ගොහොරුවක, මහජනයා සහ මුළු රටම වැටෙනු ඇත. එය බලා සිටීම ඉතාම කණගාටු දායක කරුණකි. හුදී ජනයාට බුද්ධිය පහලවෙත්වා. (නදී)
අවුරුදු 11ක් රට කාලා දැන් වැදි බණ කියනවා. ඔය යහ පාලනයයි විධායකයයි අයින් කරන එක ඒ කාලේ කරන්න තිබුනානේ. මේවා ඇමරිකන් රූකඩයින්ගෙන් කොන්ත්‍රාත්. (නදී)
මම හිතන්නේ මෙතුමිය ප්‍රසිද්ධ වේදිකාවල කතා පැවැත්වීමෙන් පොදු අපේක්ෂකයාට ඡන්ද එකක් හරි අඩුවෙනවා මිසක් වැඩි වීමක් නම් වෙන්නේ නැහැ.(හේ)
තව එනවා අපේ පංගුව අපිට ඕනේ. රනිල් අගමැති කරමු (නදී)
මැඩම්ට ඕක රනිල් ඉන්න තැන නොකියා ඉන්න තිබුනේ. තමන්ගේ අදහස් වලට අකැමති අය මහා පාරේ මරලා දැම්මේ 88/89 නේද මැඩම්? (නදී)
එතුමිය කොටින්ට නොදී යුද්දයක් කරළා යාපනය අල්ල ගත්තා. ලොකුම ගොන් කමත් කලා රටත් බාර දුන්නා පක්ෂයත් එක්කම (නදී)
රටට ආදරේ කලා නම් මීට කළින් නේද එන්න තිබුනේ (දිල්)
නියම අවංක ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ ඡන්ද මෛත්‍රීපාල සිරිසේන මහත්තයටයි. රට විතරක් නෙමෙයි පක්ෂයත් ගොඩ (නදී)
අර වෙබ් සයිට් එකේ කට්ටියට මෙතන කමෙන්ට්ස් දාන්න දෙන්න එපා. එයාල මේ දවස්වල කියන්නෙ පචලු. (නදී)
අපි දන්නවා ඔබ තුමිය රට දියුණු කරපු හැටි. රින ආර්ථිකයක් හැදුවා. දැන් වැදි බන කියනවා. (නදී)
වික්ටර් අයිවන්ගෙ පොත කව්රුත් කියවන්ඩ. උත්තර ඒකේ තියෙනවා (නදී)
ඔක්කොම නරක් උනත් දැන් වෙනසකට කාලය හරි. කොච්චර හොඳ නායකයෙක් උනත් තුන් පාරක් බලයේ ඉන්න ඕන නෑ. මොකද අපේ රටේ හොඳ නායකයන්ගේ අඩුවක් නැහැනේ. (නදී)
ඔබතුමිය අත් හිසට උඩින් අල්ලලා කියන්නේ ජනතාවට බිංදුව කියලද ? එහෙම නැත්නම්. (නදී)
ඔය කිව්වට ඉස්සරහට එන්න කට්ටිය ඉන්නවද?(හේ)
"දරුවෙක් පාසලකට දාන්න ලක්ෂ ගණනක් වියදම් කරනවා". ගම්බද දුෂ්කර පාසල් වලින් වැඩිම ලකුණු පෙන්වල කොලබ/ගම්පහ තිබෙන සුපිරි පාසල් වලට දුප්පත් දරුවන්ට යන එන මන් අසුරලයි තිබෙන්නේ. (අ)
චන්ද්‍රිකා කියන්නේ ප්‍රේමදාස ගේ කාලේදී යන්න බැහැ කියපු පාතාලයන්ට සිමා වුන ප්‍රදෙස වලට ගිහින් නිර්බීතව ඡන්දය කරපු එඩිතර කාන්තාවක්. (අ)
අපායේ තවමත් ඕනි තරම් ඉඩ තියෙනවා (දිල්)
අනේ මේ නෝනා අවු 12 ක් ඉඳලත් රටට කරේ මොකක්ද? එක පාරක් හැදුවද? රස්සාවක් දුන්නද? යුද්ධයත් වවාගෙන කෑවා .දැන් ලැජ්ජා නැතුව එනවා වැදි බණ කියන්න. (අ)
ඔබතුමිය කෙරෙහි මට තියෙන්නේ අප්‍රසන්න හැගීමක්! ඔබතුමිය පැත්තකට වෙලා ඉන්නවද මෛත්‍රී මහත්තයා මේ වැඩේ කරලා ඉවර වෙනකම්.(දිල්)
ඔබතුමිය හිටියේ කොතනද කියල මුළු රටම දන්නවා මේ ආණ්ඩුව පෙරළලා අස්ථාවර ආණ්ඩුවක් හදලා රට පස්සට යවන්න තරම් මිනිස්සු මෝඩ නෑ(දිල්)
අපිට අතීතයේ අමතක නෑ. යුද්ධය ඉවර කරපු ජනාධිපති සමගයි අපි ඉන්නේ. මෛත්‍රීපාල මහතා පලවෙනි කතාවම කලේ අඩමින්. එ්කෙන්ම පේනවා එතුමාගේ පෞර්ෂය හා ප්‍රබලකම. මෙහෙම කෙනෙක්ට කොහොමද රටක නායකයෙක් වෙන්නේ, ඔක්කොම විහිලු වගේ මට නම් පෙනෙන්නේ. (නදී)
ඔබතුමියගෙන් පස්සේ ඇයි නායකත්වය මහින්දට දුන්නේ? ඒ දවස්වලම මෛත්‍රීට දෙන්න තිබුණනේ, ඔහුගේ ගුණ දැන් වනන්නේ නැතුව,ඒ කාළේ රට කාලා දැන් මෛත්‍රීගෙ එල්ලිලා ආයෙත් අපේ රට කන්නද හදන්නේ? (ස)
බැද්දගානේ සංජීව මතක නැද්ද ? (නදී)
ශාන් ඔය වෙනස කාගේ උවමනාවක්ද?(දිල්)
මේ අදහස් දැක්කම පුදුම හිතෙනවා.පත් වෙන කෙනා පිරිසිදුනම් වෙන මොන කතාද? (හේ)
කොහොමත් මහින්ද මහත්තයා පළමු සැරේට ඉදිරිපත් උන වෙලාවෙත් නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයෝ හිටියේ එජාපයත් එක්කනේ. ජවිපෙ නිසානේ ඒ වෙලාවේ දිනුවේ (නදී)
චන්ද්‍රකා නෝනගේ කාලේ මේවා හරියට කළා නම් මොකද (දිල්)
මෙතන තියෙන්නේ රටට ආදරයක් නෙවි. මහින්දට ඊර්ෂ්‍යාවක් වෛරයක් ක්රෝධයක්. චේතනා හන් භික්ඛවේ (නදී)
හසිත පොට්ට නව්ෆර් ඔයාටත් අමතකද ? (නදී)
එදත් අත් උස්සලා කීවේ මොනවද ? අද කියන්නේ මොනවද ? (නදී)
ජනතාව කැමති පේන යකාට. නොපෙනෙන්න යකාට වඩා. ජනාධිපති තුමා හොඳයි. ජනාධිපතිතුමාට ජයවේවා! (නදී)
අපි ආදරය කරපු විජේ වෙනුවෙන් ඔබතුමිය මොනවද කලේ ? එදා අපේ ඉස්සරහ මිනී පෙට්ටිය ළඟ ඔය විදිහට අත උස්සලා සපත කරා මොකද උනේ ? බල තණ්හාව නිසා අපේ නමට කැළල් ඇති උනා. දැන් කියන්නේ යලිත් විස්වාස කරන්නද ? (නදී)
අනේ මැඩම් මේ ආණ්ඩුව දුෂිත නම්. ඔයාගේ ආණ්ඩුව පිරිසිදුවට තිබුනද. මෙතන තියෙන්නේ බල තන්හාව කියල ඕනෑම පොඩි එකෙකුට තේරෙනවා. (නදී)
අපිටත් වෙනසක් ඕනේ (නදී)
මැඩම් ඔයා ගෑවිලා හිටියේ නැත්නම් අපේ ඡන්ද මෛත්‍රී මහත්තයට දෙන්න තිබුනා (නදී)
බලය තියෙනකොට එහෙමයි නැතිකොට මෙහෙමයි. කාවඩි සෙල්ලම්වලට ජනතාව රවටන්න පුලුවන්ද? ජනතාව එඩිතර නායකත්වය අමතක කරන්නේ නැහැ (නදී)
ලංකාව කියන්නේ හොරගොල්ල වලව්වේ නින්දගමක් නෙමෙයී. එ්ක මතක තිය ගත්තොත් හොඳයි. (නදී)
ඔයාගේ කියුම් - කෙරුම් අපි නොදන්නවාද ? අපරාදේ ආයේ ආයේ කියල කට රිද්දගන්න එපා. අපිට දුකයි. (නදී)
ඔබ සංවිදානයෙන් පෙන්වන්නේ සැබෑ ජනතා අදහස්ද යන්න ගැටලුවකි. රටේ නායකයාට වඩාත් සුදුසු කෙනා ජනතාව තීරණය කරාවී. එම මතය වෙනස් කිරීමට තරම් සාධාරණ හේතුන් ඉදිරිපත්ව නොමැති බව මගේ විශ්වාසයයි. වසර 10 ක් තුල මැතිවරණ 28 කට කතිරය ගැසීම නිසා ඡන්දදායකයා දේශපාලන ඥානයෙන් පොහොසත්වී ඇත. (නදී)
මෙය නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහතා පරදින්නේ.(හේ)
ඔන්න ඉතින් කිව්වා කතාවක්. (නදී)
අනේ මැඩම් අවරුදු 12 ක් ඔබ තුමිය මොනවද කළේ? (නදී)
බලයේ ඉන්න කාලේ ඔබ තුමියට බැරි උන දේවල් කරන්න දැන් වත් උදව් දෙන එකත් ලොකු දෙයක්. කාගේ අතිනුත් වැරදී වෙනවා. ඔබ තුමියට වාගේම (නදී)
එක අහසක් යට-එක යායට රට--මෛත්‍රී යුගයක් බිහිකරමු (නදී)
එන්න එන්න ඕන තරම්. ආණ්ඩුවෙන් හෝ විදේශයකින් හරි අපි සතුටින් බාරගන්නවා. අපේ නැව ගිලෙන්නේ නැහැ. බය නැතුව නගින්න (නදී)
කව්රු මොනවා කිව්වත්, වැරදි අඩු පාඩු තිබුනත් එතුමිය රටට ආදරෙයි (නදී)
දැන් කොහොමත් කට්ටිය එනවා.(හේ)