හොරණ සිට පේරාදෙණිය ගන්නෝරුවේ නිවසකට අනවසරයෙන් ගෙන අවුත් රඳවාගෙන සිටි බව කියන අලි පැටවකු පොලිසියේ ද සහායෙන් තම භාරයට ගත් බව වනජීවී නිලධරයෝ කියති.
ප්‍රතිකාර සඳහා ගෙන එන්නට ඇතැයි සැලකෙන මෙම අලි පැටවාගේ වයස අවුරුදු තුන හමාරක් පමණ බවත් එහෙත් නිවැසියන් විසින් හිමිකාරිත්වය පිළිබඳව ඉදිරිපත් කළ ලියැවිල්ල අවුරුදු නවය හමාරක අලිපැටවකු සම්බන්ධයෙන් බවත් නිලධරයෝ කියති.
වනජීවී ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතාට ලැබුණු ආරංචියක් අනුව වැටලීම සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආසියාවේ ආශ්චර්යය බොලව්. මොකටද කලබල වෙන්නේ?තව ටික කාලයක් ගියාම හැම ඇමතියෙකුගේම ගෙවල්වල අලි , කොටි , දිවියෝ වගේ සත්තු ඉඳීවි. ඒ වගේ උත්තමයන්ගේ ගෙවල්වල නැතුව අපේ ගෙවල් වලද අලි ඉන්න ඕනෑ? රටක් දියුණු වෙන්නේ මේ වගේ තමා.ජයවේවා !!! (නි)
මේවා හොරකම් තමයි. එත් ඒවා කරන්නේ ලොකු ලොකු අයගේ අනු දැනුම සහ මැදිහත් වීම මතයි. සල්ලි හම්බ කර ගත්තම ගෙදර අලියෙක් ඉන්නව කියලා කියන හීන මානය තමයි ඕකට හේතුව.(නධී)
දැන් රටේ හැමතැනම අලි ප්‍රශ්න (නි)
මෙච්චර දුරක් අලි පැටියාව ප්‍රවාහනය කරනතුරු කවුරුත් පරීක්ෂාවට ලක්කළේ නැද්ද? (නි)
මේ අලියාෙග් අසාමාන්‍යය ලෙස බඩ ලොකුයි. (නදී)
අලි පැටවකුට වත් නිදහසේ ඉන්න බැරි තත්වයක් ලංකාවේ ඇති කරපු අයට මේවට විඳින්න සිදු වෙනවා. (ස)
රටේ හැමතැනම හැමදාම අලි ප්‍රශ්න (නි)
ඇත්ත තමයි ජේමිස් (නි)
මේ සියල්ල පටන් ගත්තේ ලියාපදිංචි අලි ඇතුන් පිළිබද ඇති ලේකනය අතුරු දහන් කිරීමත් සමග නේද?..(දී)
අලියෙක් හොරකම් කරනවානම් ඒ අලි හොරෙක් වෙන්න ඇති (දී)
මේ අහිංසක සතුන්ව බැඳලා වැඩ නෑ. මේව කරන්න හදපු අයව බැඳලා වද දෙන්න. (දී)
මිහිඳු, ඔබ හරි. මේකා තවම බඳින්න තරම් වයසේ එකෙකුත් නොවෙයි නේ! (ස)
ප්‍රතිකාර කරන පශු වෛද්‍ය වරුන් අලි පැටවාගේ ලිය කියවිලි කියවීමට බැරි තරම් නූගත් අයද? (දී)
2050 වන විට ලංකාවේ අලින් වඳවී යාවි.(නදී)
අනේ! පොඩි පැටියෙක් (නි)
කැළයෙන් අල්ලා මහා නිවෙස් වල හොරෙන් රඳවාගෙන සිටින අලින්ට බෙහෙත් කරන තුරාවට මෙම ප්‍රශ්නයට විසදුම් සෙවිය හැකිද? (නි)