යාත‍්‍රාවකින් ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් ඇතුළුවීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයන් 40 දෙනකු එරට කොකෝස් දූපත ආසන්නයේදී ඕස්ටේ‍්‍රලියා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගත් බව වාර්තාවෙයි. මොවුන් සියලූ දෙනාම තරුණයින් වන බවත් ඔවුන් මිනිස් ජාවාරම්කරුවන්ගේ මැදිහත්වීමකින් තොරව ස්වෙච්ඡාවෙන් ඕස්ටේ‍්‍රලියා මුහුදු සීමාව වෙත පැමිණ ඇති බවත් පැවසේ. ඔවුන්ගේ යාත‍්‍රාවේ අන්තර් ජාල සේවා පහසුකම් භූමි ප‍්‍රදේශ හඳුනා ගැනීමට භාවිත කරන ජීපීඑස් උපකරණද තිබී ඇත. ඔවුහු කොකෝස් දූපතේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකරනු ලැබූහ. මේ වසරේ ජනවාරි සිට මේ දක්වා ලාංකික සරණාගතයෝ 586 දෙනෙක් ඕස්ටේ‍්‍රලියාවට අනවසරයෙන් ගොස් සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අසරණ අහිංසක කොල්ලෝ ටිකක්..දෑතේ මහන්සියෙන් ලංකාවේ පණම් හතරක් උපයා ගන්න බැරිකම නිසානේ ජීවිතේ පරදුවට තියලා ඔහොම ගමනක් ගියේ.ටිකක් ඒ ගැනත් හිතලා කාරුණිකව සලකන්න