හැඳුනුම්පතක් නොමැතිව රාත්‍රියේ තලවකැලේ නගරයේ සිටි බව කියන තරුණයකු හා අද උදේ ඔහු බැලීමට ගිය මාමාට පොලිසියේදී පහරදුන්නැයි කියන සිද්ධියකින් දෙපැයක් පුරා උණුසුම්ව තිබූ නගරය අද (15) සවස 5 වන විට සන්සුන් වී තිබූ බව නගර වැසියෝ කියති.
මේ සිද්ධීය සැලවීමෙන් පසු පොලිසියට ආ පිරිස් සමග සහකාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා සාකච්ඡාවක් පැවැත්වීය. පහරදී ඇත්නම් වැරදිකරුවන්ට දඬුවම් කරන බව ඔහු කියා ඇත.
ඔවුනට පහර නොදුන් බව පොලිසිය කියයි. පහර කෑ බව කියන දෙදෙනා රෝහලේ ප්‍රතිකාර ලබතියි කියති.
![DSC02946[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029461.jpg)
![DSC02972[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029721.jpg)
![DSC02973[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029731.jpg)
![DSC02992[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029921.jpg)
![DSC02993[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC029931.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවායේ කෙළවර කොතැනද? (නි)
මහ ජාතියට ගැහුවා වගේ නෙමේ සුළු ජාතියට ගැහුවොත් පොලිසියට වෙන දේ හිතා ගන්නවත් බැරි වේවි! (බ)
මම කිව්ව කතාවේ ඇත්ත නැත්ත තව අවුරුදු 20කින් විතර බලාගන්න පුළුවන්! (නි)
අතුල..ඇයි සුළු ජාතියට අමුතු දෙයක් තියෙනවද? (බ)
මේවා මෙහෙම වෙන්න දෙන්නේ ඇයි? (නි)
කමල් ගැන කියන්න වචන නැහැ මට (නි)
සුළු ජාතිය විසින්වත් පොලිසිය හැදිය යුතුයි. එතකොට මහ ජාතියේ අපිටත් නීතිගරුක රටක ජීවත්වෙන්න පුළුවන්. මෙවැනි දේවලට නිසි ප්‍රචාරය දීම ගැන මාධ්‍යට ස්තුතියි.(කෞ)
අතුල, ඔහොම කතාකියන්නේ කොහොම අයද කියලා මම නම් දන්නවා. මට ඔයා ගැන හිතාගන්න පුලුවන් (නි)
ඔය පොලිසියේ ඇත්තන්ට දරුවෝ, කිරිදරුවෝ, බිරින්දෑවරු නැද්ද? (නි)
මදැයි, ඒ පාර පොලිසියට මහා ජාතිය සුළු ජාතිය වෙන් කරලවත් අඳුර ගන්න බේරී හැටි, යන විදියනම් බොහොම භයානකයි, බේරුවලට අත තියන්න ගිහින් ගිහින් හිටපු රජතුමාට වුනු හරිහ මතකයි නේද? (කෞ)
මේ දවස්වල නිල ඇදුමේ රස්නේ වැඩිවෙලා. කොතනින් කොහෙන් නවතීද දන්නේ නැහැ. (කෞ)
මහජනයාගේ නිදහසට බාධාකිරීම බරපතල වරදක්. පොලිසිය මීටවඩා ශිලාචාර විදියට හැසිරිය යුතුයි. හැමදේකට ඒගොල්ලන්ගේ නිල ඇඳුමයි, රාජකාරියට බාධා කිරීමයි යන "ශ්ලෝකය" දඩමීමා කරගෙන මිනිසුන්ට බොහොම අසාධාරණකම් කරනවා. ඒගොල්ලෝ වැරදි දෙයක් කිව්වත්, කළත් මහජනයා කට වහගෙන ඒවාට එහෙමයි සර්, ඔවු සර් කියන වචන සිවිල් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒක ලොකු විහිළුවක්. යුක්තිය මොකක්දැයි, මහජනයා හොඳටම දැනුවත් වෙලා ඉන්නවා විතරක් නෙමෙයි, ඕනෑම දෙයකට මුහුණ දෙන්ටත් සුදානම් බව පොලිසිය පිළිගන්ට සුදානම් නැහැ වගෙයි. එහෙම ගියා නම් පොලිසියට මහජනයාගෙන් සහය ලැබේවි. (නි)
අතුල සුලුජතිය , මහජාතිය කියාලේ දෙකකේ, රටේ හමොමටම් එකම නිතියකේ තිබ්බනේ. ලියන්න පෙර සිත බලන්න. (කෞ)
පොලිසිවල ඇතැම් නිළධාරීන් යහපාලනය අර්ථවත්කරන්න උත්සාහ ගන්නා වග පේනවා.ගම්වල පොලීසිවල එකදිගට පදිංචි වෙලා ඉන්න නිලධාරීන් ගැන හොයන්නෙම නෑ. ගමේ නිලධාරීන් ගමේ පොලිසිවල ට ගැලපෙනවාද යන්න කොමිසම්වල අය කල්පනා කළයුතුයි. (බ)
මෙතන සුළු ජාතියක් ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැනේ. නිකන් බොරුවට හැම එකටම ජාතිවාදය ඇදලා ගන්නෙ නැත්තම් හොඳයි. (නි)
කමල් ඔයා කියන ජාති දෙකටම සමාන නීතිය කොහොමද කියල බලන්න පුත්තලම් පැත්තේ ගිහින් බලන්න. එතකොට තේරෙයි. (බ)
කමල්, අතුල කියන කතාව ඇත්ත. (නි)
ලංකාවේ විනය හා නීතිය රැකෙන්නේ ඔය කාකි ඇඳුම් වලින්. එනපොට හොඳ නැති බව මිනිසුන්ගේ රංචු ලැදියාවෙන් පෙනෙනවා. ළඟදීම පොලිසියේ කට පුංචලා එළියට වඩම්මලා දෙතුන් දෙනෙක් පාඩමක් ඉගෙනගත්තහම තේරෙයි! (නි)
අපේ රටේ සමහරුන්ට තේරෙන්නේ නැහැ මේ රටේ මෙහෙම හරි ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ පොලිසිය නිසා කියල , දැන් පොඩි දේටත් එෆ් බි ගෙන පොලිසියට විරුද්ධව කෑගහල ,පිකටින් කරල දගලනවා ,සතියක් පොලිසියේ ඔක්කොම නිවාඩු අරගෙන හිටියොත් නියමෙට තියේවි ,හොරකම් ,මිනීමැරුම් විතරක් නොවේ ,ගෙදරට ඇවිත් ඔය පොලිසියට විරුද්ධව දගලන අයගේ අම්මලත් උස්සන් යාවි (බ)
මටනම් හිතෙන විදියට පොලිසියේත් ඉන්නවා මේ යහපාලනේ කඩාකප්පල් කරන්න උත්සහ කරන කට්ටියක් , මෙන්න මෙයාල ටික හොයල දඬුවම් කලානම් මේ කරදර නවතීවි (කෞ)
මේ කොමෙන්ට් දාගන දගලන සුද්දවන්ත මහත්තුරුන්ට තනියම ජීවත් වෙන්න කියල පොලෝසි ටික වහල දැම්ම නම් හොදයි ,එතකොට තමයි ඒ මිනිස්සුන්ගේ අගේ තේරෙන්නේ (කෞ)
දැන් බලමුකෝ මොකද වෙන්නේ කියලා. (නි)
ගුටි කෑව කියන දෙන්නා නම් රෝහලේ හොඳින් ඉන්න බව තමයි පේන්න තියෙන්නේ. (කෞ)
අතුලගේ කතාව ඇත්ත (නි)
අතුලගේ කතාව 100% ඇත්ත. එදාට තමා පාඩම් ඉගෙනගන්නේ (නි)
දිගින් දිගටම මේ වෙන දේවල් නම් එච්චර හොඳ නැහැ (නි)
රට යන අත නොපැහැදිලිය (නි)
ජාතිබේදය ගාවාගෙන නැති ප්‍රශ්න ඇති කරන්නවත්, තිබෙන ප්‍රශ්න යට ගහන්නවත් හදන්න එපා (නි)
මේ ප්‍රශ්නය මෙහෙම විසඳුන එක කොච්චර හොඳද? (නි)
කමල්, රටේ කොහෙද එකම නීතියක් තියෙන්නෙ? (නි)
සමහරු විකාර ලියා තිබෙනවා. ඔබට හෝ ඔබේ පවුලේ සබැදියෙකුට ඒ ටික පොලිසියෙන් වෙනතුරුම ප්‍රශස්ති ගයන්න. පසුව හඬන්න. (නි)
ආනන්ද වගේ මිනිස්සු හැමදේටම යහපලානය කියා කියා ඇවිද්දට ඒ කලේ අමතක කල එක තමයි වරද.ලංකාවේ හැම දේටම දෙශපලනයයි ජාතිවාදයයි ගාවගන්න එපා.වැරදි නම් පක්ෂයක් ජාතියක් බලන් නැතුව දඩුවම් දෙන්න.(කෞ)
ඇත්තටම ඇයි අපේ රටේ විතරක් මෙහෙම වෙන්නේ ..? පිට රටවල ගොඩාක්ම රජයේ සේවකයින් වසර දෙකෙන් හෝ තුනෙන් අනිවාර්ය රැකියා වෙනත් ස්ථාන වලට යොමු විය යුතුයි. එවිට විවිධ පුද්ගල අදහස් දැනුම හුවමාරු වෙනවා සේම මේ වගේ අයහපත් දේවලට කාලය නාස්තිකිරීමේ අවශ්‍ය තාවක් නැති වෙනවා. ඒකටත් එක්ක අපේ රටේ පදිංචි වෙනවා. රැකියාවට ඇවිත් ගමත් කාල රටත් කාල යුනිෆෝර්ම් එක කන්නේ. (ර)
පොලිසියද සුළු ජාතියද කියන එක නෙමෙයි, රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවද? එච්චරයි ඕනෑ. දියුණු රටකට ගියාම ඕක හොඳට තේරෙනවා. (නි)
හැදුනුම්පතක් නැතිව ඇවිදීම වරදීයි. එත්... (ර)
පොලිසියෙ වැරදි ඇති නමුත් සමහරු පරික්ෂා කිරීමකටවත් ඉඩ දෙන්නෙ නැතුව ලොක්කො වෙන්න හදනවා. ඒ වගේම පොලිසියට බනින හැමෝටම වැරදුනාම පොලිසියෙ පිහිට විතරයි තියෙන්නෙ. හිතේ තිබෙන කුහකකම අමතක කරලා සාධාරණව හිතන්න (නි)
මේවාට වගකියන්න ඕනෑ කවුද? (නි)
අතුලගේ කතාව 100% ඇත්ත. (ර)
ලංකා පොලිසියේ තවත් යහපාලන ක්‍රියාවක්. ඕක තමා අපි කියපු වෙනස! වෙනස සැපද? (නි)
යහපාලනයත් මෙහෙම නම් අනෙක් දේවල් ගැන අපිට හිතාගන්න පුලුවන් (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
මම අහන්නේ සැකයට තුඩුදෙන මේ වගේ අය දැක්කහම පොලිසිය මොකද කරන්න ඕනෑ? (නි)
පොලිස් සේවයට බඳවා ගැනීමේදී එක්දහස් නවසිය හැත්තෑදෙකට කලින් අනුගමනය කළ නීතිය, එනම් ඔහුගේ පවුල් සහ පරම්පරා පසුබිම සළකා බැලීමෙන් පොලිසියට සුදුසුද නැද්ද යන වග නිගමනය අනුව පොලිස් සේවයට බඳවා ගත්තා නම් පොලිසිය මීට වඩා නීතිගරුක වේවි (නි)