IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


තලල්ල වෙරළ ජාත්‍යන්තරයට

(අංජුල මහික වීරරත්න)

මාතර දෙවිනුවර දිගු රන්වන් දුඹුරු වැලි සහිත වෙරළ තීරයක් වන තලල්ල වෙරළ තීරය ජාත්‍යන්තර සහතික ලාභී නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තලල්ල වෙරළ තීරයේදී ආරම්භ කෙරිණි.

Clean Sri Lanka වැඩසටහන යටතේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

අන්තර් ජාතික නිල්ධජ වෙරළ පාරිසරික සහතිකය යනු, ලෝකයේ වෙරළ තීර වල පාරිසරික සංරක්ෂණය, ජල තත්ත්වය, පාරිසරික දැනුවත් වීම, ආරක්ෂාව හා සේවා පිළිබඳ තත්ත්වය මත ලබාදෙන පාරිසරික සහතිකයකි. නිල්ධජ වෙරළ තීරයක් ලෙස මෙම වෙරළ තීරය සංවර්ධනය කරමින් සංචාරක ආකර්ෂණය ඉහළ නංවා, රටේ ආර්ථික වර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමෙහිලා මෙකී වැඩසටහන සුවිශේෂී දායකත්වයක් සපයනු ඇත.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, පරිසර අමාත්‍ය  වෛද්‍ය ධම්මික පටබැඳි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර යන මහත්වරු  සහ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (5)

තලල්ල වෙරළ ජාත්‍යන්තරයට

Hasith Tuesday, 30 September 2025 09:52 AM

කවුරුහරි ඇස් පේන වගකිවයුත්තෙක්.. මේ රටේ හැම අස්ස්ක් මුල්ල්ක් නෑරම දාල තියෙන ප්ලාස්ටික් බෝතල් .පොලිතීන් කන්දරාව නවත්‍තන්න වැඩ පිලිවෙලක් සකස් කරන්නකෝ.. වතුර බෝතල් පැනි මීම බෝතල් කානු අස්සෙ දිය පාරවල් වල පාරවල දෙපැත්‍තේ..මේක මහා කේදවාච්කයක්.. ඒවා විකුනන එක අඩු කරන්නෙත් නෑ.. බාවිතය පිලිවෙලක් කරන්නෙත් නෑ

:       0       33

idr tharangaTuesday, 30 September 2025 11:14 AM

මගේ අයිඩියා එකක් තියෙනවා. ප්ලාස්ටික් නිෂ්පාදනය කරන සියලු ආයතන එකතු කරන්න ඕන. එයාල එකතු කරගෙන හැම නගරයකම ප්ලාස්ටික් බෝතල් හෝ හිස් ප්ලාස්ටික් ද්‍රව්‍ය එකතු කරන මධ්‍යස්ථානයක් හදන්න ඕන. දැන් මෙගා බීම බෝතලයක් 400ක් නම් 500ක් කරන්න ඕන. බෝතලේ එම කඩේටම හෝ මධ්‍යස්ථානයට දුන් විට 100 ගන්න පුලුවන් වෙන විදියට. හැම බෝතලයක්ම රු 100ක අත්තිකාරමක්ම සමග තමයි විකුණන්න ඕන. ඕව තැන තැන විසි කරත් කුඩ්ඩො ඕව මධ්‍යස්ථානවලට දීල සල්ලි ගනී. සරලයි

:       0       8

අරවින්ද මොණරවිල Tuesday, 30 September 2025 09:52 AM

රාජපක්ෂල වික්‍රමසිංහ ප්‍රේමදාස කල්ලියේ කසළ ශෝධකයන්ට කියන්න පුළුවන්ද මේක කාගේ සංකල්පයක්ද කියලා.........

:       9       10

දෙහිගෙදර අපිනං නෙවේ Tuesday, 30 September 2025 10:01 AM

ඒ වගේම අපරාද පවුල්, ඒ අයට සහයෝගෙ දෙන පොලීසියත් ක්ලීන් කරල දාල නගරෙත් සාමකාමී කරන්න.

:       0       13

nirodha de silva Tuesday, 30 September 2025 10:58 AM

පැඩල් ඕපනින් බින් දාන්න ඕන. අපේ අය කම්මැලි, ඕවා ඇති විවෘත කරන්න . අනික අතින් අල්ලන්නත් කැමති නැහැ

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1715 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site