(මහින්ද නිශ්ශංක)
තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයෙන් අලුයම 4.15 ට පිටත් වන මෙම දුම්රිය පෙරවරු 10.34 ට කොටුව දුම්රිය ස්ථානයට ළගා වන අතර සවස 3.35 ට කොටුවෙන් පිටත්ව රාත්‍රී 10.48 ට තලෙයිමන්නාරම තොට දුම්රිය ස්ථානයට ළගා වන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය කියයි.
වායුසමනය කළ පළමු පන්තියේ මැදිරි දෙකකින් ද දෙවන පන්තියේ වෙන්කළ ආසන මැදිරි දෙකකින් හා දෙවන , තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි වලින් ද මෙම දුම්රිය සමන්විත බව දුම්රිය දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා දුම්රිය සේවාව වසා පැතිර පවත්නා වුර්තීය සමිති මාෆියාවෙන් බේරී මෙම නව සේවාව දිගටම පවත්වාගෙන යාමට හැකිවේවා...!
කියන වෙලාවටම ආවොත් තමයි පුදුම. තව පැයක්වත් එකතු කරන්න වෙයි..!
යන එන අය ගැන සමීක්ෂණය කර දුම්රිය වේලාව සකස් කරන්න.උදේ ගිහින් සවස ආපසු එන විදියට යොදන්න.නැත්නම් අසාර්ථක වේවි.