වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු ක්‍රිඩකයකු තරග පාවා දිමකට කිසිදු අයුරකින් සම්බන්ද වි නැති බව තමා වගකිමෙන් ප්‍රකාස කරන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
අද (17) පෙරවරුවේ මහනුවර ට පැමිණ දළඳා සමිදුන් වැදපුදා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිඩාංගණයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එසේ පැවැසීය.
මෙම සිද්ධියට ආදාල කාරණය මිට ඉහතදී ක්‍රීඩකයින් පුහුණු කිරිම් කරන වේලාවේ ක්‍රිඩකයන්ගේ පුහුණුවීම් වලට සහාය දෙන පුද්ගලයකු හා ක්‍රිකට් පාලක මංඩලයේ විශේෂ පුහුනුව සඳහා පැමිණ සිටින නිලධාරියකු ජාතික කණ්ඩායමේ ක්‍රිඩකයින් තරග පාවා දීමකට හවුල් කරගන්නට ගොස් තිබෙනවා. ඒ ගැන ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තා වෙලත් තියෙනවා. ක්‍රිඩා අමාත්‍යවරයා මේ බව එෆ් සී අයි ඩියට දැන්නුවා.
ඒ පරික්ෂණ ආරම්භ වෙලා දැන් අපට ඊට මුහුණ දෙන්න වෙලා තියෙනව ක්‍රිකට් පාලක මණ්ඩලය හැටියට.
මම වගකීමකින් කියනවා කණ්ඩායමේ ඉන්න කිසිම කෙනෙක් තරග පාවා දීමකට සම්බන්ධ වී නැති බව. නමුත් ඒ අයගෙන් සාක්කි ගන්නවා. තරග පාවා දෙන්න උත්සාහ ගත් අයකුගෙත් පුහුණුකරුවකුගෙත් නම් සඳහන් වෙනවා.
ඔවුන් දෙදෙනා ගැන හෙට වාර්ථාවක් මම ඉල්ලා තිබෙනවා. ඉන් පසුව ඹවුන්ගේ වැඩ තහනම් කරන්නට වෙනවා. පරික්ෂණ අවසන් වෙනකම්. ඒ සඳහා ක්‍රිකට් පාලක මංඩලයේ තීරණ සම්බන්ධව නිලධාරියකුගෙන් තොරතුරු ලබාගෙන තීරණයක් ගන්නා බවත් අවාසනාවකට එවකට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා හා ක්‍රිඩකයකු හැටියට එෆ්.සී.අයි.ඩී.යට සාක්කි දීමට නායකයකු හැටියට යා යුතු බවත් එෆ්.සී.අයි.ඩි එකට යන සියලුම අය වැරදිකරුවන් නොවන බවත් ජාතික කණ්ඩායමේ කිසිදු ක්‍රිඩකයකු තරග පාවා දීමක් කර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන අතර වැරදි ආකාරයකට ප්‍රචාරයක් ලබා දිම සුදුසු නොවන බවත් ක්‍රිකට් සභාපතිවරයා පැවැසීය.
ජාතික කණ්ඩායමේ ක්‍රිඩකයින් 4 දෙනකුට සුළු අසනිප ඇතත් ඔවුන් ආරක්ෂා කර ගනිමින් ආසියා කුසලාන තරගාවලිය ජයග්‍රහණය ගැන සිතිය යුතු බවත් මේ සඳහා එන සතියේ නිලධාරින් සමග සාකච්ඡාවක් පවත්වන බවත් සභාපතිවරයා කීය. තවද ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව හා එංගලන්තය වැනි රටවල් තාක්ෂණය අතින් හා පුහුණුකරුවන් ලෙස ඉහළින් සිටින නිසා එවැනි පුහුණුකරුවකුගේ සේවය ඉදිරියේදී ලබා ගැනිමට කටයුතු කරන බවත් හේ පැවැසිය.
හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමග ක්‍රිකට් පාලක මණ්ඩලයේ සහයෝගයෙන් කටයුතු කිරිමට අදහසක් නැත්දැයි විමසු විට සාමාජිකයන් ඔහුට අකමැති බවත් නිලවරණයේදී ඔහු උප සභාපති ලෙසවත් පත් නොකළ බවත් හැකියාව දක්ෂතා ඇතැයි කියා ආයතනයට රැගෙන එයින් ආයතනයට හොඳක්ද නරකක්ද වෙන්නෙ කියා බැලිය යුතු බවත් ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිලංග දෙන්නකු ගැන වාර්තාවක් ඉල්ලයි
විමලරත්න Sunday, 17 January 2016 10:31 PM
අපි බලමු වෙන්නේ මොකක්ද කියලා (නි)