ඛනිජ තෙල් සංස්ථාව කිසිදා පෞද්ගලීකරණය නොකරන බවත් එල්.පී.ගෑස් නිපදවීම හා කෘෂි රසායන ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනයට හැකියාව ඇත්දැයි සොයා බලන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක අඛණ්ඩ සේවයක් සපිරූ සේවකයින්ට රන් තිළිණ ප්‍රදානයට එක්වෙමින් පැවසීය.
නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියන දේවල් වෙනවද? මිල සූත්‍රය කෝ? පෙට්‍රල් 50 ට දෙන්න පුළුවන්. (නි)
කාට දී ගත්තත් අපට කමක් නැහැ..දැනට ඩොලර් 29 ආසන්නයට පහල බැහැල තියෙන තෙල් මිලේ වාසිය ජනතාවට දුන්නනම් හොදටම ඇති.. (කෞ)
තෙල් සංස්ථාව පෞද්ගලිකරණය නොකරනවා කියන එක ජනප්‍රිය කතාවක් විතරයි. ඕක රජයට අයිතිවුණා කියලා ජනතාවට සහන ලැබිලා තියෙනවද? හැමදාම පාඩු ලබනවා විතරයි. පුලුවන් නම් කියන්න තෙල් සංස්ථාව කවදාවත් පාඩු නොලබන ආයතනයක් බවට පත්කරනවා කියලා. අනිත් එක ගෑස් සහ කෘෂි රසායන ද්‍රව්‍ය නිපදවන්න කලින් ලංකාවට සම්පුර්ණයෙන්ම බොරතෙල් පමණක් ගෙනල්ලා අවශ්‍ය පෙට්‍රල් ඩිසල් සහ අතුරුඵල නිපදවීම පටන්ගන්න. තාමත් ලංකාවේ පරිභෝජනයට පෙට්‍රල් සහ ඩිසල් පිටරටින් ගේනවා. (නි)
තාමත් මෙය හිතාන ඇත්තේ තම ඇමතිකම දරන්නේ ශ්‍රී,ල,නි,ප, ආණ්ඩුවක කියල.(කෞ)
තාම මිල සුත්තරේ ජප කරලා අවසාන නැද්ද? (කෞ)
කවුරු මොනවා කිවුවත් යූඑන්පිය එදත් කළේ කියූ දෙයට හාත්පසින්ම විරුද්ධ දේවල්. (නි)
නියමයි. ජයවේවා! (නි)
ඒක දීලා කොහොමද ..? (ර)