ඛනිජ තෙල් සංස්ථාව කිසිදා පෞද්ගලීකරණය නොකරන බවත් එල්.පී.ගෑස් නිපදවීම හා කෘෂි රසායන ද්‍රව්‍ය මෙරට නිෂ්පාදනයට හැකියාව ඇත්දැයි සොයා බලන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක අඛණ්ඩ සේවයක් සපිරූ සේවකයින්ට රන් තිළිණ ප්‍රදානයට එක්වෙමින් පැවසීය.
නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියද එම අවස්ථාවට එක්ව සිටියාය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘තෙල් සංස්ථාව කවදාවත් පෞද්ගලික අංශයට දෙන්නේ නෑ‘
මුණසිංහ Saturday, 16 January 2016 01:26 AM
ඔබතුමා කියන දේවල් වෙනවද? මිල සූත්‍රය කෝ? පෙට්‍රල් 50 ට දෙන්න පුළුවන්. (නි)
ප්‍රියාන් Friday, 15 January 2016 12:31 PM
කාට දී ගත්තත් අපට කමක් නැහැ..දැනට ඩොලර් 29 ආසන්නයට පහල බැහැල තියෙන තෙල් මිලේ වාසිය ජනතාවට දුන්නනම් හොදටම ඇති.. (කෞ)
සමන් වසන්ත Saturday, 16 January 2016 03:39 AM
තෙල් සංස්ථාව පෞද්ගලිකරණය නොකරනවා කියන එක ජනප්‍රිය කතාවක් විතරයි. ඕක රජයට අයිතිවුණා කියලා ජනතාවට සහන ලැබිලා තියෙනවද? හැමදාම පාඩු ලබනවා විතරයි. පුලුවන් නම් කියන්න තෙල් සංස්ථාව කවදාවත් පාඩු නොලබන ආයතනයක් බවට පත්කරනවා කියලා. අනිත් එක ගෑස් සහ කෘෂි රසායන ද්‍රව්‍ය නිපදවන්න කලින් ලංකාවට සම්පුර්ණයෙන්ම බොරතෙල් පමණක් ගෙනල්ලා අවශ්‍ය පෙට්‍රල් ඩිසල් සහ අතුරුඵල නිපදවීම පටන්ගන්න. තාමත් ලංකාවේ පරිභෝජනයට පෙට්‍රල් සහ ඩිසල් පිටරටින් ගේනවා. (නි)
දීපාල් Friday, 15 January 2016 12:57 PM
තාමත් මෙය හිතාන ඇත්තේ තම ඇමතිකම දරන්නේ ශ්‍රී,ල,නි,ප, ආණ්ඩුවක කියල.(කෞ)
මහින්ද සෞදි Friday, 15 January 2016 02:20 PM
තාම මිල සුත්තරේ ජප කරලා අවසාන නැද්ද? (කෞ)
සන්තුෂ් Friday, 15 January 2016 03:32 PM
කවුරු මොනවා කිවුවත් යූඑන්පිය එදත් කළේ කියූ දෙයට හාත්පසින්ම විරුද්ධ දේවල්. (නි)
විමලරත්න Friday, 15 January 2016 07:07 PM
නියමයි. ජයවේවා! (නි)
ජයනාත් Saturday, 16 January 2016 11:57 AM
ඒක දීලා කොහොමද ..? (ර)