ඛනිජ තෙල් සංස්ථාවට අයත් සී.පී.එස්.ටී.එල් සමාගම සතු කොටස් පෞද්ගලික සමාගමකට විකිණීමට හා මෙහෙයුම් ගාස්තු කප්පාදු කිරීමට ආණ්ඩුව සැරසෙන බව කියමින් ඛනිජ තෙල් සංස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සාමාජික පිරිසක් අද (14) දහවල් කෑම පැයේදී කොළොන්නාවේදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.