ලෝක වෙළඳපළේ බොර තෙල් බැරලයක මිල ඉතා අඩු වී ඇත. නමුත් ඊට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල අඩු වී නැත.
ලෝක වෙළඳපළේ තෙල් මිල පහල වැටීම අනූව රජය ඉදිරියේ දී ඩීසල් මිල පහල නොදැමුව හොත් බස් ගාස්තු ඉහල දැමීමට ඉදිරියේදී කටයුතු කරන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන සංවිධායක සුමනදාස ගමගේ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් ගාස්තු අඩුවීම පොකට් එකට වාසිවුණත් පරිසර දූෂණය වන හානිය ඊට වැඩියි. තව ටික දවසක් යනකොට අපිට වෙන්නෙ ඔක්සිජන් ටැංකි පිටේ බැඳගෙන යන්න. (නි)
නරකද මේකටත් රටකින් උපදෙස් ගන්න කවුරුහරි කැදෙව්වොත්? (නි)
කෝ අර චම්පිකගේ සූත්තරේ? (නි)
අපේ රට නම් පුදුමාකාර රටක් (නි)
තෙල් මිල අඩුකිරීම නොකළ යුතුයි යනු මගේ අදහසයි. ඒ වෙනුවට ඒ ආදායමෙන් රටට වැදගත් ව්‍යාපෘති කළහැකියි. නැත්නම් විශ්ව විද්‍යාල හෝ රෝහල් වල පහසුකම් වැඩිකළ හැකියි. (නි)
බස් දුවන්නේ නම් හරිම අමාරුවෙන් තමයි. මොකද වේගය පැ.හැ. 12 ක විතර වේගයක් තමයි පිටිසර ප්‍රදේසවල තියෙන්නේ. (කෞ)
තෙල් මිල පහල දැමිය යුතුයි ලෝක වෙළද පොළේ විශාල ලෙස බොර තෙල් මිල පහල ගොසින් තියෙන්නේ 30$ විචාරකය පවසන අන්දමට එය තවත් පල්ලහට යන්න පුළුවන් මේ දෙයට සාපේක්ෂව රට තුල තෙල් මිල පහල දමන්න පුළුවන් (කෞ)
ආණ්ඩුවේ මිල සූත්‍රයට බාලගිරි දෝෂයද? (කෞ)
කෝ අර මාස 06 කින් එලියට දානවා කියපු චම්පික මහදැන මුත්තාගේ සුත්තර පුංචා? (බ)
ඔය කියපු තරම් දේවල් බලාපොරොත්තු විය නොහැක. (ර)
තෙල් මිල මේ දිනවල වාර්තාගත ලෙස පහල බැස තියනවා . නමුත් ලංකාව වගේ පහත් දේශපාලන මතිමතාන්තර තියන රටක නැවත තෙල් මිල ඉහල දමන්න සිදු වූ විට විපක්ෂය නගන චෝදනා වලට මුහුණ දෙන්නේ කොහොමද ? (ර)
තෙල් මිල අඩුකලේ නැත්නම් බස් ගස්ස්තු ඉහල දානවා කියන එක පුදුම තර්කයක් නේ. ඒ කියන්නේ තෙල් මිල පහත දැම්මොත් බස් ගාස්තු අඩු කරන්නේ නෑ කියන එක නොකිය කියනවා වගේ දේයක් ද? මේ බස් නම් තනිකරම මාෆියාවක්. ලංකාවේ මිනිස්සුන්ට කවදාවත් ගැලවීමක් නෑ. (ර)
ලංගම හරියට තිබුනා නම් මෙහෙම වෙන්නේ නැනේ. (ර)
මේක පුදුම කතාවක්නේ බස් ගාස්තුව වහාම අඩු කරන්ඩ. (ර)
මහින්ද ගෙදර යවපු නිසා දැන් ලෝක වෙළද පොලේ තෙල් මිල අඩු වෙලා කියල මෙයාල දන්නේ නැතිව ඇති. කොහොම වුණත් සීටීබී එක හරියට තිබ්බොත් අැමැතිලට ලැබෙන කුට්ටු නැති වෙනවනේ.ඒ නිසා බස් ගැමුණුට ඕනි විදියට මිල වැඩි කරාවී. තෙල් අඩු කළත්, ගාස්තු වැඩි වේවි., එන්බීටී වැඩි කළ නිසා, (බ)
වැඩි කරන්නේ අයි? තෙල් වැඩි කරේ නැත්නම් තියෙන ගාන තියන්න. (ර)
තෙල් මිල වැඩිකොලොත් පමණක් බස් ගාස්තු වැඩිකරන්න. (ර)
ගස් මාෆියා, ගල් මාෆියා, වැලි මාෆියා, වී මාෆියා, දැන් තෙල් මාෆියා. (ර)
ඔය දෙකම අඩු කරොත් මහජනයාට යහපතක්. (ර)
තෙල් මිල අඩු කරලා බස් ගාස්තුත් අඩු කරන්න කරවත් අසාධාරණයක් නොවෙන විදියට. (ර)