( දිල්රුක්ෂි ග්‍රේරු )
තෙල් මිල අඩු වැඩි වීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කර ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
එම කමිටුවෙන් ලබා දෙන තීරණය අනුව තෙල් මිල සුත්‍රය ක්‍රියාත්මක වන බවත් තෙල් මිල අඩු වැඩි වන ඕනෑම අවස්ථාවකදී හැකි තාක් මහජනතාවගේ සහනය පිළිබඳවද සිතා තීරණ ගැනීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වන විට ලංකාවට තෙල් සැපයීම සඳහා ඉරානය පමණක් නොව තවත් රටවල් බොහෝ සංඛ්‍යාවක් ඇති නිසා ඉතා ගුණාත්මක තත්ත්වයෙන් ඉන්ධන ලබා ගැනීමට හැකි බවත් ඉදිරියේදී ආයෝජකයින්ගේ ගුණාත්මක භාවය හා පැන නගින ගැටළු සම්බන්ධයෙන් සොයා බලා ඉදිරියේදී ගිවිසුමක් අත්සන් කිරීමට බලා පොරොත්තුවක් ඇති බව හෙතෙම සඳහන් කළේය.
මේ කරුණු මුලික කරගෙන ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් ජනතාවට ගැටලුවක් මතු නොවීමට ඉඩ ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු ඇමැතිතුමනි, මිල සූත්‍රයට අනුව තෙල් මිල මාසිකව වෙනස් වනවා. ජනතාව මුදල්දී තෙල් ලබාගන්නවා. ඒ වගේම රටේ භාණ්ඩ මිල ඒ අනුව වෙනස් වෙනවා. ජනතාවට මේ මිල සූත්‍රය හැදෙන හැටි කරුණාකරලා ඉදිරිපත් කරන්න. එය විවිධ විද්වතුන්ට එවිට විශ්ලේෂණය කරන්න පුලුවන්. තෙල් මිල වැඩිවීමට වගඋත්තර කරුවන් සෙවීමට එය පහසුවක්...
ඔබතුමා දන්නේ ක්‍රිකට් ක්‍රීඩාවනේ. ඒ අමාත්‍යංශය හරි අවුල්. ඒක බාරගන්න. ඔය අමාත්‍යංශේ දන්නා කෙනෙකුට බාර දෙන්න.
කරුණාකර මිල සුත්‍රය ජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කරන්න , ඊට පස්සේ එය නියම විදිහට ක්‍රියාත්මක කරන්න ,එහෙම කරහම තෙල් මිල අඩු වැඩි වුනහම කාටවත් ඇඟිල්ල දිගුකරන්න අවශ්‍ය වෙන්නේ නැහැ . කරමින් කාලය නාස්ති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ නැහැ , අලුතෙන් කමිටු පත්කරන්න එපා එකෙන් වෙන්නේ අනවශ්‍ය මුදල් නාස්තියක් ,බොරුවට මේක අල්ලාගෙන අවරුදු ගනනාවක් තිස්සේ කාලය නාස්තිකරමින් පාර්ලිමේන්තුවේ සහ ඇමති මණ්ඩල රැස්වීම් වල තරක විතර්ක කරමින් කාලය නාස්ති කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ
මිල සුත්‍රය ගෙනාවේ මුදල් ඇමති. ඔබ ඔහුගෙන් අවසර අරගෙනද කමිටුව පත්කළේ ?
අනවශ්‍ය කතා නවත්වලා කරුණාකර මිල සුත්‍රය ප්‍රසිද්ධ කර ක්‍රියාත්මක කරන්න, ලෝක වෙළදපලේ තෙල් මිල වැඩි වන විට මිල සුත්‍රය ගැන කතාකිරීමත් අඩුවන විට මිල සුත්‍රය ගැන කතා කිරීම නවත්වලා නිහඩව සිටීමත් වහාම නවත්වන්න .
ජර්මනියේ ඉන්ධන මිල සදහා සුත්‍රයක් හදුන්වල දීල තිබෙනවා එම මිලසුත්රය අනුව ඉන්ධන මිල සුළු වශයෙන් දිනපතාම අඩු වැඩි වෙනවා , කවුරුවත් මේගැන වැඩිය කලබල වෙන්නේ නැහැ , ජර්මනිය බිම් ප්‍රමාණයෙන් ලංකාවට වැඩිය කිහිප ගුණයක් වැඩි අතර ලෝකයේ 3 වන හෝ 4 වැනියට විශාල ආර්ථිකයට ඔවුන් හිමිකම් කියනවා අතර මෙහි තිබෙන්නේත් ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා හදපු බහුතර රජයක් නමුත් මෙහි ඇමති මණ්ඩලය ලංකාවට වැඩිය කුඩා වවන අතර ඇමතිවරුන්ට තීරුබදු සහිත වාහන , තවත් වාහන සහ 5-10 වන කාර්යමණ්ඩල වලට රජයෙන් ගෙවන්නේද නැත බහුතරයක් ඇමතිවරු පාර්ලිමේන්තු එන්නේ පොදු ප්‍රවාහන සේවයෙන් ,මෙහෙ ඇමතිවරුන්ට ජනතාව අතර ජිවත්වන්න ආරක්ෂකයන් වුවමන වන්නේ නැත , ලංකාවේ මේවා සියල්ල දුන්නත් ඇමතිවරු කරන්නේ හැමදාම තෙල් මිල , විපක්ෂ නායක කම වැනි එකම කරුණක් අල්ලාගෙන නිකරුනේ වාද කරමින් කාලය මැරීමය , රට ඉදිරියට ගෙන එන සැලසුම් හදා ක්‍රියාත්මක කරන්නේද නැත