හල්දුම්මුල්ල කිරවනාගම අම්පිටියේ ඈත ගමක තල මල් 11 ක් පිපී ඇත. තල මල පිපෙනුයේ ගහේ අවසන් කාලය පැමිණි විටය.
ආයුර්වේද දෙපාර්තමේනුතුවේ කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා කියනුයේ මෙය පුෂ්ප මංජරියක් බවයි.
හල්දුම්මුල්ල කිරවනාගම අම්පිටියේ ඈත ගමක තල මල් 11 ක් පිපී ඇත. තල මල පිපෙනුයේ ගහේ අවසන් කාලය පැමිණි විටය.
ආයුර්වේද දෙපාර්තමේනුතුවේ කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතා කියනුයේ මෙය පුෂ්ප මංජරියක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සනයි.....ඉතාමත් කලාතුරකින් දකින්ට ලැබෙන දුර්ලබ ගණයේ දසුනකි. මෙය දැක ගන්නට සැලැස්වු ඔබට මාගේ තුතිය (බ)
තල මල් පිපීම හැඩකාර වුණත් ජනමතයේ එහි භයංකාරබවක් ගෙන දේ (නි)
ගෙඩි හැදෙන රා මදින ,තල් හකුරු හදන තල් අල හදාගන්නේ ඒවගේම ලපටි අතුවලින් කොළ ඉරා වට්ටි,පෙට්ටි හදාගන්නේ තල් ගස් වලින්.යාපනය පුත්තලම වගේ ශුෂ්ක වියලිකලාප වල මේ ගස් වැවෙනවා. (බ)
කලාත්මක දසුනක්. (නි)
ලස්සනයි නේද?(හේ)
දැන් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලංකාවේ කඳවුරු බැඳීමට සූදානම් වගයි අපිට නම් හිතෙන්නේ. 2020 වනතුරුවත් ඉන්න වෙන්නේ නැහැ වගෙයි (නි)
තල මල් පිපුනා නම් එ්කේ තේරුම ලොකු අපල කාලයක් කියන එක. (නි)
තල මල පිපිලා බලන්න ලස්සන.... (නි)
ගමට අසුභයි කියලත් කියනවා නේද? (නි)
තල් ගස තල ගස එකම පවුලේ වර්ග දෙකක ගස්. තල ගසේ අතු විශාල. සමහර වැසියෝ නිවසේ වහලයට තල අතු ආවරණය කරන්නේ අවුවෙන් වැසි වතුරෙන් නිවාස ආරක්ෂා කරගන්නයි. මේ තල ගසේ මල පිපුනාම ගසේ කඳේ උඩ කොටසේ විශාල ඉදිමීමක් වගේ ගෙඩියක් හැදෙනවා. ඒ ගෙඩිය ඇතුළේ පිටි වර්ගයක් ඇත. ගස කපා බිම හෙලුවාම ඒ ගෙඩිය පළලා මුලු ගමේම වැසියෝ ඒ පිටි වලින් තලප සහ පිට්ටු හදලා කනවා. මේ තල ගසේ ආයුකාලය මල පිපුනායින් පසු අවසානය. (නි)
හරිම සුන්දර දර්ශනයක් (නි)
චන්ද්‍ර වීරසිංහ, අපි ආහාරයට ගන්නා තල ඇට කියන්නේ බොහෝ කුඩා පැළෑටියක ඇට. එය වගාකරන්නේ හේන් වල. මේ කියන තල ගස් වලින් තමයි පුස්කොල පොත් වලට සහ වට්ටි, පෙට්ටි වගේ දේවල් හදාගන්නත් වහල හෙවිලි කරන්නත් සහ හාමුදුරුවරු වැස්සට රැගෙන යන තල අතුත් හදාගන්නේ. (නි)
තල ගන්නේ මේ ගස් වලින්ද? මේ තල් ගසුත්, උතුරේ අපි දකින තල් ගසුත් වෙනස් නේද? මේ සම්බන්ධව දන්නා අයෙක් කරුණාකර පහදන්න (නි)
එකොළහක් පිපුනා කියන්නේ බොහොම දුර්ලභ සිද්ධියක්. (නි)
ගුවන්තල තල මල බැබළෙන්නේ..... බින්දු බින්දු මල් අතු අග පිපි මල්.... (නි)
තල කියන වචනය ශාක වර්ග කීපයකට භාවිතා කරනවා. තල ඇට ආහාරයට ගන්න ධාන්‍ය වර්ගයක්. මෙය වගාකරනුයේ ගොඩබිම් වල. යාපනය ප්‍රදේශයේ වැවෙන වර්ගය රා මැදීම හා හකුරු සැදීම සඳහා ගන්නවා. කොළ වලින් නොයෙකුත් වර්ගයේ අත්කම් වර්ග සාදනවා. මාගල්, වටාපත් වැනි දේ. මෙය බොහෝවිට සෑම ප්‍රදේශයකම වැවෙනවා. තවත් තල් ගස් කුඩා හා උස ගස් වශයෙන් ශුෂ්ක ප්‍රදේශවල වැවෙනවා (නි)
ලංකාදීපයට ස්තූතියි! (නි)
තල් සහ තල යනු ප්‍රභේද දෙකක්. ඉහත මල පිපිලා තියෙන්නේ තල් ගසක. තල යනු ධාන්‍ය වර්ගයක්. උදා: තල් හකුරු සහ තල ගුලි. (ර)