(රංජන් කස්තුරි)
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඩුබායි රටෙන් ඇණවුම් කළ මෙට්‍රික් ටොන් 40000ක පෙට්‍රල් අඩංගු නැවක් අද මධ්‍යම රාත්‍රියේ කොළඹට ළඟා වීමට නියමිතය.
එම නැවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32500ක් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7500ක් ද අඩංගු වන බව ලංකා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පැවසීය.
එම තෙල් නැව අද රාත්‍රී 11.30ට කොළඹට ළඟා වීමට නියමිත අතර නැව පැමිණි විගස රසායනාගාර පරීක්ෂණ හා වෙනත් කටයුතු රාත්‍රියේම සිදු කිරීමට කණ්ඩායම් සූදානම් කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.
හෙට පස්වරු දෙකට පමණ සිට දිවයින පුරා තෙල් බෙදා හැරීමට නියමිත බව අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි රටේ තෙල් නැහැනේ. වෙන වෙළෙන්ඳෙකුගෙන් ගන්න ඇති. අපි 11.30ට රතිඤ්ඤා පත්තුකර නැව පිළිගන්නවා.
මං හිතන්නේ සෝමාලියානු කොල්ලකාරයන්ට පස්සේ නැවක් එනකං මෙච්චර මග බලාගන ඉන්න ලෝකේ එකම පිරිස අපි වෙන්නැති....
ඔබ ඉන්නේ කොහෙද කියා මම හොයනෙමි ලෝකේ පුරා. ඔබ දවසක එන තුරා මම ඉන්නවා තෙල් සොයා. එනවානම් අනේ තෙල් අරන් එන තැනකට එන්න රත්තරන්.!!
හෙට අපිට තෙල් බෙදන දවස. ජාතික නිවාඩු දිනයක් කරමුද?
මේ තෙල් පරීක්ෂනය කරනකන් බෙදන්න බැහැ. පාස් වුනේ නැත්නම් බඩුම තමයි .
මං හිතන්නේ සෝමාලියානු කොල්ලකාරයන්ට පස්සේ නැවක් එනකං මෙච්චර මග බලාගන ඉන්න ලෝකේ එකම පිරිස අපි.
අදත් නෑ...හෙටත් නෑ.. අපිට තෙල් ටික ලැබෙන් නෑ... හීන තිබුනට කෝටියක්..රටේ නෑ එක තෙල් බිඳක්...
පුවත් අනුව ලංකාවේ දවසක තෙල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 14,000 ලු. නැවෙන් එන්නේ මෙට්‍රික් ටොන් 40,000ක් ඉතින් මේ තෙල් දවස් තුනකට පමණක් ඇතිවේවි. දන්නා කෙනෙක් මෙය පැහැදිලි කර දෙන්න.