අජන්ත කුමාර අගලකඩ
නොබෝදා ඇතිවූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත් කරන ලද ඇමැති අනුකමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට අද (14) දහවල් බාර දෙනු ලැබීය.
ජනාධිපති කාර්යාලයේ අද දහවල් පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති අනු කමිටුවේ සභාපති ආචාර්ය සරත් අමුණුගම මහතා එම වාර්තාව ජනාධිපතිවාරයාට බාර දුන්නේය.
ඉන්දියා ඔයිල් සමාගම විසින් ගෙන්වල ලද පෙට්රල් නැවක් තත්ත්වයෙන් බාල බවට තීරණය කර ආපසු හරවා යැවීම හේතුවෙන් ඉකුත්දා පෙට්රල් හිඟයක් ඇති විය. ඒ සම්බන්දයෙන් සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉකුත් හත් වැනි දා පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් සිව්දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේතුව අපටත් දැනගන්න පුලුවන්ද ?
පෙට්රල් අර්බුදය රජය තවත් අමාරුවේ දෙම්මේය. අර්ජුන රණතුංග ඇමතිවරයා මේ අර්බුදය කළමනාකරණයේ දී මුළුමනින් ම අසාර්ථක වුණා පමණක් නොව, ඔහුගේ නොහැකියාව පෙන්නුම් කළේය. තෙල් අර්බුද්දය රජයේ ආරක්ෂාවටද තර්ජනයක්. තෙල් ඇමතිවරයා අස්විය යුතුය. දක්ස කුසලතා ඇති ඇමතිවරයෙක් පත් නොකොළොත් රජය තවතවත් අමාරුවේ වැටෙන්නේය
දැන් නම් ඔක්කොම ඩීල් කාරයෝ ගස් තමයි. මහා බැංකුව හොර කාපු උනුත් ගස් නේ.
ඔය කමිටු වාර්තාව ගැන හොයන්න තව කමිටුවක් පත්කරයි......
මේ හැමදේම අපේ අහේතුව. මොන වැරදි කරත් නිසි දඬුවම් ලැබෙන්නේ නැහැ. අපේ මිනිස්සුන්ගේ වාහන වල ටැංකි පිරෙනකොට පවතී අර්බුදය අමතක වෙනවා. එට පස්සේ ඔක්කොම අවසන්.