(නිමල කොඩිතුවක්කු)
පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා ප්‍රකාශ කළේය.
ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නම් රීරෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කළ යුතු බවත් ජයරුක් මහතා පැවසීය.
දැනට සතියකට ලබා දෙන පෙට්‍රල් ලීටර් 5 ක ප්‍රමාණය දෛනිකව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු සඳහන් කළේය.
රජය ඉන්ධන මිල අඩු කළත් කලු කඩවලින් වැඩි මිලට පෙට්රල් මිල දී ගැනීමට සිදු වන බැවින් තෙල් මිල අඩු කිරීමෙන් තමන්ට ලාභයක් නොවන බවත් සභාපතිවරයා කීවේය.
තමන්ට ලබාදෙන ඉන්ධන කොටා ප්‍රමාණය වැඩි කරන්නේ නම් අනිවාර්යයෙන්ම ත්‍රිරෝද රථ ගාස්තු ප්‍රමාණය පහළ දැමීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
මේ වන විට පළමු කිලෝමීටරය සඳහා රුපියල් 120 ක මුදලකුත් එතැන් සිට සෑම කිලෝමීටරයක් සඳහාම රුපියල් සියය බැගින් අය කරන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රී වීලර් මාෆියාවක් වෙලා
අපි තවදුරටත් ත්‍රිරෝද රථ භාවිතා කරන්නේ නැහැ.
බලාගෙන ගියාම දේශපාලනඥයින්ට වඩා හපන්... හූරගෙන කන්නමයි හැම එකාම බලන්නේ...!
මේක මාෆියාවක්... කිලෝමීටරයකට රුපියල් 300ක් අයකරගන්නවා.
එහෙම අඩු කරන්න බැරිනම් ත්‍රීවීල් වලට පෙට්‍රල් මිල අඩු නොකළාට කමක් නැහැ. නීතියෙන් තහනම් නැතිනම්...
ඔය ත්‍රී රෝද තමයි පෙට්‍රල් මාෆියාවට හේතුව. අමාරුවෙන් හරි බස් එකේම යන්න.
එහෙනම් ඉතින් එයාලට කලින් තිබුන ගානටම පෙට්‍රල් දෙන්න... වැඩේ ඉවරනේ