කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියෙන් ලබා ගත් නියෝගයක් අනුව මාලබේ කේ ඒ පෙරේරා මාවතේ තිරිහන් කිරීමේ සායනය අද (07) කොළඹ අධිකරණ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමක් විසින් දැඩි සෝදිසියකට ලක් කැරිණි.
හෝටල නලඟනක වන කැලණියේ කතක (42) පියයුරු කුඩා කැර ගැනීමට ගියේ මෙම සායනයටය.සායනයේ වෛද්‍යවරයාගෙන් දෙපැයක් පුරා තොරතුරු විමසා ප්‍රකාශයක් ලබා ගත් බවත් ඔහු කියා ඇත්තේ ඉතිරි සැත්කම් ගාස්තුව වන ලක්ෂ එකහමාර මගහැරීමට තමාට එරෙහිව මෙම පැමිණිල්ල කැර ඇති බවයි.
හිරි වැටීමෙන් පසු කරන මෙවැනි සැත්කමි මීට පෙර කැර ඇති බවත් කැලණීයේ කත තම උපදෙස් අනුව ක්‍රියා කැර නැති බවත් වෛද්‍යවරයා පවසා ඇත.
ඔහුගේ ශල්‍යාගාරය ලියාපදිංචි කළ බව දැක්වෙන ලියැවිලි ඉදිරිපත් නොවු බව එහි ගිය පොලීසිය කියයි.
2009 දක්වා රජයේ රෝහලක සේවය කැර ඇති මේ දොස්තරගේ සායනයේ තිබි රජයේ මුද්‍රා සහිත බෙහෙත් වර්ග දෙකක් සමඟ බෙහෙත් වර්ග දහයක් වැඩි දුර පරීක්ෂණ සදහා පොලිස් බාරයට ගෙන ඇත
පැය දෙකහමාරක් පමණ ඔහුගේ සායනය පිරික්සීමට වෛද්‍ය තාක්ෂණ සැපයුම් අංශයේ වෛද්‍ය සී එස් හතුරුසිංහද එක් විය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩුම තරමේ එහෙම දැන්වීමක් පලවෙද්දීවත් බලධාරින් ඒ ගැන හොයල බලනවානම් මේ වෙන දුෂණ භීෂන අවම කරගන්න පුළුවන් කියලයි මගෙනම් හැගීම.(අ)
තිරිහන් වෙන්න ගිහින් තිරිසන් වෙලා වගේ. (හේ)
නියමයි.(හේ)
කාන්තාවෝ ලස්සනට ඉන්න කැමතියි ඉතින් එකට බැනලා වැඩක් නැහැ, කළ යුත්තේ මෙවැනි සේවා සපයන ස්ථාන නියාමනය කළ යුතුයි. (හේ)
ඔයාලා කවුරුවත් මේක්අප් කරන්නේ නැද්ද? ලිප්ස්ටික් ගාන්නේ නැද්ද? ඔය ලියන කවුරුවත් කවමදාවත් කොණ්ඩය පාට කරන්නේ නැද්ද? අනේ මගේ කට! (නි)
මෙවැනි තවත් හොර තියෙනවා. එ්වත් වටළා දැඩි දඩුවම් පැමිණවිය යුතුයි.මේවට විධිමත් නීති නැහැ (නි)
කොච්චර කිවුවත් වැඩක් නැති හැටි? (නි)
මේක කුඩු කරලා දාන්න ඕනේ.(හේ)
ගානවා ගානවා රෂාන්. ඒ වුණාට තාම ඇඟේ අවයව සමඟ සෙල්ලම් කරලා නම් නැහැ. (නි)
මාලි, පහුගිය කාලේ පරීක්ෂණයක් කර තහවුරු කරගෙන තිබුණා ජෙලිෆිෂ්ලට පුළුවන්ලු නැවත තමන්ගේ ජීවිතය කුඩාකාලයට ගෙනයන්න.මෙයාලට ඒ ක්‍රමය කියලා දුන්නා නම් හරි.මෝඩකමට තවම බෙහෙත් හොයාගෙන නැහැ. (නි)
අනේ මේ ලංකාවේ ආච්චිලා ,නැන්දලා ,අම්මලා මොන එ්‍කටද තිරිහන් වෙන්න යන්නේ? ඕවා නිසා තමයි ජීවිත පවා අහිමිවෙන්නේ (නි)
ජොහාන් කවුරුත් ආසයි ලස්සනට ඉන්න , පළමු දෙය පිරිසිදුව සිටීම , ලස්සන වන්නට කෘතීම දේවල් කරන්න ඕනේ නෑ , අපේ රටේ ඉස්සර සිගිරි ලලනාවියන් ලස්සනට සිටියේ , රජවරුන් කුල්මත් කරමින් , ඔවුන් ඔය සැත්කම් හෝ කෘතීම දේවල් නොකර , (අ)
තායිලන්තය වගේ රටවල මේ වගේ ශල්‍ය කර්ම රටේ ආර්තිකය හා සංචාරක කර්මාන්තය නගාසිටුවන්න යොදා ගන්නවා (නදී)
ඇගේ වෘතිය අනුව මේ අත්‍යවශ්‍ය දෙයක් විය හැකිය. එහෙම නැතත්, යම් කෙනෙකුට තම රුපලාවන්ය සකස්කර ගැනීමට අවශ්‍ය නම් ඊට පහසුකම් සලස්වන්නන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය සොයා බැලීමට කාර්යක්ෂම කර්මවේදයක් තිබිය යුතුයි. (අ)
පුදුම වැඩ තමයි අද ලංකාවෙත් වෙන්නේ! (නි)
තව අවුරුදු 2500 ක් ගියත් ලංකාවේ සමහර කාන්තාවන් පාඩම් ඉගෙනගන්නෙවත් හොර රූපලාවන්‍ය වෙද්දු නැතිවෙන්නෙවත් නැහැ. (නි)
ලංකාවේ මෝඩ ගෑනු තවම හරියට මට්ටු වෙලා නෑනේ (නදී)
මේ ලියන්නේ අපහාසයකින් නෙමෙයි. මේ කාන්තාවගේ රැකියාව අනුව පොත්පත් කියවා එදිනෙදා රුපවාහිනි ප්‍රවෘත්ති බලා හෝ පුවත්පත් වල තොරතුරු කියවා දැනුවත්වෙන පසුබිමක් ඇයට තිබේය කියලා හිතන්න අමාරුයි. එවැන්නකට ඇයට අවස්ථාවක් සැළසෙන්න නැතුව ඇති. මම හිතන්නේ නැහැ පසුගිය දවසක මෙවැනි අවදානම් ප්‍රතිකාරයකින් පසු මියගියකෙනා ගැනවත් දන්නවා ඇති කියලා. ඇගේ රැකියාව අනුව ඇයට තිබෙන එකම ලතැවිල්ල වයසට යාම නිසා අහිමිවන රූප සම්පත්තිය. එය රැකියාවටත් බලපාන බව දන්නවා. ඉතින් මෙවැනි තත්ත්වයක පසුවෙන කෙනෙක් මේ වගේ අමාරුවක වැටෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. (නි)
මොනතරම් දැනුවත් කළත් ඇයි මිනිස්සු තේරුම්ගන්නේ නැත්තේ? (නි)
අනේ ඇත්තට! මෙහෙමත් සායන තියෙනවද? (නි)
එ් ඉස්සර කවි පොත් වල අහල නැද්ද ? ඉස්සර සිටි අපගේ ගැහැනුන් වර්ණනා කරපු දේවල්, පුළුල් උකුල , සිසිවන උවන , සිහින් බඳ පෙදෙස , දිගු වරලස , නෙත් පිලිබඳ , අද ඒවා මුකුත් නෙහැ , ඒ ලදුන් කොහේ ගිහින්ද ? (අ)
මේ දොස්තර දන්නෙ නැද්ද "ඒජ් එක" , "රිවර්ස්" කරන්න බැරි දෙයක් බව? (නි)
මේ බොදු රටේ , බුද්ධාගමත් බොරුකරන්නද? හදන්නේ,.(හේ)
මෙවැනි තවත් හොර තියෙනවා. එ්වත් වටලා දැඩි දඩුවම් පැමිණිය යුතුයි.(හේ)
ඒ කියන්නේ මේක සායන මට්ටමින් පවත්වාගෙන ගිය එකක්? (නි)
මේ කාන්තාවන්ට මොනතරම් කිවුවත් ලැජ්ජාවක් නැහැ. (නි)