IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තිරිහන් වී රට යන්න හදයි

ව්‍යාජ  ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන කුවෙට් රාජ්‍ය බලා යාමට පැමිණි ශ්‍රී ලංකික කාන්තාවක්   කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකාරිය කුරුණෑගල  ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.

ඇය සතුව  ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.

සැකකාරිය 1960 වර්ෂයේ උපන් කාන්තාවකි. නමුත් ඇය  උපන් දිනය 1971  වශයෙන් වෙනස් කොට  සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක්  රැගෙන ගුවන් ගතවීම සඳහා ගුවන්තොටුපොළට පැමිණ ඇති බව අනාවරණය වෙයි.

ඇය කුවෙට් රාජ්‍ය වෙත ගෘහ සේවය සඳහා යාමට  වසර 11  කින් අඩු වයසක් යොදා  මෙලෙස ව්‍යාජ ගුවන් ගමන් බලපතක් සකස් කරන්නට ඇතැයි සැක කෙරේ.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමෙන් අනතුරුව ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

  

 

 



අදහස් (0)

තිරිහන් වී රට යන්න හදයි

හේරත් Tuesday, 06 January 2015 11:09 AM

දුප්පතෙකු යන්න ගියොත් තමයි හැම ප්‍රශ්නෙම ,මේ මනුස්සය යන්න හදන්න ඇත්තේ ජොබ් එකකට නේ ....මහලොකු වරදක් කරලා නැහැනේ ..ඔය දේශපාලුවෝ සහ හොර සල්ලි කාරයෝ කරන වංචා කවුද හොයන්නේ , උන්ට ඕනේ නම් ඕන වෙලාවක රට යන්න එන්න පුළුවන් ,පව් අහිංසක ගෑනි ...හරි ලොකු දෙයක් කලා වගේ දඟලනවා අහිංසක මනුස්සයෙක් අල්ලාගෙන , ඔය අල්ලපු එවුන් කන්න බොන්න දෙනවද ඒ මනුස්සයාගේ ගෙදර උදවියට ....??? (බ)

:       0       0

දිලිප් Tuesday, 06 January 2015 11:26 AM

හේරත්, ඔයා 200% ඇත්ත. (ර)

:       0       0

සරත් Tuesday, 06 January 2015 12:52 PM

මුතුහෙට්ටි යනකොට අල්ලගන්න බෑ ........ රට රස්සාවට යන දුප්පත් ගැහැනියක් ව අල්ලාගෙන (බ)

:       0       0

මුතුනායක Tuesday, 06 January 2015 01:17 PM

හේරත්, තව මොනවාහරි කියන්නකෝ (නි)

:       0       0

පත්මසිරි මාපලගම Tuesday, 06 January 2015 01:33 PM

දුප්පත්කමට කීයක්හරි හොයාගන්න යන දිළිඳු අයට නිතරම කරදර. අර උසාවි වලින් හොයන අය යනවිට තමයි ඇස් පියාගෙන ඉන්නේ.ඕක තමා ලංකාවේ ස්වභාවය (නි)

:       0       0

ශාන්ති Tuesday, 06 January 2015 01:43 PM

හේරත් මහත්මයා මට ලියන්ඩ අවශ්‍ය වුණ දේ ඒ විදිහටම ලියලා. ඔබ හරි (නි)

:       0       0

රොහාන් Tuesday, 06 January 2015 02:05 PM

සහතික ඇත්ත හේරත්. ඔහොම ගිය ගොඩක් අම්මලා ඉන්නවා හොඳින් රස්සාව කරගෙන. (නි)

:       0       0

ගිහාන් Tuesday, 06 January 2015 02:44 PM

හේරත් සහ දිලිප්, රටක පවතින නීතිය මඟහැරයාමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව තේරුම් ගන්න. පොඩ්ඩන් නීතියට අහුවෙනවා. ලොක්කන්ට එහෙම දෙයක් නැහැ කියලා ඔබ කියාවි. ඒකට කරන්න දෙයක් නැහැ. එවැනි දේ සිදුවන බව දැන හැකිතාක් දුරට බේරිලා හිටියොත් ගුණයි. (නි)

:       0       0

ජසීම් Tuesday, 06 January 2015 03:02 PM

අනේ පවු. ඇයට සහනයක් දෙන්න (නි)

:       0       0

ජයවර්ධන Tuesday, 06 January 2015 06:54 PM

හේරත්, ඔබ හරි. කළයුතුව ඇත්තේ විමර්ශන කටයුතු වලින් පසු ඇයගේ නියම වයසට සරිලන ගෘහ සේවිකා විදේශ රැකියාවක් සොයාදීමයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇයට උදවු කළයුතුය (නි)

:       0       0

සුදාරි Wednesday, 07 January 2015 04:21 AM

ඒ ගැහැණු කෙනා අනිවාර්යෙන් දුප්පත් ඇති. දුක් මහන්සියෙන් කීයක්හරි හම්බ කරගන්න වෙන්න ඇති වයසත් වෙනස් කරගෙන රට යන්න හදන්න ඇත්තේ.අහිංසක දුප්පත් මිනිසුන්ටමයි කරදර වෙන්නේ (නි)

:       0       0

ආනන්ද Wednesday, 07 January 2015 06:05 AM

බලපුලුවන් කාරයින් නීතිය අභිබවා කටයුතු කිරීම එසේ නොවන අයට නීතියට පිටින් යාමට දෙන බලපත්‍රයක් නොවන බව ඇති හැකි අය මෙන්ම නැතිබැරි අයත් තේරුම් ගන්නවානම් හොඳයි. (බ)

:       0       0

අනිසා ඛාන් Wednesday, 07 January 2015 07:37 AM

හේරත් ඔයා හරි ඒ මනුස්සයාගේ දුප්පත් කමට මේ වැඩේ කරන්න ඇත්තේ ඔයිට වැඩිය හොර කුඩු කාරයෝ හොර සල්ලි කරයෝ මීනි මරුවෝ කී දෙනෙක් යනවා එනවද අනේ මෙහෙම නීතියක් පව් අහිංසක ගැහැණි කීයක් හරි හොයාගන්න යන්න ඇත්තේ (බ)

:       0       0

සල්ගාදු ප්‍රංශය Wednesday, 07 January 2015 08:13 AM

කවුරු කරත් වරද වරදමයි , ලොකු කුඩා කියා බේදයක් නැහැ , එහෙත් ලොක්කන් , සල්ලි කාරයන් වැරදි කළාම බේරෙන්න ක්‍රම විදි තියෙනවා , ඒවා පොඩ්ඩන්ට නැහැ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site