ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන කුවෙට් රාජ්‍ය බලා යාමට පැමිණි ශ්‍රී ලංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.
ඇය සතුව ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇත.
සැකකාරිය 1960 වර්ෂයේ උපන් කාන්තාවකි. නමුත් ඇය උපන් දිනය 1971 වශයෙන් වෙනස් කොට සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් රැගෙන ගුවන් ගතවීම සඳහා ගුවන්තොටුපොළට පැමිණ ඇති බව අනාවරණය වෙයි.
ඇය කුවෙට් රාජ්‍ය වෙත ගෘහ සේවය සඳහා යාමට වසර 11 කින් අඩු වයසක් යොදා මෙලෙස ව්‍යාජ ගුවන් ගමන් බලපතක් සකස් කරන්නට ඇතැයි සැක කෙරේ.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමෙන් අනතුරුව ඇය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතෙකු යන්න ගියොත් තමයි හැම ප්‍රශ්නෙම ,මේ මනුස්සය යන්න හදන්න ඇත්තේ ජොබ් එකකට නේ ....මහලොකු වරදක් කරලා නැහැනේ ..ඔය දේශපාලුවෝ සහ හොර සල්ලි කාරයෝ කරන වංචා කවුද හොයන්නේ , උන්ට ඕනේ නම් ඕන වෙලාවක රට යන්න එන්න පුළුවන් ,පව් අහිංසක ගෑනි ...හරි ලොකු දෙයක් කලා වගේ දඟලනවා අහිංසක මනුස්සයෙක් අල්ලාගෙන , ඔය අල්ලපු එවුන් කන්න බොන්න දෙනවද ඒ මනුස්සයාගේ ගෙදර උදවියට ....??? (බ)
හේරත්, ඔයා 200% ඇත්ත. (ර)
මුතුහෙට්ටි යනකොට අල්ලගන්න බෑ ........ රට රස්සාවට යන දුප්පත් ගැහැනියක් ව අල්ලාගෙන (බ)
හේරත්, තව මොනවාහරි කියන්නකෝ (නි)
දුප්පත්කමට කීයක්හරි හොයාගන්න යන දිළිඳු අයට නිතරම කරදර. අර උසාවි වලින් හොයන අය යනවිට තමයි ඇස් පියාගෙන ඉන්නේ.ඕක තමා ලංකාවේ ස්වභාවය (නි)
හේරත් මහත්මයා මට ලියන්ඩ අවශ්‍ය වුණ දේ ඒ විදිහටම ලියලා. ඔබ හරි (නි)
සහතික ඇත්ත හේරත්. ඔහොම ගිය ගොඩක් අම්මලා ඉන්නවා හොඳින් රස්සාව කරගෙන. (නි)
හේරත් සහ දිලිප්, රටක පවතින නීතිය මඟහැරයාමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව තේරුම් ගන්න. පොඩ්ඩන් නීතියට අහුවෙනවා. ලොක්කන්ට එහෙම දෙයක් නැහැ කියලා ඔබ කියාවි. ඒකට කරන්න දෙයක් නැහැ. එවැනි දේ සිදුවන බව දැන හැකිතාක් දුරට බේරිලා හිටියොත් ගුණයි. (නි)
අනේ පවු. ඇයට සහනයක් දෙන්න (නි)
හේරත්, ඔබ හරි. කළයුතුව ඇත්තේ විමර්ශන කටයුතු වලින් පසු ඇයගේ නියම වයසට සරිලන ගෘහ සේවිකා විදේශ රැකියාවක් සොයාදීමයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇයට උදවු කළයුතුය (නි)
ඒ ගැහැණු කෙනා අනිවාර්යෙන් දුප්පත් ඇති. දුක් මහන්සියෙන් කීයක්හරි හම්බ කරගන්න වෙන්න ඇති වයසත් වෙනස් කරගෙන රට යන්න හදන්න ඇත්තේ.අහිංසක දුප්පත් මිනිසුන්ටමයි කරදර වෙන්නේ (නි)
බලපුලුවන් කාරයින් නීතිය අභිබවා කටයුතු කිරීම එසේ නොවන අයට නීතියට පිටින් යාමට දෙන බලපත්‍රයක් නොවන බව ඇති හැකි අය මෙන්ම නැතිබැරි අයත් තේරුම් ගන්නවානම් හොඳයි. (බ)
හේරත් ඔයා හරි ඒ මනුස්සයාගේ දුප්පත් කමට මේ වැඩේ කරන්න ඇත්තේ ඔයිට වැඩිය හොර කුඩු කාරයෝ හොර සල්ලි කරයෝ මීනි මරුවෝ කී දෙනෙක් යනවා එනවද අනේ මෙහෙම නීතියක් පව් අහිංසක ගැහැණි කීයක් හරි හොයාගන්න යන්න ඇත්තේ (බ)
කවුරු කරත් වරද වරදමයි , ලොකු කුඩා කියා බේදයක් නැහැ , එහෙත් ලොක්කන් , සල්ලි කාරයන් වැරදි කළාම බේරෙන්න ක්‍රම විදි තියෙනවා , ඒවා පොඩ්ඩන්ට නැහැ (බ)