‘මහින්ද රාජපක්ෂ දැන් හැමතැනම කියනවා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අපි බලයට පත්වුණොත් නැවත උතුරේ ත්‍රස්තවාදය හිස ඔසවනවා කියා. අපි නම් හිතන් හිටියේ රාජපක්ෂ මහත්තයා 2009 මැයි 19 වැනි දා ත්‍රස්තවාදය ඉවර කළා කියලා. ඒ වුණාට ඔහුම කියනවා ආපසු ත්‍රස්තවාදය එනවා කියා. ඒ අපි කියනවා ත්‍රස්තවාදයට ආපසු කිසිම බුරකල් දෙන්නේ නෑ කියා. අපිට හොඳ ආරක්ෂක ඇමැතිවරයෙක් ඉන්නවා. ඔහු තමයි මෛත්‍රීපාල සිරිසේන ජනපති. ‘ යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීරිගම දී පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරනය අතින් අරන් යුද්ධ කරපු ෆොන්සේකා මහත්තයව හිරේ දැම්මේ කව්ද ? (නදී)
අවන්ත, අපිත් දන්නවා නැවත වතාවක් පටන් ගත්තොත් බේරුම් කරගන්න නම් හැකියාවක් නෑ කියලා. උතුරේ නැගෙනහිර ඇත්තම තත්වය එයයි. දේශපාලුවන්ගේ අදහස් ගැන ඔයාල කිසිම හැගීමකින් නොවේද ඉන්නේ ? කැලේ පැනපු කොටි දැනට කී දෙනෙක් එලියට බැහැලද ? ඒවාට ආණ්ඩුව මොකද කරන්නේ. යුද්දේ ඉවර කරාට උන් හුරතල් කරන්න මහින්ද මහත්තය සූදානම් නෑ (නදී) .
ඔය මොනවා කීවත් ත්‍රස්තවාදී නම් විශ්වාස කරන්න එපා. මොකද ඔය මිනිස්සු තමන්ගෙ ජාතිය වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. (නදී)
ඔයා නම් කියාවි. එ්ත් අපි දන්නවා වෙන දේ (නදී)
මම හොඳ නිදහස් පක්ෂ පාක්ෂිකයෙක්. හැබැයි මේ වෙලාවේ මහින්ද දිනුවොත් ව්‍යවස්තාදායකයත් විදායකයත් අතර ගට්ටනයෙන් රට අස්ථාවර වනු ඇත. මෛත්‍රීත් මහින්දත් අතර හිතවත් කමක් නොමැති බව පැහැදිලිය. රට අස්ථාවර වූ විට ආයෝජකයන් රටට පැමිණෙන්නේද නැත. ආර්ථිකයද අස්ථාවර වනු ඇත. මේ නිසා දැඩි අකමැත්තෙන් උවද පරම්පරා ගත නිදහස් පාක්ෂිකයෙකු උවද මෙවර මගේ ජන්දය රනිල්ට ලබා දෙමි (නදී)
ඔබතුමා තමයි වෙළද කලාප සංකල්පය ගෙනල්ල ලංකාවේ විශාල රැකියා සංක්‍යාවක් ඇතිකළේ. ඔබතුමා පිටරටින් ගිනි පොලියට ණය අරගෙන බඩු මිල වැඩි කලේ නැහැ ඒවා කරන්න. ඔබේ රැකියා ලක්ෂ 10 වැඩපිළිවෙල ඔබතුමාට සුලුදෙයක්. ඉටු කොට කල යුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් නුබයි මගේ පුතා උතුම්. පිරිසිදු නායකයාට තෙරුවන් සරණයි. (නදී)
කිතෙල්ගොඩ මහත්තයෝ, කේ.පී, කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඉන්නේ හිටපු මහත්තරු ලඟ මිසක් රනිල් මහත්තයා ලඟ නෙමෙයි (නදී)
ත්‍රස්තවාදී පනතේ මරණ දඩුවම නැත්තේ මොකද? ටිකක් කල්පනා කරලා බලන්න. මොකද අපි මෙතරම් නපුරු. හමුදාව පොලිසිය වෙලාවට වැඩේ හරියට කරාවි. ඕගොල්ල මොලේ තියෙන වැදගත් මහත්තුරු ටිකක් තෝරාගන්න. අවස්ථාවාදී වෙන්න එපා. (නදී)
සංජීව දයා රත්නායකට වඩා දැන් ඉන්න එක්කෙනා නියමයි. (නදී)
ඔබ එහෙනම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න සැම ජාතියකටම රටේ සැම සම්පතක්ම එක හා සමාන අයිති වාසිකම් ඇති ඒකීය රටක් නිර්මාණය කරනවා කියා. (නදී)
රන්ජිත්, කරුණා, කේ පි, කොහෙද ඉන්නේ කියලා හොයල බැලුවොත් හොඳයි. නැත්තන් ඔයාගේ මොලේ තියන තැන හොයල බැලුවොත් හොඳයි. ඒ ටිකම තමයි සේනාරත්නටත් කියන්න තියෙන්නේ. (නදී)
අපිත් අහගෙන හිටියා ඔය කතාව. හරියට අත්පුඩියක්වත් ගැහුවෙ නැහැ මිනිස්සු. යු.එන්.පී එකට මීරිගමදි නම් ඇවිල්ලා හිටපු මිනිස්සු ප්‍රමාණය දැක්කම දුක හිතුනා. (නි)
ඒත් අපිට අතීතයත් හොඳට මතකයි (නි)
අපි ඒක දන්නවා මැතිතුමනි (නි)
ජයවේවා! (නි)
2004දී සටන් විරාම ගහලා කොටි පොලිසි, උසාවි වලට නීත්‍යානුකූල බව ලබාදුන් හැටිත් අපිට මතකයි. (නි)
අපිව රවට්ටන්න කාටවත් බැහැ (නි)
සියලුම දේශපාලකයෝ අඩු වැඩි වශයෙන් බොරු කියනවා, පොරොන්දු කඩ කරනවා. පසුගිය මාස හයක පාලනයට සාපේක්ෂව ඊට පෙර වසර අටක පාලන කාලය සංසන්දනය කිරීමේදී කියූ බොරු සහ කඩකළ පොරොන්දු ගැන කවුරුවත් දැන් මතක් කරන්නේවත් නැහැ. මහින්ද චින්තනයේ ලිඛිතව ඇති පොරොන්දු කීයක් නම් කඩකරලා තිබෙනවාද? යහපාලනයෙන් දුන් පොරොන්දුත් සමහරක් ඉටුවුණේ නැහැ. නමුත් ඒ ගැන චෝදනා කරන අය කතාකරන්නේ තමන්ට 2/3 බලයක් තිබුන කාලේ සියලුම පොරොන්දු ඉටුකළ උදවිය වගෙයි. කියන්නා කෙසේ කිවුවත් අසන්නා බුද්ධිමත්ව ඇසිය යුතුයි (නි)
සිංහල නම්වලින් පක්ෂව අදහස්දාන හුඟ දෙනෙක් සිංහලයන් නොවේ (නදී)
අපි සියළුදෙනා ඔබ සමඟයි (නි)
අපි දන්නවා ඔබ කවදාවත් රට පාවාදෙන්නේ නැහැ කියලා (නි)
මොනම ආකාරයෙන්වත් නැවත යුද්ධයත් ඇතිවේ යැයි මමද නොසිතමි (නි)
මේකේ කොමෙන්ට් දාපු දරුවනේ. උඹලට ඕන අපේ රට නැවත ජාතිවාදී ,ආගම්වාදී ,මඩ ගොහොරුවේ දාල නැවත යුද්දයකට රට රැගෙන යාම බව හොදින්ම පේනවා. අපිට අවශ්‍ය සියලු ජාති,ආගම් බේද නැතිව එකට එක්ව ජීවත් වීමයි (නදී)
අපි ඔබව විශ්වාස කරනවා (නි)
අලි කොටි ගිවිසුම් කියල කිව්වා. සටන් විරාමෙන් රටපාවලා දුන්නා කිව්වා. මේවා එකක්වත් තමත් ඔප්පු කරගන්න පුලුවන් උනාද. එහෙම කරල තියනවා නම් මොකද එ්වා බලයේ ඉන්න කාලෙ හොයල දඩුවම් නොකලේ. එහෙම උනා නම් රනිල් මේ වෙනකොට හිරෙ ගිහින් තියෙන්න ඕනි. තාමත් සන්දානේ කට්ටිය පරන බයිලාව ගහනවා. (නදී)
බොහොම සන්තෝෂයි අපිට (නි)
ජයවේවා රනිල් මැතිඳුට.රටට අවශ්‍ය ඔබ වගේ උගත් බුද්ධිමත් අයයි (නි)
දැන් ජනතාව බුද්ධිමත් අගමැතිතුමනි! (නි)
තමන් මවාගත් ලෝකයක ජීවත්වෙනවා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
අපිටත් අතීතය බොහොම හොඳට මතකයි (නි)
ජයවේවා ඔබට! (නි)
දැනටමත් එළියට බැහැගෙන ඉන්න කොටි ටික දිහා බැලුවහම වෙන්න යන්නේ මොකද්ද කියාල අපිට පේනවා. මේ කොටි පහුගිය කාලේ ඉන්දියාවේ හැංගිලා හිටියේ. දැන් එළිපිට වැඩ. (නි)
අපි ඔබව විශ්වාස කරනවා. (නි)
නමුත් අපිට පෙනෙන පරිදි නම් ත්‍රස්තවාදීන් දැනටම නිදැල්ලේ. (නි)
අපිට අතීතය හොදට මතකයි (නදී)
අතීතය මතක අපිට ඔබ කියන කතාව විශ්වාස කරන්න අමාරුයි (නි)
විකුම් දාලා තිබෙන පාට කණ්ණාඩිය නිසා ඔබට පෙනෙන්නේ කොහොමත් වෙනස් විදිහට (නි)
ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ජනාධිපති මෛත්‍රී මහත්මයා නේද? එතුමාට හොඳට ශක්තිය, බලය, මොළය සියල්ල තිබෙනවා. (නි)
එදා හිටපු මහින්ද නෙමෙයි අද ඉන්නේ. එදා මහින්ද වටේ හිටියේ සිංහල බලවේග. නමුත් අද ඔහු වටේ ඉන්නේ කරුණා , කේ පි වගේ අය. අද සියලු සිංහල බලවේග ඉන්නේ රනිල් මහත්තය වටා. මම අද වෙනතුරු මහින්දගෙන් ඔහුගේ ත්‍රස්තවාදය පිළිබඳ ප්‍රතිපත්තිය අහලා නැහැ. මහින්ද පැහැදිලිව කිවයුතුයි යුධ අත්දැකීම් ඇති සරත් මහත්තයාගේ සහය නැතුව එවැනි අවස්ථාවක් බැරිවෙලාවත් ආවොත් ඔහු ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? කරුණා , කේ පි සමඟ ඔහුගේ තිබෙන ඇයි හොඳයිය මොකද්ද? මේවට ඔහු උත්තර දියයුතුයි. සරත් මහත්තයාට ජනාධිපති සමාව දෙන්න යැයි මහා නාහිමිවරුන් දේශනා කරද්දී එසේ නොදුන්නේ කාගේ උවමනාවටද? මාළිගාව අවට කාර් රේස් තිබ්බේ කාගේ උවමනාවටද?මේවට ඔහු උත්තර දියයුතුයි (නි)
මෛත්‍රී රැගෙනවිත් එකාදිපතිවාදය අද පරාජය කළා මෙන් කරුණා කොටින්ගෙන් වෙන් කර යුද්ධයෙන් 75% ජය ගෙන දීමට සමත් වුයේ ඔබේ සුක්ෂම බුද්ධි මහිමය බව විචාර බුද්ධිය සහිත අවම වශයෙන් උසස් පෙළවත් සමත් ඕනෑම අයෙකු වී නම් තේරුම් ගෙන ඇත. ඔබගේ බුද්ධි මහිමයෙන් රටෙන් වංචාව දුෂණය තුරන් කොට රට දියුණුවෙන් දියුණුවට ගෙන යාමට හැකි වේවා!! ජය වේවා !! අගමැතිතුමනි (නදී)
රට බෙදන්න ආවොත් හිස කදින් වෙන්වෙයි කියලා ප්‍රකාශ කල හිටපු යුධ හමුදාපති දයා රත්නායක මහතා ඉල්ලා සිටි සේවා දිගුව ලබා නොදී එතුමාව විශ්‍රාම යැවුවේ ඇයිද කියා දැනගන්නත් කැමතියි ඔබතුමාගෙන්. (නදී)
මහින්දට මේ හැර වෙන කිසිම මාතෘකාවක් නැත මේ දවස්වල. (නදී)
අපි මොනවා කියන්නද ? (නදී)
අම්මෝ ඔව්! ආයේ කියලා වැඩක් නැහැ (නි)
ත්‍රස්තවාදයට ආපසු කිසිම බුරකල් දෙන්නේ නෑ (නදී)