ත්‍රස්තවාදය පරාජයට පත් කිරීමෙන් ජයග්‍රහණයක් අත්පත් කරගත්තද සාමය දිනාගැනීමට නොහැකි වූ බවත් මෙරටට සදාතනික ගොඩනැගීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇතැයි ද හිටපු ජනාධිපතිනි ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (15) පැවැසූවාය.
පසුගිය කාලයේදී පාලකයන් පවා ජාතික අසමගියට, ආගමික හා වාර්ගික අර්බුදවලට සහාය දැක් වූ බවත් ඒ නිසා ඉදිරියේදී එවැන්නක් ඇති නොවීම සඳහා ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බවත් හිටපු ජනපතිනිය එහිදි කීවාය.
ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේදී ජනමාධ්‍යවේදීන් සමඟ අද (15) පැවැති හමුවකදී ඇය ඒ බව සඳහන් කළාය.
‘දීර්ඝකාලීන සාමයක් ඇති කිරීමේ දැඩි අවශ්‍යතාවක් මේ වනවිට ඇති වී තිබෙනවා. අද ඒ සඳහා සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙනවා. නිදහසින් පසු මෙරට ප්‍රධාන පක්ෂ දෙක එක්ව එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරනවා. තිස් අවුරුද්දක යුද්ධයෙන් පසු සාමය ගොඩනැගීමට පසුගිය ආණ්ඩුවට සුවිශේෂී අවස්ථාවක් ලැබුණා. එහෙත් ඔවුන් එයින් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ත්‍රස්තවාදය පරාජයට පත්කර ජයග්‍රාහණයක් ලබාගත්ත ද සාමය දිනාගැනීමට නොහැකි වුණා. ත්‍රස්තවාදය මෙරටින් මුළු නුපුටා දැමීම කළ යුතුව තිබූ දෙයක්. ඒ ගැන විවාදයක් නැහැ. එහෙත් පසුගිය දශකයේදී යුද්ධය අවසන් වීමෙන් ලැබූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ.‘යැයි ද ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වැරැද්ද වුනේ මෙතුමියගේ නොව ,එදාහිටි ආරක්ෂක ඇමතිතුමාගේ මොකද එදා යුද්දය කළේ එයාගේ න්‍යාය පත්තරයට අනුව බවත් එදා බලයේ සිටි මෙතුමිය කළ දෑ ජනතාවට අමතක වීම කණගාටුදායකයි (බ)
ඔයාලට ඕනෑවෙලා තිබුනේ මහින්දව එළවලා රාජපක්ෂ පරම්පරාවෙන් පළිගන්න. එ්ක කරගත්තා. දැන් ආයෙත් රට 1994ට ගිහිල්ලා රටට වැඩකරන්න බැරුව දැන් දඟලන බව නම් පෙනෙනවා. (නි)
ඔබතුමියට දෙකම බැරිවුණා නේද? (බ)
මේ දෙකන් එකක්වත් කළේ නැහැනෙ ඉතින් ඔයාලා (නි)
ඔබතුමියගේ කාලේ ඔය කියන දේවල් වලින් මොනදේද දන්නෙ නැහැ නේද තිබුණේ? (නි)
මෙයා ගේ කාලයේ ඔය මුකුත් කලේ නැහැ.කලේ රටට හොද ආදායම් ඵන මාර්ග විකුනමින්;උදා,ඵමිරේට් ඵකට අපේ ගුවන් ගමන් සේවය විකිණීම වගේ ඵ්වා, කරමින් කොමිස් ගහමින් ඵ් කොමිස් මුදල් පිටරටවල බැංකුවල පුතන්ඩියගේ නමට දැමීම වගේ දේවල් තමයි.(කෞ)
සමහරු කට ඇරියොත් රට විනාශයි. අපි ඒ ගැන දන්නවා (නි)
ප්‍රජතන්ත්‍රවාදයෙන් කවදාවත් ත්‍රස්තයෝ දිනන්න බැහැ. දිනුවට පස්සේ ප්‍රජතන්ත්‍රවාදය ඇතිකළ යුතුයි. පසුගිය රෙජිමය එ්ක කළේ නැහැ. (නි)
අවුරුදු 11ක් රට කළා නේද? යුද්ධයත් නැහැ සාමෙත් නැහැ. අඩුම ගානේ වෙලාවට වැඩ කළෙත් නැහැ. අපිට තේරෙනවා හැරෙනකොට. (නි)
තමන්ගේ කාලේ රටට කිසිම දෙයක් නොකර අනුන්ගේ වැරදි හොයන එක ගැන ලැජ්ජයි (නි)
මොනවාද රටට ඔයාලා කළේ? ඔයාලා තාම හිටියා නම් රටත් ඉවරයි (නි)
කොටියාට බිය වී ශ්‍රී ලංකාවම කොටි හිතවාදීන්ට උවමනා ක්‍රමයට හැසිරවීමට දායකවීම කිසිවෙකු විසින් හෝ නොකළයුතු දෙයකි (නි)
දැන් මොන මොන කතා කිවුවත් මේ කියන දේවල් කරලා පෙන්වන්න කාටවත් බැරිවුණා (නි)
මේ කතාව ඇත්ත. දැන් දැන් වෙන දේවල් වලින් ඒක හොඳට පේනවා (නි)
කතාව කියපු අය කොහොම වුණත් කතාව නම් සත්‍යයක්. සාමය නැත්නම් නැවත යුද්ධයක් එන බව නම් ඇත්ත. මෙයට හොඳම විසඳුම සහජීවනය. මේක පුළුල් මාතෘකාවක්. කැපකිරීම් අවශ්‍යයි. බිම් මට්ටමේ සිට සාකච්ඡා ඉතා වැදගත් වේවි. (නි)
රට ජාතිය ඊළාම් සිහිනයට පාවාදීමේ සිහිනයෙන් මත්වෙලාම තමයි සමහරු අවසන් හුස්ම හෙළන්නෙත්, කවදාහරි (නි)
පිස්සුවෙන් කියවනවා . මෙයා රට කාපු හැටි අපි දන්නවා. (බ)
අවුරුදු 10ක් ඔය දෙකම කර ගන්න බැරුව - රට පස්සට ගෙනියපු, කිසිම සන්වර්ධනයක්වත් නොකරපු - තමුන් දැන් බොරු කයිවාරු නැතිව ටෝයියපලනයෙන් ඔය දීල තියන සැප සම්පත් විඳගෙන කටවහන් පැත්තකට වෙලා හිටියනම් නේද හොඳ? ඔය එකක්වත් කරගන්න පුළුවන් වුනාද තමුන් මේ රටේ නායකයා වෙලා ඉඳිද්දී? (කෞ)
රට කාලා ගිය මිනිස්සුන්ට ආයෙත් මේ රටේ පාලනය දීලා දැන් බැනලා වැඩක් නෑ. මෝඩ මිනිස්සුන්ගෙන් පිරුණු රටක් මේක.(හේ)
අපොයි! ආයෙත් කතාකරන්න පටන් අරගෙනද? (නි)
පක්ෂ නායකත්වය ගැනීමට තම මවට සහ සොහොයුරාට විරුද්ධව සටන් කළ හිටපු ජනපතිනිය දැන් ජාතික සමගිය ගැන කතා කරනවා. බලයේ සිටි කාලයේ මේවා මතක් වුයේ නැද්ද?(බ)
යුද්ධ කරන්නේ බෝම්බ නිසා කියමු. යුද්ධයේ ප්‍රතිඵලය මරණය සහ විනාශයයි. එහි ළඟින් සිටි කෙනෙකු හෝ ගැළවෙන්නේ නැත. යුද්ධයට මිනිසුන් එකතු කළ නොහැකිය. එය යුධවාදීන්ට නොතේරෙයි. යුධවාදී මනස සන්සුන් පරිසරයට කැමති නැත. (නි)
මෙන්න ඒ ගමන ආයෙත් මොකක්ද එකක් කියනවා. (නි)
ඒ කාලේ ඔය ඔක්කොම කරන්න තිබුනනේ.ඇයි කෙරුවේ නැත්තේ.(බ)
යුද්ධය පාවාදීලා, තරුණ රණවිරුවන් ආබාධිත කරලා රෝහල්වල ඇඳන් පිරවූ කාලයකුත් මේ ලංකාවේ තිබුණා. මතකද? (නි)
තමනුත් රට කළා නේද ? මොකෝ යුද්දේ දින්නන්න බැරි වුනේ. තමුන්ගේ අදක්ෂ කම නිසා. දැන් මොනවද මේ කෑ මොර ගහන්නේ. ගෙදරට වෙලා වැඩක් බලාගෙන ඉන්නේ නැතිව (බ)
අපිත් රැවටුන ඒ කලේ .(හේ)
කට ඇරියොත් ඉවරයි. (ර)
අදත් එහෙමමයි, පිස්සු නැත්නම්, ෂෝයි .(බ)
කථා නොකර ඉන්න තරමට හොදයි (ම)
අනේ කටවහගෙන ඉන්න මැඩම්..ඔයාගේ කාලේ සාමෙත් බැරිවුනා යුද්දෙත් බැරිවුනා...ආර්ථිකේ ඍණ අගයටම ගියා.ඔයා ඔක්කොගෙන්ම පරාදයි. (බ)
ඔබ තුමිය වෙලාවට වැඩ කරන්න බැරි එකේ මොන කතාද (බ)
අපිට තවම කොටියව අදුරගන්න බැරිවුණා. (හේ)
මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්න ඕවා නෙමේ. උතුරේ මිනිස්සු සතුටු කරන්න කියල තව පුළුවන් නම් ලංකාවත් දෙකට බෙදල දෙන්න. අපේ මිනුස්සු අල්ලපු ගෙවල් එක්ක ගහගන්න එකේ තව ලංකාව ඇතුලෙම වෙනම රටක් ආවම කොහොම තියෙයි ද? අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට තව යුද්දයක් විතරයි අඩු (බ)
ඇහැකුත් නැති වුනාට තාමත් අදින්නේ අනික් එවුන්ට විතරයි අදින්නේ, දුව බැඳලා දුන්නෙත් කොටියකුටනේ (බ)
අපිට අතීතයත් හොඳ මතකයි. එ් නිසා වැඩියමක් සඳහන් නොකරමි (නි)
රට හොදට ගොඩ නගන්න හදපු පහුගිය රජය පෙරලා රට අදුරට ගෙනයාමට මුල්වූ ඔබව කණගාටුවෙන් හෙළා දකිමි. (ම)
ඔබ මොනවාද රටට කළේ (බ)
මෙයාගේ කාලේ පැය 8ක් ලයීට් කැපුව. දැන් කිට්ටු වුනානේ ආයෙත් රටේ ලයීට් කපනවා. අවාසනාවක හැටි (බ)
මම නම් කියන්නේ පැරදුනු ඔක්කොම ගෙදරට වෙලා නිදහසේ වැදගත් විදියට ඉන්නවනම් හොඳය කියලයි (බ)
මැඩම් නිකම් නින්දෙන් නැගිටලා වගෙයිනේ මේ කතා කරන්නේ (නි)
පුදුම කතානේ සිරාවට මෙව්වට මොනවද කියන්නේ.... එදා පුපුරපු බෝම්බෙ වරදින්නේ නැතුව හරියටම වැදුන නම් තේරුම් ගනී යුද්දේ ඉවර කරපු එකේ වටිනාකම..(බ)
මේ ප්‍රතිචාර අදාළ පාර්ශවයට දැකගන්න ලැබේ නම් කොච්චර හොඳද? (නි)
මොකක්ද දැන් තිබෙන ජාතික ප්‍රශ්නය? දෙමළ මිනිසුන්ට වගේම සිංහල මිනිසුන්ටත් ප්‍රශ්න තිබෙනවා. දැන් හදන්නේ ප්‍රභාකරන්ට යුද්ධ කරලා ගන්න බැරිවුණ දේ දෙන්නද? අපිට අමතක නැහැ. තව ටික කලක් හිටියා නම් ප්‍රභාකරන් මහවිරු දින සමරන්නේ කොළඹ (නි)
ඔය කියන අය සාමය දිනාගත් විදියත් අපිට හොඳට මතකයි (නි)
අනෙක් අයගේ වැරදි හොයන්න කලින් තමන්ගේ අඩුපාඩු ගැන හොයාබැලුවා නම් නේද හොඳ? (නි)
පැවති යුද්ධයෙන් පළමුව හම්බ කළහ.දැන් අවසන් කල යුද්ධයෙන් දේශපාලනය කරමින් සිටිති. එදා යුද්ධයට රටේ මුදල් වැය කළහ. පසුව රටට දැරිය නොහැකි ව්‍යාපෘති සඳහා අනාගතයම උගස් කළහ. නැවත යුද්ධයක් අවශ්‍යද යන්න දන්නේ දේශපාලකයන් නොවේ. යුද්ධය ඇද දාන්නේ යුද්ධයට යන්නේ නැති පිරිස්ය.(අ)
ඔබ තුමිය 2014 නොවෙම්බර් මාසයේ කෝට්ටේ නාග විහාරේ හොල්මන් කරනකොට මට හිතුන අයෙමත් විදුලි කැපිල්ල එයි කියල. අනේ අපේ දෑහට නොපෙනී ඉන්නකෝ. (බ)
ඉදිරියේදී ශ්‍රීලනිපයේ වැඩවලට වැඩි වැඩියෙන් එන්න. මිනිස්සු හරිම ආදරෙයි. (නි)