ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම නිසා ඇතැමුන් ශ්‍රී ලංකාවට අකුල් හෙළන තත්ත්වයක් දැකගත හැකියැයි ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ජනපති මේ බව ප්‍රකාශ කළේ චීනයේ පැවැත්වෙන ආසියාවේ රටවල් අතර සම්බන්ධතා හා සහයෝගීතා ගොඩනඟාගැනීම සදහා වන සමුළුව අමතමිනි.
මෙම සමුළුවේ සාමාජික රටවල් 24 ක් සිටින අතර ආසියා කලාපයේ සාමය,ආරක්ෂාව හා ස්ථාවරභාවය ඇතිකිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසා බැලීම මෙහි අරමුණයි.
ත්‍රස්තවාදයෙන් වාසි ලබමින් සිටි ඇතැම් පාර්ශවයන්ගේ ඇහේ කටු අනින්නාක් වැනිව ඇති වූයේ රාජ්‍ය ත්‍රස්තවාදය පරාජය කිරීම බවත් ශ්‍රී ලංකාවට තවත් බාධක වලට මුහුණදීමට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා ජනපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ලෝකයේම දැන් අවශ්‍යතාවය වී ඇත්තේ සාමය,ස්ථාවරත්වය හා රටක සෞභාග්‍යයට එල්ල වන තර්ජයන් මැඩපවත්වාගැනීම බව ජනපතිවරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා ජාත්‍යන්තරයේ ඕනෑම බලවතකු ඉදිරියේ අහිතව කෙලින් සිට ගනිමින් කිව යුතු දේ නො බියව ප්‍රකාශ කරන ලංකා මාතාවගේ අභීත පුත්‍ර රත්නයකි. ඔබතුමා අප රටට ආශිර්වාදයකි. අප රට නව මගකට ගෙන ආ ඔබතුමාට දේවාශිර්වාදය ලැබේවා.!!(දිල්)
යුද්ධය පැවැති අවස්ථාවේදී මෙරට තුල පවා ඇතැම් පුද්ගලයන් අකුල්හෙලද්දී නොසැලී හිටපු ඹබ තුමාට මේ බාධක ගැටළුවක් වෙන්නෙ නැහැ. මෙවයේ පසුපස දේශීය බලවේගත් තවමත් ක්‍රියාත්මකයි. (දිල්)
ජනාධිපතිතුමාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විරෝධය පල කරන්නට හපන් කෙනෙක් ඉන්නවද..? (අ)
ත්‍රස්තවාදය නැති කළාට අකමැති අයෙක් ඉන්නවා නම් ඒ ත්‍රස්තවාදියෙක්ම පමණි. (ස)
බටහිර රටවල් නිතරම බලන්නේ ඔවුන්ගේ යුද්ධ අයුධ විකුණාගැනීමට. රටවල් සාමයෙන් ඉන්නවට එයාල කැමැති නැහැ .ත්‍රස්තවාදීන්ට හොර මාර්ග වලින් අයුධ යන්නේ එ් නිසා.අපේ ජනාධිපතිතුමා එඩිතර නායකයෙක්. (ස)
ත්‍රස්තවාදය කියන මිනිසුන් බිලිගන්නා ඒ විසල් ගසේ මුල පමණක නොවෙයි; එයින් මතුවන පොඩි පල සහ මුල් ඇදුන තැන්ද මුලින්ම ගැලව දැමිය යුතුයි! නැතහොත් මතු දිනයක ඒ පැල රෝපණය වී යලිත් ලොවටම මහා බරක් වන මහා වෘක්ෂයන් බිහිවිය හැකිය!(දිල්)
අන්න හරි .එහෙම තම්යි මේ යුද්ධය ජය ගන්න පුලුවන් වෙන්නෙ .අපි පුටින් වගේ සටන් කරමු. (ස)
මම දැක්ක ඇමෙරිකන් එක්කෙනෙකුත් වාඩිවෙලා ඉන්නවා සමුළුවේ, ජනාධිපතිතුමා එහෙම කියන කොට ඇමෙරිකන් කාරයාගේ මුහුණේ ඉරියවු කොහොම තිබුණද දන්නේ නැහැ, ඉතින් එහෙම වෙනස් වෙන්නත් ඔවුන්ට මුහුණක් තියෙන්න එපායැ නේද ! (ස)
විශේෂයෙන් ආයුධ නිෂ්පාදනය බටහිර කරන රටවල් ලෝකයේම ත්‍රස්තවාදය වපුරනවා මිසක් නැති කරන්න කැමති නැහැ. නැතුව කොහොමද ඒ අය ජීවත් වෙන්නේ. ඒ සෑම රටකම අදායම යුධ උපකරණ විකිනීමන් යුධයක් නැත්නම් කාට විකුන්නනද. කොහෙහරි ත්‍රස්තවාදීන් ඇතිකරලා රජයන්ට ආයුධ විකුණන තමයි අදායම. (අ)