පසුගිය කාලයේ චෝදනා නැගුණු ආකාරයේ කිසිදු ආකාරයක ත්‍රස්ත සංවිධානයක් හෝ ඔවුන් පුහුණුව ලබන ත්‍රස්ත කඳවුරක් හෝ ශ්‍රී ලංකාවේ නැතැයි ආරක්ෂක අමාත්‍යංශ්‍ය අවධාරණය කරයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය පවසන්නේ විදේශයන්ගේ සිට පැමිණෙන ත්‍රස්ත කණ්ඩායම් ශ්‍රී ලංකාව පුහුණු කඳවුරක් ලෙස භාවිතා කරන්නේයැයි චෝදනා නැගුණද එවැනි කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා බළධාරීන් ඉඩක් දී නොමැති බවයි.
කුමන ස්වරූපයෙන් පැමිණියද ත්‍රස්තවාදය නම් ත්‍රස්තවාදයම යැයි හදුන්වන ඔහු කිසියම් ත්‍රස්ත සංවිධානයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී වන්නට සැරසෙන්නේ නම් එල්.ටී.ටී.ය මර්දනය කළ ආකාරයට එම ත්‍රස්ත සංවිධානය මර්දනය කරන බව කියයි.
චෝදනා හැරෙන්නට ශ්‍රීලංකාවේ එවන් ත්‍රස්ත සංවිධානයක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ආරක්ෂක අංශ වෙත ලැබී නොමැති බවද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා ත්‍ර්‍රස්තවාදීන්, විහිලුකරන්නෙපා මහත්වරුනී. මෙහෙ එහෙම අයනම් නැහැ. කූට ව්‍යාපාරිකයෝ, අදක්ෂ දේශපාලකයෝ, කොන්ද පන නැති රාජ්‍ය නිලදාරීන් , ගුණයහපත්කම නැති මිනිස්සු. ගෑනුන්ව රට යවලා හම්බකරන් කන සැමියන්, මිනිස්සුන්ගේ සුබ සාදනය වෙනුවෙන් කටුතුකරන ප්‍රාදේශීය නිලදාරීන් හා ආගමික පුජකවරු ,මේ අය ගැන අහන්න,අපේ ත්‍රිවිද හමුදාවේ හා පොලිසියේ ඉන්න වීරයන්ට අපහාස කරන්න එපා. ඒ උතුම් මිනිස්සු ජීවිත කැපකරලා දිනපු ජයග්‍රහනය විනාශ කරන එවුන් හැර වෙන ත්‍රස්තවාදීන් ගැන නම් අපි දන්නේ නැහැ (නදී)
නමුත් ලංකාවේ ආණ්ඩුව රටට පෙන්නනේ තවම ත්‍රස්ත උවදුර ඉවර නැහැ කියල නේ. මට තේරෙන්නේ නැහැ. (නදී)
ඇත්තද ? එහෙනම් අඵත්ගම බේරුවල පැත්තෙ ගෙවල්, කඩ, කර්මාන්ත ශාලා ගිනි තිබ්බේ කවුදැයි ප්‍රශ්නයත් පවතියි. පත්තරවලට අනුව නම් අබසරණයි කියපු අයලු.(නදී)
චෝදනා කරනවා කියන්නේ එහෙම තියනවා නම් මර්ධනය කරන්න කියන එකනේ, එම ත්‍රස්තයන්ට ඉඩ දිය යුතුයි නැත්නම් පසුව ඔය චෝදකයින්ම ජිනීවා වලට යයි ත්‍රස්තයන්ගේ මානව හිමිකම් කැඩුවා කියලා (නදී)
චන්දනගේ කටේ මසුරන් දන්න ඕනි ලියපු කතාවට. ඔහු හරියටම හරි. අපි ගැන අදි තක්සේරු කෙරුවට අපේ වැඩි දෙනෙක්ගේ වැඩ තමා එතුමා ලියලා තියෙන්නේ. (නදී)