IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ත්‍රස්ත තර්ජන නිසා තෙල් සහ ගෑස් ආයතනවල ආරක්ෂාව තර කෙරේ

ත්‍රස්ත තර්ජන නිසා බහරේනයේ තෙල් සහ ගෑස්වලට සම්බන්ධ ආයතනවල ආරක්ෂාව වැඩි කර තිබේ.


ඒ අනුව බැප්කෝ පිරිපහදුවේ නව තාක්ෂණයෙන් යුතු පාලන මැදිරියක් ස්ථාපිත කර ඇති අතර බනාගෑස් හි දැනටමත් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආරක්ෂක මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. එහි ඇති ආරක්ෂක කැමරා 300 ක් හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සූදානම් කර ඇති පාලක වාහන වෙත සම්බන්ධ කර ඇත.


එසේම සිය සියලුම මධ්‍යස්ථානවල ආරක්ෂාව ඉහළ නංවා ගැනීම සඳහා ජාතික තෙල් සහ ගෑස් අධිකාරිය (නොගා) මේ වන විටත් අභ්‍යන්තර අමාත්‍යාංශය සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව බලශක්ති අමාත්‍ය ආචාර්ය අබ්දුල්හුසේන් මිර්සා පවසයි.


මෙම ආරක්ෂක වැඩපිළිවෙළට අධි තාක්ෂණික වැටක් සහ චලන සංවේදක සවිකිරීම, සේවකයන් සඳහා ජෛවමිතික ස්කෑනර් ස්ථාපිත කිරීම සහ අමතර ආරක්ෂිත කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීමද ඇතුළත් වන බව පසුගියදා මනමා නුවර පැවැති ප්‍රධාන පෙළේ සම්මන්ත්‍රණයක් අමතමින් ඇමැතිවරයා පැවැසීය.



අදහස් (0)

ත්‍රස්ත තර්ජන නිසා තෙල් සහ ගෑස් ආයතනවල ආරක්ෂාව තර කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site