( තිළිණි ද සිල්වා )
ඕස්ට්‍රේලියාව තුළ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ වී ඇතැයි කියන චෝදනා යටතේ එරට සිඩ්නි නගරයේදී ශ්‍රී ලාංකික තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ද ගාඩියන් පුවත්පත් වෙබ් අඩවිය (31) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එරට විශ්ව විද්‍යාලයක කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් සිටි විසිපස් හැවිරිදි ලාංකික තරුණයෙකි.
ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා මත අත්අඩංගුවට පත් තරුණයා නිව් සවුත් වේල්ස් හි කෙන්සිංටන් ප්‍රදේශයේ පදිංචිව සිට ඇතැයි අනාවරණය වී ඇත.
මෙම තරුණයාගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය සැප්තැම්බර් මාසයේ කල් ඉකුත් වීමට ඇති බවත් මීට පෙර කිසිදු වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට මොහු පිළිබඳ වාර්තා වී නොමැති බවද ගාඩියන් වාර්තාවේ දැක්වේ.
නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට සම්බන්ධව කටයුතු කළ කොන්ත්‍රාත් සේවකයෙකු වූ ඔහු සම්බන්ධයෙන් ඊයේ (30) කළ සෝදිසි මෙහෙයුමකින් පසුව අත්අඩංගුවට ගෙන ඇත.
ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී ඕස්ට්‍රේලියාව තුළ ප්‍රහාර දියත් කිරීමට සැලසුම් කළ බවට එරට ආරක්ෂක අංශ චෝදනා කර සිටී.
අදාළ ශ්‍රී ලාංකිකයාට එරෙහිව ත්‍රස්තවාදී චෝදනා යටතේ නඩු පැවරීමට ඕස්ට්‍රේලියානු බලධාරින් කටයුතු කරනු ඇතැයිද ගාඩියන් වාර්තා වේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිඩ්නි වලින් ඈතින් තිබෙන ගමක් වන බෝකම්හිල්ස් වල ඉන්න පැන්ෂන් ගිය ලාංකිකයෝ ටිකත් ත්‍රස්ත ක්‍රියා සඳහා චෙක් කළොත් හොඳයි වගේ...
අපේ තොප්පි සහෝදරයෙක් වගේ.
මොහො... කියලා නමකින් පටන් ගන්න කෙනෙක්. නිව්ස් වල තියෙනවා අන්තර්ජාලේ..
පුදුමාකාර අන්තවාදී ජාතියක් ලංකාවේ නම විනාශ වෙලා තිබුනේ නැත්තේ මේ අංශයෙන් විතරයි. දැන් ඒකත් ඉවර කරන්නයි හදන්නේ.
ආගමේ නාමෙන් මිනීමරණ එකම ජාතිය... ලෝකේ කරුමෙට තමයි මේ වගේ මිනිස්සු බෝ වුනේ...
"මොහොමඩ් නිසාම්ඩින්" කියන නම ඕස්ට්‍රේලියාවේ හැම මාධ්‍යකින්ම කියනවා නම් ලංකාවේ නොකියන්නේ ලංකාවත් අල්ලාගෙන හින්දද?
මොහු ශ්‍රී ලංකික මුස්ලිම් ජාතිකයෙක් කියා නොයෙකුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් මෙය හංගන්නේ ඇයි?
අශ්ව ගාලේ ඉපදුණත් ඌරා ඌරම තමයි.. වෙනස් වෙන්නේ නැහැ.