
(ටී.කේ.ජී.කපිල )
ස්පාඤ්ඤයේ පැවති ජාත්‍යන්තර ආරාධිත මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එයින් ශ්‍රී ලාංකික ධාවන ශූර තරුෂි කරුණාරත්න රිදී පදක්කමක් සහ කාලිංග කුමාර ලෝකඩ පදක්කමක් දිනා ගෙන අද(20) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය ස්පාඤ්ඤයේ " බිල්බාවෝ " නුවර ඉකුත් 18 දින පවත්වා තිබුණි .
එහිදී මීටර් 600 ධාවන ඉසව්ව සදහා සහභාගී වූ තරුෂි කරුණාරත්න විනාඩි 01.24.84 ක කාළයකින් මෙම තරගය නිම කර රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය .
මෙම කාළය මෙතෙක් ආසියාවේ මෙම තරග ඉසව්ව සදහා වාර්තා වී ඇති හොදම කාළය වන අතර මෙම ජයග්‍රහණයත් සමග තරුෂි කරුණාරත්න ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 45 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටී .
ඔලිම්පික් තරග සහභාගී වීමට ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 48 ස්ථානය දක්වා අවස්ථාව හිමි වන අතර තරුෂි කරුණාරත්න ඒ අනුව ඔලිම්පික් පරිසාදන මට්ටම පසු කර ඇති බව ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
එසේම මෙම තරගාවලියේ දී මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සදහා සහභාගී වූ කාලිංග කුමාර එම ඉසව්ව තත්පර 45.91 කින් නිමා කර එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .
මෙම ජයග්‍රහණයත් සමග කාලිංග කුමාර ලෝක ශ්‍රේණි ගත කිරීම් වල 53 වන ස්ථානය කරා ලගා වී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝන් අගේන් ඇමැති දන්නෙත් නැතිව ඇති මේ ගැන...
කන්න බොන්නත් හරියට නැතිව උද්දමනයෙන් පිරි අපේ රටේ අහිංසක දූදරුවන් දක්ෂතා ගැන අප ආඩම්බර විය යුතුයි.
දුවේ පුතේ නුඹලාට ලෝකය ජය ගැනීමට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා ඉත සිතින්ම ප්‍රාර්ථනා කරන අතර... බුදු සරණද ලැබේවා කියාද පතමි...!
බෝන් අගෙන් ඇමැතිට බම්බු ගහගන්න කියන්න.. ජය පරාජය කුමක් වුණත් සාදරයෙන් පිළිගන්නවා. ලක්මාතාව ජාත්‍යන්තරයේ බබලවපු අවංක දූපුතුන්.., ගුවන්තොටුපලේ ඉදිරි දොරෙන් පිටවෙලා STF ගාර්ඩ් නැතුව කොන්ද කෙලින් තියාගෙන ගෙදර යන්නේ නියම වීරයෝ, ගාර්ඩ් දමාගෙන ගුවන්තොටුපලේ හොර පාරෙන් පස්සේ දොරින් පැනලා යන්නේ පගාකාරයෝ, හොර දේශපාලකයෝ වැනි පුද්ගලයෝ...
සුබපැතුම් හදවතින්ම... අර හැමදාම පැරැදිලා පම්පෝරි ගහන අය මේ දිහා බලලාවත් හැදියව්...
ජයවේවා..... තරුණ ජවය... හික්මීම ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ජයපැන් බොති. වීරත්වය ප්‍රදර්ශනය කර මව්බිමට පැමිණෙති. ..
සුබ පැතුම් දෙන්නාටම ඉදිරියටම යන්න