කිලිනොච්චි පොදු වෙළඳපලේ කඩ 50ත් 100 ත් අතර ප්රමාණයක් අද (17) ගිනිගෙන දැවුණු බවත් ගින්න නිවා දැමීමට ත්රිවිධ හමුදාව හා පොලිසිය විපතට පත් වූවන්ට සහය වු බවත් ප්රදේශවාසීහු පවසයි.
ත්රිවිධ හමුදාව ජල බවුසර් ගෙන්වා ගින්න නිවා දැමීමට සහය වී ඇත.
ගින්න විදුලි කාන්දුවකින් ඇති වී ඇතැයි සැක පළකෙරෙන අතර ගින්නෙන් සිදු වු හානිය මෙතෙක් ගණන් බලා නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොඳ කළත් ඔය පළාත් වලින් හමුදාවට හොඳක් අහන්න නැහැනේ. ෂුවර් එකටම පස්සේ චෝදනා කරයි හමුදාව තමයි ගිනි තිබ්බේ, ගින්න වැඩිකළේ කියලා (නි)
උතුරේ, දකුණේ බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ හමුදාවක් ඉන්නේ යුද්ධ කරන්න විතරයි කියලා. එ්කනේ යුද්ධය ඉවරයි, උතුරෙන් යන්න කියන්නේ. දැන්වත් තේරුම් ගන්නවා නම් හොඳයි හමුදාවක් කරනුයේ එක ජාතියක් රැකුම නොව ජාතින් සමුහයක් සිටින රටක් රැකීම බව. ලෝකයේ හමුදාවන්ගෙන් ඉහළම විනයක් ඇති හමුදාවක් අපේ රටේ ඉන්නවා කියලා අපිට ආඩම්බරෙන් කිව හැකියි (නි)
සාලාවේ ගින්න වගේ අලාබය ගෙවන්න ප්රමාද කරන්න එපා. එහෙම වුණොත් ඕකත් ජිනීවා අරගෙන යාවි (නි)
සම්බන්ධන් මහත්තයයි විග්නේශ්වරන් මහත්තයයි කියාවිද දන්නෙ නැහැ අපේ ගින්න නිවලා හමුදාව ජාතිවාදය ඇවිස්සුවා කියලා. සමහරවිට ඩයස්පෝරාව කියාවි ගිනිතිබ්බේ හමුදාව කියලා. (නි)
ආමි එකේ අය මේ දෙමළ මිනිසුන්ට පිහිටවෙන්නේ. ඔවුන් එළවන්න කියන්නේත් මෙයාලමයි (නි)
දැන් එතකොට හමුදාව හා පොලිසිය උතුරින් ඉවත්කරන්න කියලා කියන්නේත් මෙයාලම නේද? (නි)
ත්රිවිධ හමුදාව අයින් කරන්න කිවුවා නේද? දැන් මොකද කියන්නේ? (නි)
මේක බටහිර කුමන්ත්රණයක්, වහාම මේගැන හොයා බලන්ට ඕනෑ..(බ)
සහනාධාර දීම සාලාවට වගේ වෙයිද දන්නෙ නැහැ (නි)
ත්රිවිධ හමුදාව උතුරු වැසියන්ට හරියට අම්මා තාත්තා වාගේ. බැනුම් කෙනෙහිලිකම් කොච්චර කළත් කරදරයකදී පිහිට හමුදාව හා පොලිසිය පමණයි. (නි)
මම හිතනවා අපේ ත්රිවිධ හමුදාවේ අගය කට්ටියට දැනෙන්න ඇති කියලා (නි)
ත්රිවිධ හමුදාවන්ගේ අගය දැන්වත් තේරුනොත් හොඳයි. (නි)
හමුදාව තමයි හැමදේටම පිහිටට එන්නේ (නි)
හමුදාව අයින් කරන්න කියන අය මොනවද දන්නේ නැහැ කියන්නේ? (නි)
උතුරු මහා ඇමතිතුමනි, දැන් මොකද කියන්නේ? උතුරට හමුදාව එපාද? තමිල්නාඩුවෙන් ගෙන්වා ගන්නවද මේ වගේ විපතක් වුණාම. (නි)
මෙවැනි හදිසි විපත් වලදී ජනතාවට උදව්වට ඉන්නේ හමුදාව විතරයි. එහෙම නැතුව තමිල්නාඩුවේ ජයලලිතාගේ හිතවාදීන් නෙමෙයි. උතුරේ මහා ඇමතිට කියන්න තියෙන්නේ මෙච්චරයි. හමුදාව උතුරෙන් ඉවත් කරන්න කියලා තවදුරටත් බලපෑම් කරන්න එපා.. (නි)
පින්තූර දැක්කහම කඩහිමියන් සහ සේවකයන් ගැන දුකයි. ඒ වගේම ප්රදේශවාසින් තමන්ට හමුදාවෙන් සහ පොලිසියෙන් ලැබුන සහය ගැන කියනවා. ඒ තමයි අපි හැමෝම කාගේහරි කරදයකදී හැසිරෙන්න ඕනෑ හැටි. ඒත් සමහර දේශපාලකයන්ට නම් ප්රදේශවාසීන්ගේ කතාව අල්ලන එකක් නැහැ. (නි)