
(ප්‍රසාද් රුක්මල්)
හාලිඇල නගරයේ බණ්ඩාරවෙල මාර්ගයේ දී ඊයේ (22) පස්වරුවේ ත්‍රිරෝද රථයක හදිසියේ ඇතිවූ ගින්නකින් ත්‍රිරෝද රථයට දැඩි ලෙස අලාභහානි වූ බව හාලිඇල පොලිසිය පවසයි .
ත්‍රිරෝද රථය හාලිඇල නගරයේ සිට බණ්ඩාරවෙල මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබියදී එක්වරම ත්‍රිරෝද රථයේ පිටු පසින් මෙම ගින්න හටගෙන ඇති අතර ඒ සමගම අවට උදවිය එක්වී ජලය ගසා ගින්න නිවා දැමීමට සමත් වූ බවද පොලිසිය සදහන් කලේය .
ගින්නෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදු වී නොමැති අතර , ත්‍රිරෝද රථය ට දැඩි ලෙස අලාභහානි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය වෘත්තීය ත්‍රිවීල් රියදුරන්ට බදු රහිතව වැගන් ආර් රථ දෙන්න ඕනේ.