හෝමාගම උද්‍යානයක් අසල වැසි නොපැවති අවස්ථාවකදී ත්‍රීරෝද රියේ වැසි ආවරණය දමාගෙන තරුණියක් සමග කතාකරමින් සිටි රියදුරෙක් පොලිස් අත් අඩංගුවට ගනු ලැබ සිටී.
ත්‍රීරෝද රිය අසලින් ගිය කාන්තාවක වැසි ආවරණය ඉවත්කොට රියට එබී යැයි කියන සිද්ධියක් මත ඇයට පහරදීම මෙයට හේතුව බවද කියති.
පහර කෑමට ලක් වු කාන්තාව රෝහල් ගතකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම මහත්තයෝ, මෙතන ත්‍රිවිල් එක ඇතුලේ මොනවද කළේ කියල සඳහනක් නැහැනේ. කොහොමත් ඔබතුමාලා වගේ අයට නම් ඉතින් රෙද්දෙන් වහල තියන දෙය අමුතුවෙන් ඇරලා බලන්න ඕන නැහැ. වහල තියන රෙද්ද ඇතුලේ තියන එකත් ඇස් දෙකෙන් නරඹල, මනෝමෙන් සතුටු වෙන්න පුළුවන් ජාතියේ කෙනෙක් කියල ඔබේ කතාවෙන් පැහැදිලියි. ඕකට කියන්නේ මහත්තයෝ, ලිංගික බෙලහිනතාවය කියලයි. (බ)
සමාවෙන්න හිමාලි. නැවත මා ඔබට තරහ එන දේවල් ලියන්නේ නැහැ. (බ)
සිදුවූ දෙය නොදැන අදහස් දැමීම නොකළ යුතුයි. (බ)
අනුන්ගේ කුණු අවුස්සන්නේ නැතිව පාරේ යන්නවත් දන්නේ නැති කෙනෙක්. (බ)
අනුන්ගේ මලු වලට එබෙන්න ගියහම ඔහොම තමයි. (බ)
හොද වැඩේ අනුන්ගේ රෙද්දවල් අස්සට එබිලා බලනවට. කොන්ද කඩන්න තිබ්බේ. (බ)
ඕපාදුප මල්ලක් වෙන්ඩ ඇති. (බ)
පුරුද්දනේ (බ)
සැප වාහනයක් තිබුනානම් ගැණු එබෙන්නෙත් නෑ පොලිසිය එන්නෙත් නෑ .(බ)
ප්‍රථම ත්‍රිවිල් ඩ්‍රයිවර්ලා දෙන්නෙක් අදහස් දාල. ඒ කාන්තාව බලන්න ඇත්තේ හයර් එකක් යන්න පුලුවන්ද කියල. මුට තදවෙන්න ඇති ලව් කරන්න දෙන්නේ නැහැ කියල. දුප්පතාගේ වාහනේ කිවුවට ත්‍රිවිල් කොහොමත් ජංගම ගණිකා නිවාස ලංකාවේ. (බ)
ඔච්චරම බලන්න ආසා නම් , ගහන්නේ නැතිව ඇතුලට අරන් පෙන්නුවා නම් ඉවරයි නේ .. දැන් ඉතින් උසාවි ගානේ රස්තියාදු වෙයන් කෝ (බ)
මම නම් හිතන්නේ, ඔය තරුණ ජෝඩු වලට රවමින්, බලමින්, එබිකම් කරමින්, හෝදිසි කරන්නේ ලිංගික අසහන කාරයෝ කියලයි. මේ අයට තියෙන්නේ ලිංගික ඊර්ෂ්‍යාව. ආදරයෙන් ඉන්න තරුණ ළමයිව පේන්න බැහැ. ගහන්න ඕනා තමයි දුවන්නම.(නදී)
තරුනියටත් කාන්තාවටත් යන දෙදෙනාටම පහර දීලා නේද ?
අනුන්ගේ වාහනයක රෙදි උස්සලා බලන්න වෙනත් කෙනෙකුට අයිතියක් නැහැ. මුල්ම වැරැද්ද එයයි. පොලිසියත් ඔහේ තමන්ගේ හිතුමනාපෙට වැඩකරනවා. (නි)
ඇත්තටම සමහර ගැහැණු වගේම පිරිමිත් හරිම ආසයි අනුන් කරන ඒවා බලන්න. ලැජ්ජාවක් නැද්ද මන්දා? සමහරවිට එ්කෙන් හීනියට සතුටක් ලබනවා ඇති. (නදී)
මාලන්, ඇත්ත තමයි. ඉස්සර විහාර මහා දේවි පාර්ක් එකේ මිනිස්සු පත්තර බලනවා. පත්තරේ හිලක් හදාගෙන ඉන්නේ. වටේ ඉන්න ජෝඩු කරන දේවල් බලන්න. අසහනකාරයෝ. (නි)
අනුන්ගේ කුණු හොයන එක සමහරුන්ගේ විනෝදාංශයක්. එකනේ ඔය මහපාරේ මොකක් හරි සිද්ධියක් ඇති උනාම තමන් කරන්න යන වැඩේ පැත්තක තියල, ඒ තමන්ට අදාල නැති දෙයක් ගැන කට අරගෙන බලාගෙන ඔහේ බලාගෙන ඉන්නේ. (බ)
මහා පාරේ දඟලන්නේ නැතුව වෙන කොහෙට හරි යන්න තිබුණනේ. ඔක්කොටම මුල ඒකනේ ! (බ)
අදහස් දාලා තියෙන බොහෝ දෙනෙක් රෙද්ද වහගෙන ත්‍රී වීල් ඇතුලේ කරන වැඩේ කළ අය වගෙයි. රෙද්ද උස්සලා බලපු එකත් වැරදියි. රෙද්ද වහගෙන ප්‍රසිද්ධ ස්ථානවල අනාචාරයේ හැසිරීමත්(මේ ආදරය නොවේ) වැරදියි.(බ)