කොළඹ කොටහේනේදී කාන්තාවකගේ රුපියල් ලක්‍ෂ පහක් කොල්ල කා පැනගිය කොල්ලකරුවන් තිදෙනකු හඹා ගොස් එම මුදල් කොල්ලකරුවන්ගෙන් උදුරා අයිතිකාරියට දීමට ත‍්‍රිරෝද රියැදුරෙක් සමත්විය. ත‍්‍රිරෝද රියැදුරු කොල්ලකරුවකු සමග සල්ලි පොදියට පොර බදද්දී තවත් කොල්ලකරුවකු ත‍්‍රිරෝද රියැදුරුට වෙඩි තබා ඇතත්, එය කොල්ලකරුට වැදී ඇත. උගස් කළ රන් බඩුබේරා ගැනීම සඳහා බැංකුවෙන් මුදල් ගෙන උගස් කඬේට යද්දී මේ කොල්ලය සිදුවිය.
1
බලශක්ති ඇමති අයින් කරන්නේ නැහැ - මාලිමාවේ මහලේකම් කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රිරෝද රථ රියදුරන් ගැන සමාජයේ තියෙන්නේ ප්‍රසන්න අදහසක් නොවේ.ඒ අතරින් ඔබ නම් සැබෑ විරුවෙන් බුදුසරණයි.වාසනා වෙවා....!!!(නදී)
ඉතාමත් ශ්‍රේෂ්ට ක්‍රියාවක්. (නදී)
එය සිදුවුනේ මෝදර.(නදී)
ඔබ අපේම කෙනෙකි. ඔබගේ එඩිතරකම රටටම ආඩම්බරයකි. හොඳ සහ නරක පුද්ගලයන් මිස හොඳ සහ නරක රැකියාවන් නැත.(නදී)
මල්ලි ඔබට කවදාවත් වරදින්නේ නෑ. (ස)
මෙවැනි ත්‍රි විල් පදවන අය අද බොහෝ දුර්ලභය. මොහු අනික් ත්‍රිවිල් පදවන අයට දුන්නේ ලොකු ආදර්ශයකි. ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා! (නි)
කොල්ලකරුවන්ගේ වෙඩි පහර වැදුනානම් කාට කියන්නද? තමන් ගැන නොසිතා අවස්ථානුකුලව අවංකව කටයුතු කළ වීරයෙක්, ඔබට ප්‍රණාමය, පොලිස්පතිතුමනි, පොලිසියට අවශ්‍ය මෙවන් අයය (නි)
මොහු ජාතික වීරයෙකි. උපහාරයක් මෙන්ම උපකාරයක් වශයෙන් මොහුව පොලිසියට බදවා ගත හැකිනම් වටි. බලධාරීන්ගේ අවධානය යොමුවේවා! (නි)
ඔබට ඉක්මනින් 4 වීලයක් ලැබේවා. (නි)
ඔබ වීරයෙකි. තුණුරුවන් සරණයි (නි)
ඔහුගේ සේවය අගයකර ඔහුව පොලිස් සේවයට බදවා ගත හැකිනම් ආදර්ශමත් නිලධාරියෙක් බිහිකළ හැකි වෙයි (නි)
අපේ මිනිස්සු යම් න්‍යායක් ගොඩනගන්න හදන්නේ එක සිද්ධියකින් නැත්නම් දෙකකින්. කොච්චර වැරදිද? මේ වීරක්‍රියාව කළ රියදුරු මහතා මනුෂ්‍යයෙක් වශයෙන් ඔහු තුල තිබුන එඩිතරකම, නිර්භීතකම, අනුන්ට උදව් කිරීමේ කැමැත්ත ආදී ගතිගුණ නිසා මේ දේ කළා. මේ නිසා සකලවිධ ත්‍රී වීල් රියදුරුවරුන්ම වීරයෝ වෙනවද? නැහැ. ඒ වගේම තමයි අපරාධයක් කළ ත්‍රීවීල් රියදුරෙකු හිටි පමණින් සියලුම ත්‍රීවීල් රියදුරන් අපරාධකාරයෝ වෙන්නෙත් නැහැ. අපි මේ වීරයාව අගය කරමු. නමුත් න්‍යායන් ගොඩ නැගීම පැත්තකට දාමු. (නි)
මෙවෙනි උත්තම ගුණාංග තිබෙන මනුෂ්‍යන් අද අඩුවේගෙන යන්නේ. මේ මහතාව හොඳින් ආරක්ෂා කළ යුතුයි. (නි)
ත්‍රීවිල් මල්ලි, ඔබ ශ්‍රේෂ්ඨයි (නි)
මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන්ට ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි (නි)
අපේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ ත්‍රී වීල් එකක් එලවන ඕන මිනිහෙක් දැක්ක ගමන් අපෝ ත්‍රී වීල් කාරයෙක් කියන්න නේ. ඒ වුනාට පාරක ඇක්සිඩන්ට් එකක් උනාම . මේවගේ කරදරයක් උනාම ඉස්සර වෙලාම තැන නොතැන බලලා පිහිටට එන්නෙ මේ වගේ මිනිස්සු. ත්‍රී වීල් කාරයෝ නරකයි කියන උත්තම පුරුෂයෝ ඔය වෙලාවට නැට්ටවල් අස්සෙ ගහගෙන දුවන්නේ. (ස)
ඔබ සැබෑ වීරයෙකි..... !!! විශිෂ්ටයි. (ස)
බාට්චා වෙනි චිත්‍රපටි වල හිටියේ මේ වගේ වීරකම් කරන ත්‍රී වල්කාරයෝ තමා. (නි)
ඔබ සැබෑ වීරයෙක්. මල්ලි, ඔබට සුභ අනාගතයක්! (නි)
මුදලට යට වෙලා ඉන්න මෙවන් සමාජයක, ඔබ ඇත්තටම නියම වීරයෙක්.... (ස)
ත්‍රී වීල් මල්ලිලා ඉන්නේ දෙකොනේ. හොඳ එකා අන්තිම හොඳයි. නරක එකා අන්තිම නරකයි. (ස)
ඔවැනි වීර ක්‍රියාවන් තවත් කිරීමට නිරෝගි සැප ලබත්වා! තෙරුවන් සරණයි. (නි)
මල්ලි ප්‍රවේශම් වෙන්න. ඔයාට ප්‍රහාරයක් එන වෙලාවට ඔයා බේරපු අයත් නැහැ උපහාර දක්වපු අයත් නැහැ. ඔයාගේ ආරක්ෂාව බලන්න. (නි)
මේ පුවත පලකළාට ස්තුතියි (නි)
ඔබ සැබෑ වීරයෙක් (නි)
මෙවැනි පුවත් හැකිතරම් පළ කරන්න. එයයි සමාජ මෙහෙවර. ලංකාදීපයට මල් මිටක් (නි)
සුරන්, ඔයා කියන කතාව සහතික ඇත්ත.ත්‍රීවිල් මහත්වරු වගේම ත්‍රීවිල්කාරයොත් ඉන්නවා.මෙම මූලධර්මය සෑම වෘත්තියකම තිබෙනවා.හදිසි අනතුරකදී කාර්,වෑන් රියදුරන් උදව් කරන්නේ නැහැ.ත්‍රීවිල් රියදුරා පමණි රෝගියාව රෝහලකට ඇතුළු කරන්නේ. (නි)
ඔබ එඩිතර ලක් දරුවෙක්. හොද ආත්ම ශක්තියක් තියෙන මහත්මයෙක්. උතුම් රස්සාවටත් ආඩම්බරයක්. ඔබත් පවුලේ සැමටත් ජයෙන් ජයම වේවා ! (නි)
මට මතක් වෙනවා අපි පොඩි කාලේ කතාවක්.දිනක් රාළහාමි කෙනෙක් උසාවි ගියාලු එයාට පොලිස්කාරයා කිව්වා කියලා. ඊට පස්සේ නඩුකාරතුමා පැහැදිලි කරලා දුන්නලු,ත්‍රීවිල් කාරයා,ලියුම්කාරයා,මාලු කාරයා,පොලිස්කාරයා සහ මිනිසුන් මට කියන්නෙත් නඩුකාරයා කියලලු,ඕක ගණන් ගන්න එපා කියලා යන්න කිව්වලු (නි)
මෙවැනි වීරවරයන් ඇගයිමට ලක්කළ යුතුයි.කෝ දැන් හැමදාම ත්‍රීවිල් වලට බනින පණ්ඩිතයෝ ටික. (නි)
මේ ඔක්කොම ත්‍රීවීල්කාරයෝ ඔය වගේ නම් නියමම තමයි.හොඳ අය ටිකයි ඉන්නේ.ඒ අයට මගේ මල් මිටක් (නි)
හොද ත්‍රිවිල් මල්ලිලාත් ඉන්නවා කියන එක මේකෙන් තේරෙනවා (නි)
නියම කොල්ලෙක්නෙ (නි)
ත්‍රීවීල් මහත්මයෙක්. ඔබට තෙරුවන් සරණයි!!! (නි)
මෙම නිර්භීත ක්‍රියාව කළ ඔබටත් ,ඔබ වැනි සමාජයට යහපත්, අවංක,නිර්භීත පුත්‍ර රත්නයක් මෙලොවට බිහිකළ ඔබගේ ආදරණීය දෙමවුපියන්ටත් ගෞරවනීය ප්‍රණාමය පුද කරමි. (නි)
වීරයන්ගෙත් නියම වීරයෙක් (නි)
ඔබගේ එඩිතරකම රටටම ආඩම්බරයකි. හොඳ සහ නරක පුද්ගලයන් මිස හොඳ සහ නරක රැකියාවන් නැත. (නි)
මේ මනුස්සයා නියම වීරයෙක් . එහෙම කියලා හැම ත්‍රීවීල් රියදුරෙක්ම මේ වගේ නැහැ.අහිංසක ළමයි අරගෙන ගිහිල්ලා වැරදි වැඩ කරන අයත් ඉන්නවා.එහෙම අය අතරේ මොහු සැබෑ වීරයෙක්. තෙරුවන් සරණයි! (නි)
නියම වීරයෙක් (නි)
ඇත්තටම ඔයාට මට කියන්න තියන්නේ අර සිංදුවේ ඉන්න "ටැක්සිකරයා මම ඇරලායන්න හරිම සුරයා" කියන චරිතේ. ඉස්සර සමාජයේ ටැක්සිය කියනෙත් හොද වෘත්තියක්. නමුත් මේ ත්‍රීවිල් වසංගතෙත් එක්ක ඒක නැතිවෙලා ගියා. නමුත් වාහනේ වෙනස් වුනත් අදටත් රත්‍රන් වගේ වෘ්තතිය මට්ටමේ ටැක්සිකාරයෝ ඉන්නවා. ඔබට ජය ! (නි)
මෙන්න නියම ටාසන් කෙනෙක් , හැබෙයි පුතෝ අර වෙඩිල්ල වෙදුනනම් උඹේ දරු පවුලම අනාතයි නේද ? එඅ හින්දා පරෙසමින් (අ)
සැබෑම ත්‍රීවීල් මහත්මයෙක් (අ)
මෙතන වැදගත් දේ හොරුන් ගාව කොහොමද පිස්තෝල තිබුණේ කියන එක. මේ වගේ හැම හොරා ගාවම පිස්තෝල තිබුනම අහිංසක මිනිස්සුන්ට වෙන්නේ සල්ලි ටික දීල පණ බේරා ගන්න. ත්‍රිවීල් කොල්ලා නියම කොල්ලෙක්. ඒ ගැන කතා දෙකක් නැහැ. නමුත් මිනිස්සු මෙහෙම උදවු කරන එක නවතිනවා හැම හොරා ගාවම තුවක්කු තියෙනකොට. (නි)
රියදුරු මහතාගේ ක්‍රියාව අගය කරමි. නමුත් ඕක පොඩ්ඩක් වැරදිලා වෙඩි වැදුනා නම් අපේ අදහස් දාන කට්ටිය කියයි මෝඩ එක්කෙනෙක්, පොලිසියට කියන්නේ නැතුව පොර වෙන්න හැදුවා කියලා. ඕක මට අනන්තවත් වෙලා තිබෙනවා. (නි)
ඔබ නියම මානව හිතවාදියෙකි... (ස)
හොඳ වැඩක්.නමුත් ප්‍රවේසම් වීම වැදගත්.ඔබට ජය. (අ)
මේ රියදුරු මහතා අවංක එඩිතර අයෙක් නිසා නගරසභාවට හෝ ප්‍රාදේශීය සභාවලට ඡන්දය ඉල්ලීමට සුදුස්සෙක් නොවේ (නි)
මෙච්චරකල් අපි මෙහෙම වීරයෝ දැක්කේ චිත්‍රපටි වල විතරයි. දැන් හැබැහින් දකින්න ලැබීම ගැන සතුටුයි (නි)
ත්‍රී විල් මල්ලීට, ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!! (ස)
ඇත්තටම ඔබ ශ්‍රේෂ්ඨයි. (නි)
ඔබට සුබ අනාගතයක් තියෙනවා. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන් රකී. (ස)
අගය කළයුතු දෙයක්. ඒත් චිත්‍රපටියක වගේ කෙල්ලගේ හිත ගන්න කළ රගපෑමක් නොවේනේ. හා එහෙනම් තුණුරුවන්ගේම සරණයි (නි)
හරි නම් අදාල පොලිස් ස්ථානයෙන් මෙතුමාට උපහාරයක් දක්වන්න වටිනවා !!!! බැරි වෙලාවත් එහෙම කලොත් ඡායාරූපත් එක්කම දාන්න. (ස)