කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනයට ඔත්තූ බැලූ බව කියන ත්‍රීරෝද රිය නිදහස් කරන්නැයි කළ ඉල්ලීම මහර මහේස්ත්‍රාත් දර්ශික විමලසිරි මහත්මිය අද ඉද ඉවත දැමුවාය.
රහස් පොලීසිය අද කරුණු දක්වමින් පැවසුවේ ත්‍රීරෝද රිය නඩු භාණ්ඩයක් වන බැවින් එය මුදා හැරීමට විරුද්ධ වන බවයි. ඒ සඳහා සාක්කි ඇතැයි ද රහස් පොලීසිය දැන්වීය.
නීතිපතිගේ උපදෙස් ඇතොත් මිස එසේ නැතිනම් ත්‍රීරෝද රිය මුදා හැරිය නොහැකි බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
සුජීව රංග කුමාර පෙරේරා, අයේශ් චතුරංග වීරසේකර සහ අශෝක හේමන්ත පෙරේරා යන පළමු, දෙවැනි සහ තෙවැනි සැකකරුවෝ මැයි 30 වැනි දින දක්වා නැවත රිමාන්ඩ් කරනු ලැබූහ.
අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් වන සරත් කුමාර එදිරිසිංහ හෙවත් සිංගප්පූරු සරත් සහ ඩබ්ලිව් පී සමන් නිශාමන් මීට පෙර මහාධිකරණයේ නියමය පරිදි ඇප ලදහ.
විදේශ ගතව සිටින හය වැනි සැකකරු දොන් ඉමේෂ් ඒෂාන් එදිරිසිංහ මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්වින් සිල්වාගේ නමට ඉදිරියේ ආචාර්ය කෑල්ල දාන්න නැත්නම් ඇයගේ මොලයට මදිකමක් වේවි අනේ පව් මෙයා.(නදී)
මේවා අහල අපි ආසියාවේ ආස්චර්යටම ඇවිල්ල වගේ දැනෙනවා...මටනම් නිකන් පිස්සු වගේ...දැනෙනවා. (ස)
ත්‍රී රෝද වලට අමතරව බොහොම වටිනා වාහන රට පුරහා උසාවි වල නඩු භාණ්ඩ ලෙස දිරාපත් වේවි යන අයුරු දකින්න තිබෙනවා. (නි)
මං හිතනවා අවශ්‍ය අර අහවල් උපදෙස් ළඟදීම ලැබෙයි කියලා. (නි)
මම හිතුවා ත්‍රීරෝද රියටත් ඇප ලැබේයි කියලා.(නදී)
කරුණාකර ත්‍රී විල් රථය වරදකරු කර අනිත් සියලුදෙනා නිදොස්කොට නිදහස් කරන්න.(නදී)