හසලක ඉඩමක් විකිණු මුදල් රැගෙන අනුරාධපුර විහාර හල්මිල්ලෑවට ආ පිරිසෙන් පස් දෙනකු මහ රෑ මන්නයකින් කපා මරා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදලක් සොරාගෙන ගිය හිටපු හමුදා සෙබළෙක් පැය 12 ක් යන්නටත් පෙර අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
අනුරාධපුරයේ දහයියාගමදී කොළ කැඳත් බී බසයෙන් හසලකට ගිය ඔහු නබ්බුකාර ගමගේ ජගත් කුමාරයි .ඔහු බකමුණේ පදිංචි කරුවෙකි.
ඔහු ඒ වන විට රුපියල් අසුපන්දාහක් වැය කර රන් මාලයක් හා අත් පළදනාවක්ද මිලට ගෙන ඇත. ඔහු ළග රුපියල් එක්ලක්ෂ තිස්හත්දහසක් ඉතිරිව තිබු බවත් ඝාතනයට පෙර ඔහු මත් පැන් බී සිටි බවත් පොලිසිය පවසයි .
ඝාතකයා බව කියන ජගත් කුමාර හසලක ප්‍රදේශයේ සිය හිතවතකු වන ප්‍රියන්ත සමග ඔහුගේ නිවසට පැමිණ රාත්‍රියේ මත් පැන් බී ඇතැයි ද මුලින්ම මරා දමා ඇත්තේ ප්‍රියන්තගේ මව බවද කියති.ඉඩම විකුණා හසලකින් ගෙන ආ මුදල් සොරකම් කිරීම ඝාතකයාගේ අරමුණ වී ඇත.
හිටපු හමුදා සෙබළා දස අතේ ණය වී ත්‍රිරෝද රියට වාරිය ගෙවා ගැනීමට නොහැකිව සිටි බවද පොලීසිය කියයි.
මන්නයෙන් කොටා මහ රෑ පස් දෙනා මරා මුදල් ද ගෙන මිතුරාගේ කමිසයක්ද ඇද ගෙන ඔහුගේම පා පැදියෙන් ටික දුරක් ගොස් බසයෙන් හසලකට ගිය ද පොලීසිය ඔහු අල්ලා ගත්තේය.
මුදල් සොරකම ඔහුගේ එකම අරමුණ වුවත් මිතුරාගේ මව මරද්දී මිතුරාද ඔහු මරද්දී සෙසු අයද අවදි වීම නිසා සාක්කි ඉතිරි නොකිරීමට ඔහු මේ අපරාධය කරන්නට ඇතැයි පොලීසිය කියයි.ඒත් සාක්කියක් ඉතිරි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය වගෙය් අපරාධකාරයින් ගැන මානුෂික පැත්තෙන් බලනවට වැඩිය හිරේදීම තීරණයක් ගත්තා නම් හොඳයි (නි)
වාසගම නම්බුකාර ගමගේ වුණාට මේ මනුස්සයා කරලා තියෙන්නේ නම්බුකාර වැඩක් නෙමෙයි. පව් අහිංසක මිනිස්සු (නි)
මේ නරුමයාගේ ත්‍රීවීලර් එක වෙනුවෙන් ජීවිත පහක් විනාසකලා. ස්වාමියා මියගොස් දරුවා සමග තනිවී අලුත් පළාතකට පදිංචිවීමට ආව අසරණ අම්ම කෙනෙකුත් මරා දාපු කට්ටිය අතර සිටිනවා. මේ පාපය ඉක්මනින්ම පටිසන් දෙයි.(නදී)
සල්ලි වෙනුවෙන් මිනි මරණ කාලයන් මේ (දී)
මේ වගේ අයව හිරේ දාලා හරි ජිවත් කරවන එකත් මහා පාපයක්. ජනතා මුදල් වලින් දවසක් හරි කන්න දීලා ජිවත් කරවන්න එපා (නි)
ඉතුරු කරන්න වටින්නෙ නැති වැඩක්නේ කරලා තියෙන්නේ (නි)
කරුණාකර හසලක ගාමිණීට අවමන් වෙන අදහස් ලියන්න එපා., ඒ විරෝදාර සෙබල සොයුරාට මතක් වෙන මොහොතේත් හිස නමා ආචාර කල යුතුයි, රට වෙනුවෙන් උදාර මෙහෙයක් සිදු කල ගාමිණි සොයුර'' සෙබලානනේ , ඔබ මැරුණා නොවේ , කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ''කදුලක් වෙලා ඔබ රැදිලා නෙතේ, හඩවන්න මා මේ රෑ යාමයේ...!! (නදී)
බොහෝ රට වල යුද්ධය අවසන් වූ පසු හමුදාවන්ට පුහුණුවක් දෙනවා. යුද මානසිකත්වයෙන් ගාලවෙන්න. ලංකාවේ එහෙම උනේ නැහැ විතරක් නොවෙයි කිසිම හමුදාවේ කෙනෙක් ගැන වැරදි කලාද කියල වත් සොයල බැලුවේ නැහැ. කළ එකම දෙය වැරදි නිවැරදි කම් නොබලා සියල්ලටම උසස් තත්වයක් ලබාදීමයි. එවැනි තත්වයක් යටතේ මෙවැනි අපරාධ වීම පුදුමයක් නොවෙයි. (නදී)
දැන් එන්න එන්නම අපේ සමාජයේ මිනිසුන් කුරිරු වෙලා. අතීතයේ මිනිසුන්ගේ හිත් වල තිබුණු අනුකම්පාව,දයාව,කරුණාව,දැන් ජිවත් වෙන හුගක් අය ලගින් ගිලිහිලා ගිහින්. මම නම් හිතන්නේ රට දියුණු වෙනවත් සමගම මිනිසුන්ගේ හදවතත් දියුණු කල යුතුය යන්නයි. නැතිනම් රට සංවර්දනයේ හිනිපෙත්තටම නැගුනත් පලප්‍රයෝජන ලබන්න බෑ. මෙවෙනි අපරාද නතර කිරීම එක්කෙනුකට කල හැක්කක් නොවේ. එය මුලින්ම ඇරබිය යුත්තේ තමන්ගේ නිවස තුලින්මයි. තම දරුවන් කුඩා කාලයේ සිටම ආගමදහමට යොමුකොට හදවත දියුණු කරන්න. දරුවන් විබහග සමත් කිරීමට වෑයම් දරන්නේ යම් සේද ඒ හා සමානවම දරුවාගේ අද්යාත්මික දියුණුව ඇති කරලන්න. එවිට මෙවැනි දේ සිදු නොවේවි. (නදී)
නරුමයාගේ කට සහ මුහුණ දකිනකොට පෙනෙන්නේ මිහිපිට උපන් යක්ෂයෙක් ලෙසයි.හදවත තියෙන්නේ ඕනෑ තැන මොකක් තියෙනවාද මන්දා. (නි)
කෝ අපේ බල සේනාව? මේ වගේ පාපතරයන් බිහිවීම වැළැක්වීම නොවේද ඔවුන්ගේ ප්‍රථම ඉලක්කය වෙන්න ඕනෑ? (නි)
මේ ආත්මයේදීම ඔහුට මේ කළ අපරාධයට වන්දි ලැබෙයි නියම වෙලාවට (නි)
අනේ මේ වගේ අපරාද කාරයන් හිරේ දාන්න කලින් අවසන් කරන්න ඕනේ. මේ වගේ තිරිසන්නු ප්‍රසිද්දියේ ගල් ගහල මරන්න ඕනේ, අනේ ජනාධිපති තුමනි, ඔබ අපේ රටට ඉතා සේවයක් කරපු කෙනෙක්, කරුණාකරලා මේ මිනිහ එල්ලන්න තීන්දුවක් දෙන්න, ඔබට මහත් පින් (නදී)
"මිනීමරන්න උපදෙස් දෙන එකත් වරදක්." එහෙම නම් මොකටද යුධ හමුදාවක්. යුද්ධයට නැති කඩුව කොස් කොටන්නද? වෙන රටවලත් හමුදාවල් තිබෙනවා. නමුත් එයාලට විනයකුත් තිබෙනවා. ඇමරිකන් සොල්දාදුවෝ මේ වගේ වැඩ සිවිල් වැසියන්ට කරනවා මම අහලා නැත. විනය රකින්න ඉන්න පොලිස් උන්නැහේලා කරන වැඩ දැක්කම මේවත් වැඩද මල්ලි? (නි)
ලෝකේ උතුම් රට ලංකාවයි!! (නි)
මැතක සිට මිනීමැරීම,ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වීම,අැප ලබා දීම ,සමහර මිනීමරුවන්ව මල් මාලා දමා පිළිගැනීම ,ඔවුන් නිදහස් කිරීම යනාදියෙන් පෙනී යන්නේ සාහසිකයන්ට මෙවැනි ක්‍රියා සිදු කිරීමට ඇති බිය සමනය කිරීමකි. මේ නිසා සුළු සිද්ධීන්ට පවා සමුහ ඝාතන බහුලව සිදුවේ. බහුතරයක් දෙනාට නොතේරෙන සත්‍ය මෙය වේ.මෙය ආශ්චර්යක් සේ සළකා පුරසාරම් දොඩන පිරිස් මෙන්ම මේවා ගෙඩිය පිටින්ම ගිලින පිරිස් බහුල වීම ද රටේ අභාග්‍යයකි. (නි)
ලුම්බිණි ඔබ හරියටම හරි. හැබැයි දේශපාලුවෝ මෙයාලගේ ඔලු නැවත හදන්න උත්සහ කරන්නේ නැත මොකද එයාලගේ වැඩට ගන්න බැරිවෙන හින්දා.(නදී)
පවුකාරයෙක් (නි)
මේ වගේ අයට නම් උපරිම දඩුවම දෙන්න ඕනෑ අල්ල ගත්තු ගමන් නොකර සද්ද (නි)
මේ වගේ අය ගැන පොලිසියට ගෙනෙන අතරෙම තීරණයක් ගත්තා නම් ඒත් පවු නැහැ.අහිංසක ජීවිත කීයක් නැති වුණාද මේ තිරිසන්නු නිසා. (නි)
අනේ! අහිංසකයා මැරුවට මොහුට ශාපම වේවා! (නි)
කින් බෙනට්,මාත් ඔයා සමග එකගයි.ප්‍රශ්නය තියෙන්නේ මානව හිමිකම්??නමුත් අනුන්ගේ ජීවත් වීමේ අයිතිය අහිමිකළ තිරිසනෙකුට මොන මානව හිමිකම්ද? (නි)
බමුණුවගේ බමුණු පරමාර්ථ හොඳින් පැහැදිලියි..වෙඩි තියන්න ඕන තැන වෙඩි තියන්න, මරන්න ඕන තැන මරන්න, ගහන්න ඕන තැන ගහන්න හමුදාවට කියල දීල තියෙන්නේ රටට නීතියට සාමයට වන තර්ජන මැඩලන්න මිසක් දකින දකින මිනිහව කපල කොටලා මරන්න නෙමෙයි.බමුනුල ලුම්බිනිල පුංචි ටිකිරිලා සත්‍යපාලලා වගේ අරාබි වසන්ත මේ රටට එනකම් පෙරුම් පුරන අය දැක්කේ අපි අද ඊයේ නෙමෙයි.මේ වගේ අය මේ රටේ තව ඕන තරම් ඉන්නවා .. ටිකිරි බණ්ඩා හැමදාම පට පට ගාල කාටද වෙඩි තියනවා..ටිකිරි බැඳ පිළුණු වෙච්ච කෑමක් විකුනන්න හැදුවට ඕව කවුරුත් ගන්නේ නැහැ මහත්තයෝ.. (ස)
හමුදාවෙන් පැනලා අා අය නිසා හංගපු අවි බලන්න රැගෙන ගියා නම් නරකද? (නි)
එල්ලන්න ඕනෑ, ඉවරකරලා දාන්න ඕනෑ, අරක කළොත් හොඳයි, මේක කළොත් හොඳයි කියා කියා හිටියට මේ වගේ පාපතර ක්‍රියා නතර වන්නේ නැහැ. බල්ලො මරා හරි සල්ලි හොයන පවුකාර විවෘත ආර්ථිකය විසින් බිහි කර ඇති අවජාතක අපරාධ උප සංස්කෘතිය තුල දවස ගානේ මේ වගේ අපරාධකරුවන් දහස් ගණනින් බිහිවෙන එක වළක්වන්න බැහැ. (නි)
දක්ෂ නීතිඥයෙක් අල්ලලා නඩුවට කතාකළාම, සාකි නැහැ කියයි. කවුද නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවෝ? ඇසින් දුටු සාක්කි කෝ? අවුරුදු හත අටක් ඇදෙනකොට හොඳටම නිවිලා. සාක්කි පරස්පරයි. පැමිණිල්ල දුර්වලයි. විත්තියේ නීතඥයා අඩි හප්පලා හරස් ප්‍රශ්න අහනකොට සාක්කිකරුට සාක්කිත් අමතකයි. විත්තිකරු නිදහස්. මේ වගේ දේවල් වෙලා නැද්ද? වෙන්න ඉඩ නැද්ද? (නි)
ජනක,මෙයාව එල්ලන්න ගියොත් තව කිහිපදෙනෙකුත් එල්ලන්න වෙනවා.ඒ ගැනත් හිතලාම ඒ ඉල්ලීම කළා නම් නේද හොඳ? (නි)
තව තව බාර් වැඩි වේවා! (නි)
"මේ වගේ අය ගැන පොලිසියට ගෙනෙන අතරෙම තීරණයක් ගත්තා නම් ඒත් පවු නැහැ" එහෙම වුණා නම් මෙයාට විඳවන්න කාලයක් නැත. මානසිකව විඳවීමට කාලයක් දිය යුතුයි (නි)
මේ වගේ අයට තිරිසන්නු කියන එකත් හොඳ වැඩියි. සද්දේ වහලා කරන්න ඕනෑ හොදම දේ කළාම හරි (නි)
අපේ සමාජය එන්න එන්නම පිරිහෙනවා. ඊට හේතුව පුජ්‍ය පක්ෂය නොයෙකුත් රාජකාරි වල කාර්යබහුල වීමයි. ප්‍රධාන රාජකාරිය අමතක කරලා. මම හිතන්නේ මේවා නීති දාලා හදන්න බැහැ කියලයි. (නි)
ලබන නිදහස් ජයන්තියට අපේ ලංකාවේ පොදු සමාව ලැබෙන බව වර්තමාන මිනීමරුවෝ හොඳට දන්නවා. (නි)
මේ වගේ නරුමයන් එල්ලා මරන්න ඕනෑ කියන තැන මමත් ඉන්නවා. එහෙත් මෙවැනි සිදුවිම් නොකඩවා සිදුවෙන්න බලපාන සමාජ ගැටලුව නොවිසදෙන තාක් මෙවෙනි ක්‍රියාවන් සිදුවීම නතර නොවෙන බව අප සිහිතබා ගත යුතුයි. (නි)
ලංකාවේ පවතින්නෛ් අවනම්බුකාර නීතියක් නිසා මෙවැනි නම්බුකාරයන් විසින් කරන අපරාධවලට නිසි දඩුවම් නීතියෙන් පැනවීමට නොහැකි නිසා මෙවැනි අපරාධයන් ලංකාවේ බහුලව අැසීමට දැකීමට ලැබීම පුදුමයක් නොවනවා සේම මෙවැනි අපරාධකරුවන්සෞදිය වැනි නම්බුකාර නිතී පද්ධතියක් පවතින්නා වු රටකට යවා ඒ නීති පද්ධතිය අනුව දඩුවම් දෙන්නෙ නම් ඒ අසාධාරණයට පත්වු අයටත් අප ශ්‍රී ලංකාවටත් ලබා දෙන්නාවු ගෞරවයක්ම වන්නේය. (නි)
මගේ අදහස අපේ රටේ තරම් ඇමති මණ්ඩලයක් ලොවේ නැත.නමුත් මෙවැනි අපරාධ සිදු නොවන්න කිසිවෙක් වගබලා ගන්නේ නැත .අපේ රටේ මරණ දඩුවම ඉතාමත් ඉක්මනට අවශ්‍ය වී තිබේ. ඒ වගේම කාන්තා දුෂණය දරුවන් දුෂණයට නීති ක්‍රියාත්මක නොවේ.පත්තරයක් ගතහොත් තියෙන්නේ මෙවැනි අපරාධ කිරීම ගැන විස්තරය. අපේ රට එන්න එන්නම යන්නෙම විනාශ මුඛයට වුණත් සීමාව ඉක්මවා විශ්වාස කළ නිසා ජිවිත 5ක් අහිමි වුණා.රත්තපුර පැත්තේ විනාශ දැන් අනෙක් පැති වලට පැතිරිලා.දේශපාලකයෝ ඉන්නකම් අපේ රට අගාධයටමයි යන්නේ. අහෝ දුකකි. (නි)
ථෙරවාදී හෙළ දේශය නෙමෙයි දැන් කියන්න තියෙන්නේ. මිනීමරු දේශය කියලයි. (නි)
ලංකාවේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීමේදී එහි ඇති මානුෂිකත්වයෙන් අපරාධකාරයෝ ප්‍රයෝජන ගන්නවා. ඒ කියන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකර ජීවිතාන්තය දක්වා සිරගතව තබා ගැනීම. කාලයක් ඉඳල එළියට එනවා. අපරාධකාරයන්ට නිසි දඬුවම ක්‍රියාත්මක වෙනවා නම් ඔය වගේ අපරාධ අඩුවේවි. අනික නඩුවට කතාකරන නීතිඥ මහත්වරු. ඕනෑම අපරාධයක් කරලා සල්ලි ටිකක් වියදම් කරන්න පුලුවන් නම් නඩුව ගොඩ. කතාවටත් කියන්නේ "අර ලෝයර් ඇල්ලුවා නම් නඩුව ගොඩ හැබැයි සල්ලි ටිකක් වැඩිපුර වියදම් කරන්න වේවි" කියලා. ඉතින් නීතියේ සාධාරණය කාට කොහොමද? (නි)
ෂා! පොලිසිය නියමයිනේ (නි)
නීතියක් නැතිකම, දේශපාලකයන්ගේ නරක පුර්වාදර්ශ, පාපකාරී දේශපාලකයන්ට දඩුවම් කිරීමට කොන්ද පණ නැතිකම, පන්සල් වල අක්‍රයත්වය, උගතුන්ගේ හා සමජ නායකයන්ගේ උනන්දුවක් නැතිකම මේවට හේතුයි. බලන්න බටහිර රටවල් හා නැගෙනහිර ආසියාතික රටවල් දිහා. අගමැතිට වුණත් දඩුවම එකයි. මේවා අහලා දැකලා දැන් බොහෝ සිංහල බෞද්ධයන්ට බුද්ධාගම එපාවෙලා. පසු ගිය දස වසරට 332 ක් ඕස්ට්‍රේලියාවේ විතරක් වෙනත් ආගමකට ගිහින් තිබෙනවා. ලංකාවේ බුරුතු පිටින් වෙන ආගම් වලට යනවා. මමත් අපේ පවුලේ 18 දෙනෙක් සමග ළඟදීම වෙනත් ආගමකට යන්න කටයුතු සූදානම් කරලයි ඉන්නේ. එය ළඟදීම සිදුවෙයි. අපි දැන් බුද්ධාගම ගැන කළකිරිලයි ඉන්නේ. මෙහෙම ගියොත් වැඩිකල් යන්න පෙර බුද්ධාගමම ඉවරයි. (නි)
මට දැන් මතක නැහැ කිව්වොත්..? (නි)
සිංහල ජාතිය වේගයෙන් ඔවුන් විසින්ම විනාශ කරගෙන කරගෙන යනවා. විනය, දැහැමි ආකල්ප, නිවැරදි මග පෙන්වන්න එක් කෙනෙක්වත් නැහැ. මිනිස්සු අතරමං වෙලා. බුද්ධ ධර්මය වල්වැදිලා, නීතිය බල්ලට ගිහින්. . ඉතාම ළඟදි බුද්ධාගමේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. මුළු ලෝකයේම බුද්ධාගම පිරිහෙන්න විනය නැතිකම තමා ප්‍රධාන හේතුව වෙලා ඇත්තේ. අපේ රට දිහා බැලුවම ඒක හොදින්ම තෙරුම් යනවා. (නි)
බමුණු, නිකන් පණ්ඩිතයෙක් වෙන්න එපා. අනෙක් අයගේ අදහස් විවේචනය කරන්න කලින් තමන්ගේ අදහස කියන්න. (නි)
හරි නම්බුකාර වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
මල්ලි කැමතිද හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න? (නි)
පොඩ්ඩක් ඉවසන්න මල්ලී ,මේ උණුසුම ටිකක් අඩුවෙනකල් (නි)
දන්නා විදියට දේශපාලන හෙංචයියෙක් නොවන නිසා නීතිය අකුරට ක්‍රියාත්මක වේවි.බය වෙන්න දෙයක් නැහැ. (නි)
" මරන්න ඕන තැන මරන්න, ගහන්න ඕන තැන ගහන්න හමුදාවට කියල දීල තියෙන්නේ රටට නීතියට සාමයට වන තර්ජන මැඩලන්න" ඔබ හරියට හරි නමුත් සිවිල් සමාජයට එනවිට තුවක්කුව බාරදීල එනවා වගේ මරන්න ගහන්න කියපුවාත් ආපසු දීල එන්න ඔනී මොකද සිවිල් සමාජයට ඒවා හිතේ තියා ගෙන එන්න බැහැ. සිවිල් සමාජයේ අපි කිපෙන විදිහට අර උගන්නපුවා හිතේ තිබුනොත් ඉතිරි ටික කියන්න ඕනේ නැහැනේ. සංවාදයකදී පොයින්ට් එකට කතා කරන්න පුරුදු වෙන්න පුද්ගලික පහරදීම් වලංගු නැත. (නදී)
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ... (නි)
අනේ මෙහෙමත් පවුකාරයෝ (නි)
පොලිසියට අල්ලන්න බැරි වුණේ ප්‍රගීත් , ලසන්තගේ මිනීමරුවෝ විතරයි. පොලිසිය ඉතා දක්ෂයි (නි)
අලහකෝන්, ඔබගේ ප්‍රාර්ථනාව අගය කරමු. නමුත් සිදුවන්නේ මිනීමරුවා ඇප ලබා විදෙශ ගතවීම නම්. කොටකෙතන උදාහරණයක්. (ස)
බමුණුට බනින කපිල ගැන සොයන්න සිද්ධ වෙනවා. (ස)
මේ පාපතරයා වෙනුවෙන් නඩු කියා මහජන සල්ලි නාස්ති කරන එක පාඩුවක්.අනේ රිමාන්ඩ් එකේ ඉන්න අය මෙයා ගැන තීරණයක් ගනිත්වා කියා ප්‍රාර්ථනා කරමි. (නි)
"කෝ අපේ බල සේනාව"? බල සේනාව මොකටද? බලසේනාවට කරන්න පුළුවන් දේ ඒගොල්ලෝ කරාවි. අනෙක් අය කලබල නොවී ඉන්නකෝ (නි)
මේ වගේ අයට යුධ පුහුණුව ලැබුණ එක තමා වැරදි. නමුත් කරන්න දෙයක් නැහැ (නි)
මෙයාව පොලිසියට බාරගත්ත එක වෑරදියි නේද? මෙයා තිරිසනෙක් නිසා මෙයාව බාර දෙන්න තිබුනේ වනජීවි එකටයි.ඒ මහත්තුරු මෙයාව කැළයකට අරන් ගිහින් හක්ක පටස් කන්න දෙනවනේ.අපරාදේ වල් අලි මැරෙන්නේ. (නි)
"මම හිතන්නේ මේවා නීති දාලා හදන්න බැහැ කියලා" එහෙනම් බණ කියලද හදන්න පුළුවන්. මේගොල්ලන්ගේ ඔලු හිරිකිතයක් නැතුව මිනී මරන්න පුළුවන් විදිහට හෝදලා තිබෙන්නේ කවුද කියලා දන්නවනේ. ඉතින් බණ වලින් කරන්න පුළුවන් දෙයක් නැත. (නි)
"මේ වගේ අයට යුධ පුහුණුව ලැබුණ එක තමා වැරදි". මේ වගේ අය තමයි යුද්දෙට හොද. හැබැයි යුද්ධය අවසන් වෙනකොට මේගොල්ලොත් ඉවර වෙලා තිබෙන්න ඕනෑ. නැත්නම් වෙන්නේ මේ ටික (නි)
ඕනෑ ඔට්ටුවක්. මෙයා ටික කාලෙකින් නිදහස් වෙලා ඇවිල්ලා ඡන්දෙත් ඉල්ලලා, ඡන්දෙන් දිනලා තමා නවතින්නේ.. (නි)
මිනි මරපු මන්නය පෙන්නන එක්කගෙන ගියානම් හරි. (නි)
මල්ලි කැමතිද හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න? (නි)
මොහුට රජකාලේ දඩුවම් දියයුතුයි (නි)
හමුදාවේ අය "පට පට ගාලා වෙඩි" තියලා රතුපස්වල නිරායුධ අසරණ මිනිසුන්ට කළ දේ අපි දැක්කනේ. මිනීමරන්න උපදෙස් දෙන එකත් වරදක්. (නි)
අපේ දේශප්‍රේමී නායකයන්ට නම් මේ වගේ අය ගොඩාක් වටිනවා.විශාල මිළකට මිළදී ගන්නත් බැරි නැහැ.මේක ලංකාවනේ. (නි)
මොහුව ගසක බැඳ ගල් ගහන්න ඕනේ. (ස)
ලුම්බිනිලා බමුණුලා කතා කරන්නේ හමුදාව ගැන තියෙන මොකක්දෝ වෛරෙකින්..හරියට හමුදාවේ ඉන්නේ ඔක්කොම මිනිස්සු මරපු මිනීමරුවෝ වගේ..හමුදාවල් වල එහෙම සංස්කෘතියක් නැහැ.හමුදා විනය ඔරොත්තු නොදෙන එකා පැනල යනවා.යන එකා සමහර විට සතුරෙක් මරන්න තියා යුද බිම පැත්ත පළාතේ නොගිය එකෙක් වෙන්න ඇති.යුද බිමට යන්නේ හමුදා බටයින්ගෙන් යම් ප්‍රතිශතයක් විතරයි..ඔවුනුත් යුද බිමේදී වෙනස් චරිත වුනාට සාමාන්‍ය ජීවිතයේදී අපි වගේ මිනිස්සු...හමුදා විනයට යටත්ව ඉන්න බැරුව හමුදාවෙන් පැන ගිය එව්වන්ගෙනුත් හමුදා විනය යටතේම ඉඳගෙන වැරදි කල සුළු පිරිසකගෙනුත් හමුදාව ගැන මිනුම් දඩු හදල ගුණ මකුවන් වෙන්න එපා..අද අපි හැමෝම මේ රටේ යම් නිදහසක් බුක්ති විදින්නේ ඒ මිනිස්සු දන් දීපු ඇස්, මස්, ලේ, ජීවිත වලට පින් සිද්ධ වෙන්න...හමුදා කදවුරක් පැත්තෙවත් ගිය නැති එව්වෝ තමයි මේ රටේ සිදුවුණු අමානුෂික සමුහ ඝාතන වැඩි හරියකට සම්බන්ධ..බමුණුල ලුම්බිනිල මොළ හෝද ගත්තට කාටවත් හමුදාවේ මොළ හෝදන්නත් බැහැ.. කවුරුවත් හමුදාවල මොළ හෝදලත් නැහැ...හර්ෂ කියල මනුස්සයෙක් බුද්ධාගම මැනල තියෙන මිනුම් දණ්ඩ වගේ තමයි කට්ටියගේ හමුදාව මනින්න අරන් තියෙන මිනුම් දණ්ඩත් ..තමන් ආගම මාරු කරන එකට දීල තියෙන හේතු වලින්ම පේනවා. බුද්දාගම ගැන මෙලෝ හසරක් නොදන්නා සුද්දන්ට කත අදින බඩ හැල කළු සුද්දෙක් වග.. (ස)
මෙවැනි පාපතරයින්ට හිර ගෙදරත් හොඳ වැඩියි. මුළු සමාජයෙන්ම තුරන් කරලා අපායටම යවන්න ඕනෑ. පැය 12 ක් ගතවන්නට පෙරම අපරාධකරුවා අත් අඩංගුවට ගැනීමෙන් පේනවා අපේ පොලිසියේ දක්ෂකම? ඔවුන්ට අපගේ ගෞරවනීය ප්‍රණාමය හිමිවිය යුතුයි. පොලිසියට ස්වාධීනව නීතිය ක්‍රියාත්මක කළහැකි වාතාවරණයක් රටේ ඇතිවෙනවා නම්, දැන් නිදහසේ ඉන්න අනෙක් අපරාධකාරයින් අල්ලන්න පැය 2 ක් වත් ගතවෙන එකක් නැහැ. (නි)
ප්‍රථමයෙන් පොලිසියට මල් මිටක්. අපරාධකරු ඉක්මනින්ම අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කල නිසා. ඉන්පසුව ගන්නා නීතිමය ක්‍රියාදාමය අවුරුදු ගණන් ගතවන එකකි. අපරාධකරුට ඒ අතර ඇප ලැබෙන්නත් පුළුවන්. නිදහස් වෙන්නත් පුළුවන්, බොහෝ කල් ගිහින් දඩුවම් දෙන්නත් පුළුවන්. මේ සියලු දේ වනවිට මිය ගිය අය නැවත ඉපදී සිටින්න පුළුවන්. ඉතා කෙටි කාලයකින් දඩුවම් නියම කිරීමට ක්‍රම වේදයක් තිබේ නම්. තවද දෙන මරණ දඩුවම් ප්‍රසිද්ධ කල යුතු වේ. අපරාධයක් කිරීමට බිය උපදවන වන වටපිටාවක් හැදිය යුතු වේ. (ස)
සමහරු හැමදාම බොදු බලයට බනිමින් ඉන්නවා (නි)
මේ වගේ එවුන්ව වද දීලා මරන්න ඕන. (ස)
කාගෙන බීගෙන ළගින් ආශ්‍රය කරන නරුම යහළුවන්ගෙන් ප්‍රවේශම් වුණා නම් මේ දේ සිදුනොවෙන්නට තිබුණා .5 දෙනෙකුගේ ජීවිතයක වටිනාකම ලක්ෂ දෙකහමාරද නොවැටහේ. අපේ රට මොන පැත්තකද මේ ගමන් කරන්නේ (නි)
හමුදාවෙන් පැනගිය සියළු සෙබළුන් අත්අඩංගුවට ගතයුතුයි (නි)
පව්කාරයෙක්. (ස)
හසලක ගාමිණී හා හසලක ජගත් කුමාරගේ වෙනස බලන්නකෝ..දෙදෙනාම එකම ආකාරයට යුධ පුහුණුව ලැබූ දෙදෙනෙක් නේද? (ස)
පැන ගිය හමුදා භටයෝ කියන්නේ හමුදාව නෙමෙයි. හමුදා පුහුණුව කියන්නේ දකින දකින මිනිහව කපල කොටලා මරන්න දෙන පුහුණුවක් කියලා කට්ටියක් අර්ථ ගන්වන්න හදනවා. හමුදා පුහුණුවක් නොලද එකෙකුට,හමුදාව ගැන එහෙම හිතන එකෙකුට නැත්නම් යථාර්තය දැන දැනම හිතාමතාම හමුදාව අප්‍රසාදයට පත් කරන්න ක්‍රියාත්මක වන එවුන්ට හමුදා පුහුණුවක පරමාර්ථ පැහැදිලි කරවීම නිෂ්පල දෙයක්. එදා ඉදල මේ කොමෙන්ට්ස් වල ඉන්න මම දන්නවා මේ මරණ ගැන ඇත්තට කණගාටු වන අයත් මේ මල මිනී ටික විකුණා ගන්න හදන කට්ටියත්..අරාබි වසන්තයක් කියන්නේ මරණ 60/70 දාහක්..මෙයට වඩා කුරිරු ම්ලේච්ඡ මරණ..එහෙම මල මිනී පතන එව්වෝ තමයි මේ කොමෙන්ට්ස් වලින් මරනෙකට දෙකකට වැඩියෙන්ම අඩා වැටෙන්නේ..අනේ ටිකිරි..අපි නොදන්න ලයිව් .. (නදී)
අර දවස් වල කොයිතරම් හිත හොද හමුදාවේ කොල්ලෝ අපිට නැති උනාද අපරාදේ ඒ කොල්ලෙක් ඉතිරි වෙලා මේ ගල් මූසලය ගියානම් හොදයි. (නදී)
මේ වගේ අයට නීතියෙන් වැඩක් නැහැ. හිරේදීම පාඩමත් ඉගැන්නුවා නම් හරි (නි)
කල්ප ගණනාවක් ගියත් මේ අයට කල අපරාධයට ණය ගෙවන්න බැරි වෙයි.ත්‍රීවීල් ණය කොහොම උණත්. (ස)
බොහොම හොඳ දෙයක් ලංකාදීප කළේ. ඉස්සරහටත් මේ වගේ අයගේ මුහුණු වහන්නේ නැතුව දාන්න ඕනෑ. (නි)
මරණ දඩුවම ලබාදිය යුතුයි (නි)
මේ වගේ මිනිස්සුන්ට මොනවද කියන්නේ කියල හිතාගන්නත් බැ.කොහොම උනත් මෙතරමට ලොකු අපරාධයක් කරන්න හිත හදාගන්න පුළුවන් කියන්නේ ඔයිට වඩා ලොකු දෙයක් උනත් කරන්න බැරිකමක් නැ.ඔය වගේ අය තවත් රටට බරක් නොකර ඉක්මනින් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න බලධාරීන් වග බලාගන්න ඕනේ. (ස)
මිනීමරු මූහුණ... (නි)
මොහු එල්ලන්න බැරි එල්ලුම් ගහ තවත් වැඩක් නැහැ.කරුණාකරලා ඕක ගලවලා කටුගෙට ගෙනල්ලා දාන්න.රණවිරුවෙක් නිසා මෙයා නිදහස් කරන්න (නි)
මෙයා සගවපු ආයුධ හොයන්න ගියා නම්, පොලිසියට එතැනින්ම මේ ගැන තීරණයක් ගන්න තිබුනා. අපරාදේ කාලය සහ මුදල් නාස්ති කිරීම.නේද? (නි)
ෂා මරුනේ! මේ වගේ එක්කෙනෙක්ව තමා මං බලාපොරොත්තු වුණේ වැඩට ගන්න. (නි)
සියලු දෙනා දැනුවත් විය යුතුය. මුදල් පිලිබදව කටයුතු කෙරන විට එය රහසිගතව කල යුතුය.මිනිමරුවට නීතියෙන් සහ ස්වාබවිකවම දඩුවම් ලැබේ . එත් මියෙගිය අයට කල අපරාධයට ණය ගෙවන්න බැරි වෙයි ආත්ම ගණනක් ගියත්.තිරිසනේකුටත් අන්න මිනිහෙක්. (දී)
අපිත් එක්ක ඔබ ආවොත් සළකනවා හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලී... මේවත් මහලොකු වැඩද ?එළියට එන්න ඕනෑද ..මේ කියන්නේ අැත්තයි මල්ලී... (නි)
අපේ ටිකිරි බණ්ඩා මෙයාවත් විකුණන්න හදනවා.පස් දෙනෙක් අමු අමුවේ මරපු මේ කෙනාට මොන නඩුද? දැන් ඉතින් හිරේ ගිහින් මහජන මුදලින් නඩත්තු වේවි.. (නි)
නඩු විභාගයක් නොකර හසලක ප්‍රදේශයේම ජනතාව ඉදිරියට ගෙනවිත් ප්‍රසිද්ධියේ එල්ලා මැරීමේ දඩුවම දෙන්න නොහැකිද? මෙවන් ම්ලේච්ඡ අපරාධ ඉදිරියට සිදුනොවිය යුතුයි (නි)
නොපෙනෙන බලවේග තුල පෙර ආත්මය ලබපු කුසල් අකුසල් මේ ආත්මයේදී පලදිමක්ද .මනුස්‍යකුගේ සිත මෙවැනි පාපතර ක්‍රියාවකට යොමුවෙන්න මග පාදන ක්‍රියාවලිය දෙයියෝ දනී අපි නොදනී (නදී)
කරපු අපරාධය යලි සිහියට නැංවිම සඳහා ප්‍රසිද්ධියේ ටිකෙන් ටික එල්ලා මැරිම සුදුසුයි. මක්නිසාද මෙවැනි මිනීමරුවන් තවත් බිහිවිම නැති කිරිම සඳහාය. (ස)
මේ වගේ අයගේ වටිනාකම තියෙන්නේ මැතිවරණ කාලෙට. නැත්නම් සමහරුන්ගේ ගෙවල් පරීක්ෂා කරන්න වගේ කටයුතු සඳහාත් මේ අයව අපට වටිනවා. ඒ නිසා මේ වගේ තරුණයන් නිදහස් කරගත යුතුය. (නි)
සෞදි ෂරියා නීතියට දොස් කියන මිනිස්සුන්ට දැන් තේරුම් ගන්න පුළුවන් එම රටේ නීතිය ඇයි දරුණු කියා (නි)
මේ වගේ කලකන්නියෝ හිරේට යවල මදි මුන්ට දඩුවම් දෙන්න ඕනේ ප්‍රසිද්දියේ එතකොට අනිත් කලකන්නිත් බය වෙනවා.අනික සල්ලි පස්සෙම පන්නන සමාජයක අපි දැන් ඉන්නේ මනුස්සකම නැති යුගයක .... (දී)
ටෙෂාන් බොහොම හොඳ දෙයක් ලංකාදීප කළේ. ඉස්සරහටත් මේ වගේ අයගේ මුහුණු වහන්නේ නැතුව දාන්න ඕනෑ.බලන්න මල්ලියේ.... මුහුණු ටික වහන්නේ නැතිව දානකම්.
ඔය වගේ හමුදාවෙන් පැනපු අය රට හැමතැනම ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු හමුදාවෙන් පැනපු අය ළංකර නොගත යුතුය (නි)
වික්‍රම, හසලක ගාමිණී හා හසලක ජගත් කුමාරගේ සහ රතුපස්වල අසරණ නිවැරදි මිනිසුන්ට පට පට ගාල වෙඩි තිබ්බ/තියන්න උපදෙස් දුන්න හමුදාවේ මහත්වරුන්ගේ වෙනස බලන්නකෝ..ඔවුන් ඔක්කොම එකම ආකාරයට යුධ පුහුණුව ලැබූ අය නේද? (ස)
කාට කියන්නද මේ අවනඩුව
පාර්ලිමේන්තුවට යාමට තවත් සුදුස්සෙක් බිහි වුණා.අනේ අපොයි රටට ගිය කලක්.අැමතිකමකට නම් ඕනෑවට වඩා සුදුසුකම් මොහු සපුරා ඇත. (නි)
බන්දුල පෙරේරා කව්ද කියන්නේ මේ රටේ නීතියක් තියෙනවා කියල.(දිල්)
ආපොයි දෙවියනේ පස් දෙනෙක් එක වරම මරන්න හිතන්ඩවත් පුලුවන්ද නම්බු කාර වැඩක්ම තමා(නදී)
සමන්- තව තව බාර් වැඩි වේවා! තව තව කසිප්පු අරක්කු පෙරන්න මෙතලින්/ෆොර්මලින් වැඩි වැඩියෙන් ගෙන්වා ගන්න ලැබීව.වැඩි වැඩියෙන් කසිප්පු බොන අය වැඩි වේවා!රට මතට තිතෙන්ම සෞබාග්‍යමත් රටක් වීව. (දී)
තව මොකටද බලන්නේ මෙයාව ඉවරයක් කරන්න. තව හිටියත් ඔහොම තමයි.(නදී)
හා හා නිසාර් එහෙම කථා කරන්න එපා. මේක බෞද්ධ රටක්. සියළු දෙනා ගැන මාෂිකත්වයෙන් බලන රටක්.(නදී)
අනේ කාලේ වනේ වාසේ. මිනිසුන් වියරු වී සිටින සැටි.(නදී)
අපි පව් කළාද ඔය පවුකාර රුව දකින්න... කළ පවු වලට ඕනෑ පණපිටින් පුච්චන්න... විනිසුරුතුමනි කල්නොයවා තීරණේ දෙන්න.... ලිහිලක් එපා එසැණින් මු එල්ලන්න... මං පතනවා තිරිසන් ආත්මෙවත් නොලැබෙන්න.... (නි)
සමාජය තව තවත් නරක වෙනවා ඉස්සරහාට (දී)
අබු ඩාබි පොඩ්ඩා අද වෙන්නැති ලංකාවේ මෙවැනි අය ගැන අහල තියෙන්නේ. නිකන් පව් දෙන්නේ නැතිව යන්න අබු ඩාබි පොඩ්ඩා.(දී)
[බමුණු, නිකන් පණ්ඩිතයෙක් වෙන්න එපා. අනෙක් අයගේ අදහස් විවේචනය කරන්න කලින් තමන්ගේ අදහස කියන්න.] එක තමයි සංවාදය කියන්නේ . ඔබ මාව විවේචනය නොකර ඔබේ අදහස් කියන්න (දී)
යුදයත් සමඟ සිටි සියලුම හමුදා නිලයන් පුනරුත්තාපනය කර නැවත සමාජ ගත කරන්න. (ස)
මිනිමරුවන්ට මරණය මිස වෙන දඩුවමක් ඕනෑ නැහැ. ඒත් ලංකාව කියන රටේ කවදාද මිනිමරුවන්ට කුඩ්ඩන්ට දුෂකයන්ට දඩුවමක් ලැබුනේ ? (නි)
බන්දුල පෙරේරා රතුපස් වලදී වෙඩි තියන්න කීව ගමන් අහිංසක මිනිසුන්ට වෙඩි තිබ්බේ මොලේ හෝදල නිසා. නැති නම් කියන්න තිබුනනේ අනේ මේ නිරායුධ මිනිසුන්ට අපට වෙඩි තියන්න බැහැ කියලා. මෙයා බණ ටෝකින්. (ස)
මානගේ, ඔබ හරි, දැන් කරන්න තියෙන්නේ අධිකරණය මගින් මොහුට බරපතල වැඩ ඇතුව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමකර , ඊට අමතරව පඩි නැතුව හිරගෙදර අළුගෝසු තනතුර කිරීමට නියම කිරීමයි (නි)
ඩුප්ලිකේට් බන්දුල පෙරේරාට, සත්‍යට පුංචි ටිකිරිට අවශ්‍ය මේ රටේ නීතියක් නැති නිසා මේවා වෙනවා කියලත් එවට මේ රජය වගකිව යුතුයි කියලත් පෙන්නන්න...පැය 24ක් යන්න කලින් අපරාදකාරය අල්ලලා තියෙනවා. නීතිය හමුවට ඉදිරිපත් කලාම නීති පද්දතිය තුල උපරිම දඩුවම මොහුට ලැබේවි. අපේ හිත වල තියෙන අවේග වලට හරියන නීති නීති පොත් වල නැහැ..මොන ආණ්ඩුව හිටියත් මොහුට දඩුවම් ලැබෙන්නේ නීතියට අනුව,..අපේ හිත්වලට මදි උනත් නීතිය නීතියට අනුව ක්‍රියාත්මක වන නිසා තමයි මොහු අද අත් අඩංගුවේ ඉන්නේ...මරණ දඩුවම වහාම ක්‍රියාත්මක කලයුතුයි යන මතයේ මම කවදත් ඉන්නවා..මිනී මරණ එකා මිනී මරන්නේ මරණ දඩුවම ගැන හිත හිතා නෙමෙයි..එවෙලෙට එන ආවේගයට..වැඩේ ඉවර උනාට පස්සේ තමයි එල්ලුම් ගහ මතක් වෙන්නේ...මරණ දඩුවමින් මේ වගේ අපරාද වලක්වන්නවත් අඩු කරන්නවත් බැහැ. ඒකෙන් කල හැක්කේ ජීවිතයක වටිනාකම නොදත් එකාගේ ජීවත් වීමේ අයිතිය අවසන් කිරීම පමනයි..අපිට අවශ්‍යත් එපමනයි.(නදී)
[අද අපි හැමෝම මේ රටේ යම් නිදහසක් බුක්ති විදින්නේ ඒ මිනිස්සු දන් දීපු ඇස්, මස්, ලේ, ජීවිත වලට පින් සිද්ධ වෙන්න.] ඔව් ඔව් ඒගොල්ල ත්‍රස්තවාදීන්ට බණ කියලයි රට බේරාගත්තේ. එහෙම නේද බන්දුල පෙරේරා. (ස)
දැන් දැන් සිද්ධ වෙන්නේ කොහොමත් අස්වාභාවික දේවල්ම තමයි. මෙයා නිදහස් වුණොත් තව වටිනා ජිවිත රැසක් මවුබිමට නැති වෙලා යනවා.පළමුව දඬුවම් කළ යුත්තේ රටේ ලොකු අයට. (නි)
හසලක ගමටත් ලැජ්ජයි.(නදී)
ලංකාවේ වෙන්නේ පුදුම අනතුරු , සී.ටී.බී එක විනාශ කරපු දා ඉඳලා බස්වල හරි නඩත්තුවක් නැහැ. විනයක් නැහැ. අද ලංකාවේ වාහන එලවන්නේ බීමතින් , ඒවාට ක්‍රියා මාර්ග නැහැ. (නදී)
අනේ මෙහෙම තව සීයක් හිටියා නම් ලංකාවේ අහිංසක මිනිස්සු ටික ඉවර කරලා දායි නේද? (නදී)
"හසලක ගාමිණී හා හසලක ජගත් කුමාරගේ වෙනස බලන්නකෝ." එක්කෙනෙක් මරාගෙන මරුන අනික මරල පැනල ගීයා. හැබැයි දෙන්නම කරලා තිබෙන්නේ මරණ එක එහෙම නේද? (දී)
මන් නම් කියන්නේ මෙයාව නිය පොත්තේ ඉදන් හිමිහිට ගලව ගලවා මරන්න ඕනේ, තුවක්කු පෙන්නලා නම් වැඩක් නැහැ. (නදී)
හලෝ ජයවර්දන මෙතන ආගම ගැන විස්තර වලින් වැඩක් නැහැ. (නදී)
මුහුණ හදවතේ කැඩපතය. මේ කියමන සනාථ වනවා. මේ මරුමුස් මුහුණ දැක්කත් ඇති මැරිලා වැටෙන්න.කේන්ද්‍රය බලනවට වඩා දේහ ලක්ෂණ වලින් චරිතය කියවන්ට හැකියි. (දී)
මේ මුසලයට ජීවත් වෙන්න නම් ඉඩ තියන්න එපා. විදවලා මැරෙන්න සලස්වන්න.(නදී)
මේවට නඩු විබාග නම් කොහෙත්ම අවශ්‍ය සනැත. මේවගේ අපරාද කරන වරද කරුවන්ට ප්‍රසිද්දියේ දඩුවම් දීමට මහජනතාවට අවසර ලබාදිය යුතුය. (නදී)
මෙවැනි තිරිසන් මිනිසුන් මෙලොවින් තුරන් විය යුතුයි. මනුස්සකම නොදන්නා මේ වගේ මානසික ලෙඩ්ඩු සමග බොන අයත් මෝඩයෝ අපරාදේ මනුස්ස ජිවිත ඔබලාට නිවන් සුව, දැන් වත් එල්ලුම් ගහ ගෙනත් රටේ නිතිය වෙනස් කර හෝ ජනතාව ආරක්ෂා කිරීම රජයේ යුතු කමයි.(නදී)
"මොහුට රජ කාලේ දඩුවම් දිය යුතුයි" අන්න හොඳයි මම පුවක් ගස් දෙකක් දෙන්නම්. ගස් දෙක අදාල බන්දලත් දෙන්නම්. කවුරු හරි මෙයාගේ කකුල් දෙක ගස් දෙකේ බඳින්න. ඊට පසුව අපි ලනු දෙක කපමු. අල්ලගත්ත දවසේ ඉඳන් මෙයට මේ දඬුවම දෙන බව කියන්න ඕනී. මොකද මෙයා ඒ ගැන හිත හිත විඳවන්න ඕනේ. (ස)
ඕව්ත් වැඩද මල්ලි ඕව්ත් වැඩද ඔයිට වැඩිය වැඩකිඩ ගැන දන්නේම නැද්ද (නදී).
මුණ දැක්කම පේනවා හොඳට සලකලා තියන පාට..මුණ නිකන් එම්බාම් කරලා වගේ.(නදී)
ඇයි තවම බලාගෙන ඉන්නේ ආයුධ හංගපු තැනක් හොයන්න එක්ක යන්නේ නැතුව ? (නදී)
දේශපාලනයට පිවිසෙන්න හොඳට සුදුසුකම් තිබෙනවා (නි)
පද්මිණි මුහුණ හදවතේ කැටපතයි කියනවනේ. (ස)
මේ මීහරකට එල්ලුම් ගහ නියම කරන්න.නැත්නම් මේ වගේ අපරාධ තවත් වෙයි. අපේ රට බෞද්ධ රටක් උනත් කරන්න දෙයක් නැහැ. මොකද මේ වගේ ගියොත් තවත් අපරාධ වෙයි... (ස)
ආතතියට ලක්වූණ කෙනෙක් අනන්තය කරා ගිහින්. මේකද විසදුම? වාරිකය සොයාගන්න නොව පෙර ආත්මයේ කළ පව මේ ආත්මයේම එකපාරම වාරිකයකින් ගෙවා ඇත.මනුෂ්‍යයන් විවිධාකාරය, ලෝකය ගෝලාකාරය කියන්නේ කට කහනවට නොවේ (නි)
බන්දුල පෙරේරා මහා පරිමාණයෙන් රෙදි සෝදා වෙලා දෙනු ලැබේ. (නදී)
අනේ මට ලියන්න දෙයක් හිතා ගන්න බැහැ., මේ යකා කොහොමද 5 දෙනෙක් මැරුවේ ....? (නදී)
ආයුධ හංගලා තියෙන්න පුලුවන්. පොලීසියට කියන්න මොහුව අරන් යන්න ඒවා සොයන්න (නි)
අනේ බලධරයිනි, හැකි ඉක්මනින් එල්ලුම්ගහ නැවත ක්‍රියාත්මක කරන්න. මෙවැනි අපරාධ කරුවන්ට දඩුවම් කරන්න. ඔබලාට පාපයක් සිදු නොවේවා මගේ ඉල්ලීම. තවත් අසරණ ජනතාව කොච්චර ඉන්නවද නැවත මෙවැනි දේ සිදු නොවේවා .....? (ස)
දෙව්මිණි,අනේ අපොයි රටට ගිය කලක්!අැමතිකමකට නම් ඕනෑවට වඩා සුදුසුකම් මොහු සපුරා ඇත.නැහැ ඊට ඉහළ තනතුරකට වුණත් සුදුසුකම් සපුරා ඇත (නි)
අපරාධකාරයන්ගේ මුහුණ දාන එක හොදයි.ලෝකෙටම පෙනෙන්න.ශාප වේවා..!!!! (නි)
කරලා තියෙන අපරාදේ......? (නි)
එල්ලා මරන දඩුවම දෙන්න ඕනෑ.පවුකාරයෝ.මොවුන් පොළවටත් බරක්.. (නි)