IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ත්‍රීරෝද රථයක් - කැබ් රථයක් එකිනෙක ගැටී අයෙක් මරුට

(දයාරත්න ඇඹෝගම)

මඩාටුගම පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ කිතුලිහිටියාව පහළ බුලාගල ප්‍රදේශයේදි ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් අද (10) දින එකිනෙක ගැටිමෙන් ත්‍රී රෝද රථයේ රියදුරා මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබු බව මඩාටුගම පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ උඩුගම කොලණිය , කිතුල්හිටියාව පදිංචිව සිටි වඩුගෙදර අමිත් කුමාර ජයසිංහ (29) හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකි.

දඹුල්ල දෙස සිට කැකිරාව දෙසට ගමන් ගත්  ත්‍රිරොද රථය කැකිරාව දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වු කැබ් රථයේ බුලාගල ප්‍රදේශයේදි ගැටිමෙන් මෙම  අනතුර සිදු වි ඇති බව පොලිසිය කියයි.

මෙම අනතුරින් ත්‍රිරොද රථයේ රියදුරු  හා පසුපස ගමන් ගත් අය බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රොහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කළ පසු රියදුරු මිය ගොස් ඇති අතර  තුවාල ලැබු  පසු ගමන්කරු ප්‍රතිකාර ලබමින් සිටිති .

මන්නාරම ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (10) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මේ සම්බන්ධයෙන් මඩාටුගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි

(ඡායාරූප: කාංචන කුමාර ආරියදාස)



අදහස් (0)

ත්‍රීරෝද රථයක් - කැබ් රථයක් එකිනෙක ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site