(යොහාන් භාසුර)
පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් පහත දැමීම පිළිබඳව අවධානය යොමුකර ත්‍රීරෝද රථ ගාස්තු පහත දැමීමට හැකියාව ඇති බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
වර්තමානයේ ලබාදෙන පෙට්‍රල් ලීටර 5 ක කෝටාව ඉහළ දමන්නේ නම් ගාස්තු අඩු කළ හැකි බව කී ධර්මසේකර මහතා රජයෙන් ඒ සඳහා අඛණ්ඩව ඉල්ලීම් කරමින් සිටින බව ද සඳහන් කළේය.
ලීටර පහේ පෙට්‍රල් කෝටාව ප්‍රමාණවත් නොවීම තුළ ත්‍රීරෝද රථ හිමියන්ට වෙනත් පුද්ගලයන්ගෙන් පෙට්‍රල් ඉල්ලාගෙන යෑමට සිදුවී ඇති බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්ධන කෝටාව කිව්වම ඒකෙනුත් සමහරක් පොම්ප කරුවන් ගසාකෑමට පුරුදුව ඉන්නවා මම අද ලීටර් 10.63 ක් ඉන්ධන ලබාගෙන 4358.30 ක් වෙනුවට 4360 ක් ගෙවල ගියා ඇෆ් එකට මැසේජ් එක ලැබුනෙ ලීටර් 12ක් ගත්තා අටක් ඉතිරි කියලා
ගොඩක් අය දැන් ත්‍රී වීල් වල යනවා අඩුයි. මීටර් කියල තිබුනත් ගිනි ගනන්. QR එකට ඉස්සෙල්ලා මේ යක්කු ගෙවල් වල පොඩියට ෂෙඩ් දා ගෙන , දැන් කාල රහ වැටිලා. මොවුන්ට පෙට්‍රල් වැඩියෙන් දෙන්න ඕනේ නැහැ. අයෙත් අපිට පෝලිම් වල තපින්න වෙයි
දිට්ඨ ධම්ම වේදනීය කරුමය...
පහත දාන්න ඔනෙත් නැහැ...ත්‍රීවීලර් ඔනෙත් නැැ...අයෙ ත්‍රීවීලර් වල යන්නෙත් නැහැ..එ කලෙ ඉවරයි...මෙ මිනිස්සුන්ගෙ ශ්‍රමය ජාතික නිශ්පාදනයට ගන්න හොද වැඩ පිලිවෙලක් බලන්න..ත්‍රීරීවීලර් කියන්නෙ මිනිස්සුන්ව නිකම්මු කරන කාලකන්නි වැඩක්. මෙ මිනිස්සුන්ගෙ ශ්‍රමයට හොදට වැටුපක් ගෙවල රටෙ නිශ්පාදන ක්‍රියාවලියට ගන්න. ත්‍රී වීලර් රැකියාව අවුරුදු 45න් එහා අයට නීතිගත කරන්න
සතියට 5ක් මදි? 1 L වලින් 30KM දුවනවානම් සතියට 4L හයර් දුවන්න ගත්තොත් සතියට 120KM ක් අවම හයර් යන්න පුළුවන් 1 KM වලට අඩුම 100ක් ගත්තොත් 120*100 සතියට 12000/= ක් මාසයට 48000/= මාසයකට 6000/= වහනයට, තෙල් වලට 8000ක්, වෙන් කලත් 34000/= අදායම මේ අවම ගණන්. ජොබ් එකක් කරනවට වඩා මේක හොදයි වගේ. මෙයාලට 5 මදිලුනේ සතියට ඒ කියන්නේ මේ අදායම හොයන එක හරිම පහසුඉනේ.